වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




සතර අත දැනුණු සුවඳ පද්ම මහිමය

සතර අත දැනුණු සුවඳ පද්ම මහිමය

සුවඳ පද්ම සම්මාන උලෙළේ සොඳුරු දසුන් කිහිපයක්

ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ සංවිධානය කරන ලද මිහිඳු සංස්කෘතික පදනම මඟින් සයවැනි වරටත් පැවැත්වූ සුවඳ පද්ම උපහාර සම්මාන උලෙළ ඔක්තෝබර් මස 29 වැනිදා පස්වරු 3.00 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙවර සුවඳපද්ම සම්මාන උලෙළේ ස්වර්ණ සම්මාන පිදීමේදී කලාකරුවන් හා වෙනත් ක්ෂේත්‍රවල කිහිපදෙනෙකුද සම්මානවලින් පිදුම් ලැබිණි.

ඊට අමතරව තවත් කලාකරුවන් විසිදෙනෙකුටද සුවඳ පද්ම රජිත උපහාර සමඟ මුදල් තෑගි සමඟ උපහාර තිළිණයක් පිරිනැමිණි.

එහිදි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ආචාර්ය එඩ්වින් ආරියදාස යන මහත්වරුන්ට සුවිශේෂී මූල්‍යමය තිළිණයකුත්, සම්මානයත් පිරිනැමිණි.

මහාචාර්ය ජේ. බී. දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු සුවඳ පද්ම උපහාර උලෙළට විශේෂ ආරාධිතයන් ලෙස ආචාර්ය කලාකීර්තී එඩ්වින් ආරියදාස, සුමිත්‍රා පීරිස්, මහාචාර්ය කුසුමා කරුණාරත්න, අනූෂා ගෝකුල ප්‍රනාන්දු ඇතුළු විද්වතුන් සහ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සිදුවිය.