වර්ෂ 2018 ක්වූ  මාර්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




බෙනට්ගේ ‘නෙලා’ ප්‍රදර්ශනයේ

බෙනට්ගේ ‘නෙලා’ ප්‍රදර්ශනයේ

සම්මානනීය සිනමාකරු බෙනට් රත්නායක තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ 'නෙලා' සිනමා සිත්තමේ මංගල දර්ශනය පසුගිය දින කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. බෙනිටෝ ෆෙරෝස් ගල්දෝස් රචනා කළ 'මරියනෙලා' නවකතාව ඇසුරින් ඉන්ද්‍රාණි රත්නසේකර සිංහලයට පරිවර්තනය කළ 'නෙලා' නවකතාව ඇසුරින් බෙනට් රත්නායක මෙම නවතම සිනමාපටය නිර්මාණය කළහ.

අතුල මහවලගේ, සමන්මලී හේවාමාන්න, චරිත් නාගොඩවිතාන, ඩිලාන් ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරි ඇතුළු නිෂ්පාදක මඩුල්ලක් 'නෙලා' නිෂ්පාදනය කළහ. ශලනි තාරකා, උදාර රත්නායක, තරුකා වන්නිආරච්චි, සේමිණි ඉද්දමල්ගොඩ, පාලිත සිල්වා, තුමිඳු දොඩන්තැන්න, රොෂාන් පිලපිටිය, උදාරි පෙරේරා, අනුර ධර්මසිරිවර්ධන චරිත මවයි.

රුවන් කොස්තා 'නෙලා' කැමරා අධ්‍යක්ෂවරයායි. සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්දගෙනි. කසුන් කල්හාර සහ ශ්‍රියා කාරියවසම් ගීත ගායනයෙන් 'නෙලා'ට එක් විය. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න ඇතුළු කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය දින පැවති මංගල දර්ශනයේ විශේෂ අවස්ථායි මේ.