වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




25 යි - 26 යි - 16 යි

25 යි - 26 යි - 16 යි

ජැක්සන් ඇන්තනි නමැති අප රංගන ලෝකයේ පතාක යෝධයා ගැන ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. රංගනයෙන් පමණක් නොව අධ්‍යක්ෂණය පැත්තෙන්ද ඔහු පෑ විස්කම් අපමණයි. නිතර පොතපත කියවමින් දැනුම හොයන ජැකාගේ වාග් පරාසය ද පුළුල්. ඒ හින්දම දැනුමක් ඇතිව කලාවේ නියැලෙණ අතළොස්සට ඔහුව නිතැතින්ම ඇතුළත් වෙනවා. මේ ජැක්සන් චිත්‍රපට ලෝකයට ඇවිත් මේ වසරට හරියටම අවුරුදු විසි පහයි. දන්නවද මේ කාලයටම ජැක්සන් රඟපාලා තියෙන චිත්‍රපට ගණන කීයද කියලා. හරියටම 26. හොඳම නළුවා ඇතුළුව සම්මාන 16 ක් ජැක්සන් සතුයි. තෝරා බේරාගෙන රංගනයේ යෙදෙන ඔහු කලාතුරකින් රටකට බිහිවන කලාකරුවෙක් ලෙසට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ හින්දම කොලිවුඩ් සිනමාවටත් පා තබලා අහවරයි. ළඟදීම ඔහුගේ එහෙ විස්කම් අපට දක්නට ලැබේවි.