වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




නරක වෙලාවට මෝල් ගහත්...

නරක වෙලාවට මෝල් ගහත්...

මේ කියන්න හදන්නේ කලාකරුවන් දෙදෙනකුට වෙච්ච එක වගේ සිදුවීමක් ගැන. සිද්ධිය එකම නිසා වෙන් වෙන් වශයෙන් නොලියා එකටම මේක ලියන්න හිතුණා. මේ සිදුවීම් දෙකට බොරු තුවක්කු හා වෙඩි බෙහෙත් සම්බන්ධයි. දන්නවනෙ ඉතින් නිර්මාණවල වෙඩි තියාගන්න ඒවට පාවිච්චි කරන්නේ එම උපකරණනෙ. මින් පළමු සිදුවීමට සම්බන්ධ වුණ කෙනා තමයි ක්ලීටස් මෙන්ඩිස්. ආයේ ඉතින් ඔහු ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. ක්ලීටස්ට නම් ඔය බොරු තුවක්කු සහ වෙඩි බෙහෙත් හොඳට හුරුයි. හැබැයි පුතේ ඕවා නම් විශ්වාස කරන්න බැරි දේවල්. වෙලාවකට පුපුරන්න පුළුවන්. තාක්ෂණික දෝෂ නිසා නොපිපිර වෙන්නත් පුළුවන්. ක්ලීටස්ටත් වුණේ ඒ වගේ වැඩක්. එක රෑනේ කුරුල්ලෝ චිත්‍රපටයේ වෙඩි තියාගන්න දර්ශනයකදී තමයි ඒ සිදුවීම වුණේ. කුවක්කුව ටෙස්ට් කරද්දී පත්තු වෙලා නැහැ.

'කෝ දෙන්න බලන්න' කියලා ක්ලීටස් අතට ගත්තට පස්සේ මෙන්න ඩෝං ගාලා ඒක පත්තු වුණාලු. ක්ලීටසුත් උඩ ගිහිල්ලා. අවුලක් නම් වෙලා නැහැ. මේ වගේම දෙයක් වුණු අනෙක් කෙනා තමයි මුතුකුඩ නාට්‍යයේ මුතුකුඩ මැණිකෙට පණ පොවමින් මේ දිනවල ඉමහත් වූ ජනප්‍රියත්වයක් ලබමින් සිටින තිළිණි පෙරේරා. තිළිණිටත් වෙලා තියෙන්නේ මේ වගේම සිද්ධියක්. ඇයටත් තිබුණා එක්තරා දර්ශනයක් බොරු පිස්තෝලයකින් තම සැමියාට වෙඩි තියන. ඒකට ගෙනත් තිබුණු වෙඩි බෙහෙත් ටිකක් පෙඟිලා තිබිලා තියෙන්නේ. ආසාවකටවත් පත්තු වෙලා නැතිලු ඒවා. නමුත් තිළිණි පිස්තෝලය අතට අරගෙන කොකා ගැස්සුවලු. මෙතෙක් වෙලා නිහඬව සිටි තුවක්කුව ඩෝං යන හඬින් පත්තු වෙලා. වෙඩි බෙහෙත් තිළිණිගේ ඇහැටත් විසි වෙලා. වාසනාවට ඇයට මුකුත් හානියක් වෙලා නම් නැතිලු.