වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




මට බැරිද චාල්ස් බ්‍රොන්සන් වෙනුවට බෲස් විලීස් Death wish

චාල්ස් බ්‍රොන්සන් වෙනුවට බෲස් විලීස් Death wish

ලංකාව ඇතුළු ලොවපුරා මාර්තු 02 සිට...
1974 වසරේ හොලිවුඩ් සිනමා ලොව දිග හැරුණු
Death wish නවීන තාක්ෂණයෙන්...
එලී රොත් අධ්‍යක්ෂණයක්

මෙම චිත්‍රපටය එකල විචාරකයන්ගේ දෝෂාරෝපණයට ලක් වූයේ, තමන් විශ්වාස කරන්නා වූ සාධාරණත්වය වෙනුවෙන් යම් පුද්ගලයකු නීතිය අතට ගැනීමට උපකාර කළ බව සහ අපරාධකරුවන්ට අසීමිත ලෙසින් දඬුවම් පැමිණවීමට අනුබලදීම යන චෝදනා සමඟිනි

ශල්‍ය වෛද්‍යවරයකු වන පෝල් කර්සි නගරයේ සිදුවන දරුණු ප්‍රණ්ඩත්වය තම ශල්‍යාගාරයේ සිට අත්විඳීන අතර ඔහුගේ බිරිය සහ දියණිය ද එම ප්‍රචණ්ඩත්වයට හසු වූ අය අතරට එක් වූවන් වෙනවා. එහිදී ඔහුගේ බිරිය මරණයට පත් වන අතර දියණිය ක්‍රෑර අන්දමේ පහරදීමටකට ලක් වන්නීය.

නගරයේ අපරාධ කෙතරම් නම් සිදු වන්නේ දැයි කිව හොත් පොලිසියට එම අපරාධ සියල්ලම සොයා බැලීමට තරම් කාලය ද නොවන බව පෙනේ. වෛද්‍ය පෝල් කර්සි තමාට මෙම තත්ත්වය තවදුරටත් බලා සිටීමට නොහැකි බව තේරුම් ගනියි. ඔහු තනිවම අපරාධකරුවන් සොයා දඬුවම් කිරීමේ තීරණයකට එළඹේ. නගරය පුරා අපරාධ, මැර කල්ලි දිනෙන් දින වර්ධන වෙමින් පවතින අතරේ වෛද්‍ය පෝල් කර්සි ඔවුන් දඩයම් කිරීමේ මෙහෙයුම ආරම්භ කරයි.

මේ වන විට මාධ්‍ය ඔස්සේ පවා ඔහු ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. ඇතැමෙක් නගරය රැකබලා ගන්නා ආරක්ෂකයකු ලෙස ඔහු දෙස බලන විටදී තවත් පිරිසක් ඔහු දරුණු මිනිමරුවකු ලෙසින් හඳුන්වා දෙයි. අසාධ්‍ය රෝගීන් මරණයෙන් ගලවා ගන්නා ශල්‍ය වෛද්‍යවරයකු සේම දරුණු අපරාධකරුවන්ගේ ජීවිත බිලි ගන්නා මිනීමරුවකු ලෙසින්ද ඔහු ජනතාව අතර ජනප්‍රිය වේ. මේ දරුණු අපරාධවලට එරෙහිව ඔහු නැඟි සිටින්නේ ආදරණීය සැමියෙකු සේම ආදරණීය පියෙකු ලෙසිනි.

1974 වසරේ හොලිවුඩ් සිනමා ලොව දිග හැරුණු Death wish නවීන තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය වී මෙලෙස නැවතත් හොලිවුඩ් රිදී තිරයට පැමිණ තිබේ. අද (මාර්තු 02) සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරන Death wish අධ්‍යක්ෂණය අමෙරිකානු අධ්‍යක්ෂ එලී රොත් විසිනි. වෛද්‍ය පෝල් කර්සිගේ චරිතයට පණ පොවන්නේ බෲස් විලීස් විසිනි. වින්සන්ට වින්සන්ට් ඩිනොෆෙරෝ, ඩීන් නෝරිස්, කිම්බර්ලි එලිස්, මයික් ඒප්ස්, එළිසබෙත් ශ්‍යු, කැමිලා මෝරේන් ඇතුලු පිරිසක් මෙහි රංගනයෙන් දායක වී සිටිති. මෙට්‍රෝ ගෝල්ඩිවින් මේයර්, වර්ටිගෝ ෆිල්ම්ස් සහ අන්නාපූර්ණා පික්චර්ස් විසින් මෙය බෙදාහරිනු ලැබේ.

මයිකල් විනර් විසින් අධ්‍යක්ෂණය කර 1974 වසරේ තිරගත කෙරුණු Death wish චිත්‍රපටයට පාදක වූයේ, අමෙරිකානු නවකතාකරුවකු වන බ්‍රයන් ග්‍රාෆීල්ඩ් විසින් එම නමින්ම රචිත කෘතිය යි. චාර්ල්ස් බ්‍රොන්සන්, හෝප් ලන්ග්, වින්සන්ට් ගාර්ඩීනියා, විලියම් රෙඩ්ෆල්ඩ්, ස්ටීවන් කීට්ස් ඇතුලු පිරිසක් එහි රංගනයෙන් දායක විය. පැරාමවුන්ට් පික්චර්ස් සහ කොලොම්බියා පික්චර්ස් විසින් එය බෙදා හරින ලදී.

මෙම චිත්‍රපටය එකල විචාරකයන්ගේ දෝෂාරෝපණයට ලක් වූයේ, තමන් විශ්වාස කරන්නා වූ සාධාරණත්වය වෙනුවෙන් යම් පුද්ගලයකු නීතිය අතට ගැනීමට උපකාර කළ බව සහ අපරාධකරුවන්ට අසීමිත ලෙසින් දඬුවම් පැමිණවීමට අනුබලදීම යන චෝදනා සමගිනි. කෙසේ නමුත් මෙම චිත්‍රපටය වාණිජ අතින් අති සාර්ථක වු චිත්‍රපටයක් බවට පත් වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 3කින් නිෂ්පාදනය වී අමෙරිකානු ඩොලර් මිලියන 22ක ආදායමක් වාර්තා කරමින්. තවද මෙම චිත්‍රපටය එකල අමෙරිකානුවන් වැලඳගත් චිත්‍රපටයක් බවට පත්වීමට ප්‍රධානතම හේතුව වී තිබුණේ, 1970 කාලය අමෙරිකාව තුල අපරාධ රැල්ලක් වර්ධනය වෙමින් පැවති කාලයක් වූ බැවින් එකල විසූ ජනතාව සමඟ එය අනුනාද වීමයි.

මෙයින් පසුව පෝල් කර්සි අපරාධ ලෝකයට එරෙහිව ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න Death Wish II (1982), Death Wish 3 (1985),Death Wish 4: The Crackdown (1987),Death Wish V: The Face of Death (1994) ලෙසින් තවත් චිත්‍රපට හතරක් ඔස්සේ දිග හැරිණි. කෙසේ නමුත් මෙම චිත්‍රපට පෙළටද විචාරකයන්ගේ පැසසුම් ලැබුණු බව නොපෙනේ.