වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ෆාස්ට් ෆියුරියස් හි අවසානයද ?

මේ ෆාස්ට් ෆියුරියස් හි අවසානයද ?

මිශේල් රෝඩ්රිගුස් ෆාස්ට් ෆියුරියස් චිත්‍රපට මාලාවේ සෘජු, දැඩි පෙනුමැති සටන්කාමී කාන්තා චරිතය - ලේටී ට පණ පොවයි. ටයිරීස් ගිබ්සන් - එහි විහිළුකාරයා, රෝමන් පියර්ස් ගේ චරිතය රඟදක්වයි.

ඩ්වේන් ජොන්සන් හෙවත් රොක් එහි හැඩි දැඩි පොලිස් නිලධරයා වන ලුක් හොබ්ස් ගේ චරිතයට පණ පොවයි. මෑතකදී මිෂෙල් (ඇය චිත්‍රපටයේ රඟ දක්වන චරිතය හා සමානවම) දැඩි ප්‍රකාශයක් කර තිබෙනවා.

එනම්, ෆාස්ට් ෆියුරියස් චිත්‍රපට මාලාව කාන්තා චරිතයනට එතරම් වැදගත් කමක් නොදෙන බවත් මීළඟ චිත්‍රපටයේදී එහි වෙනසක් සිදු නොවුවහොත් තමාට චිත්‍රපට මාලාවෙන් ඉවත් වීමට පවා සිදුවිය හැකි බවත් ය. මෙය බරපතළ ප්‍රකාශයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

චිත්‍රපට මාලාවේ මුල සිට පැවති කාන්තා චරිත කිහිපයක්ම ඉන් ඉවත් කිරීමත්, කාන්තා චරිතයනට නිසි වීරත්වය චිත්‍රපටයෙහි ආදේශ නොකිරීමත් මීට හේතු වී ඇති බවයි පැවසෙන්නේ. කොරේ පිටට මරේ ලෙස මේ අතරේ ටයිරීස් ගිබ්සන් සහ ඩ්වේන් ජොන්සන් අතරත් නොමනාපකම් හටගෙන ඇති බව ආරංචියි.

හොලිවුඩ් චිත්‍රපට මාලා ඉතිහාසයේ යෙහෙමින් වැජඹුණු ෆාස්ට් ෆියුරියස් චිත්‍රපට මාලාව ට වසර කිහිපයකට ඉහත එහි ප්‍රධාන චරිතයක් රඟ දැක්වූ පෝල් වෝකර් ද ඔහුගේ හදිසි අභාවය නිසා අහිමි වුණා. මේ ප්‍රශ්න මැද චිත්‍රපට මාලාවේ නිර්මාපකයින්ගේ පියවර කෙසේ වේවි දැයි ප්‍රේක්ෂයන් බලා සිටිනවා.

ටෙසා සිය පළමු මාවල් චිත්‍රපටයේ

මාවල් - තෝර් චිත්‍රපට මාලාවේ Thor: Ragnarok නම් චිත්‍රපටයේ වැල්කයිරී චරිතයට 34 හැවිරිදි නිළියක වන ටෙසා රඟ දක්වනවා. ක්‍රිස් හෙම්ස්වර්ත්, ටොම් හිදල්ස්ටන්, කෙට් බ්ලාන්ෂේ, සහ මාක් රෆලෝ සෙසු චරිත රග දක්වනවා. බලවත් චරිතයක් වන වැල්කයිරී නිල් ඇස් ඇති රන්වන් කෙස් ඇති වීරවරියක් වන අතර මෙය ටෙස් රඟ දක්වන ප්‍රථම මාවල් චරිතයයි.

බිඳ වැටෙන ගොඩනැඟෙන පෙම් කතා

සෙලෙනා ගෝමස් සහ ජස්ටින් බීබර් නැවතත් නිල වශයෙන්ම යහළු වෙලාලු. ඔවුන්ගේ අලුත් වුණු සම්බන්ධතාවය කලින් ලෙස නොවී මෙවර සතුටුදායකව එනම් විවාහයකින් කෙළවර වේවිද කියා සියල්ලන්ම අවධානයෙන් සිටින්නේ.

ජස්ටින් පසුගිය කාලයේ සම්බන්ධතාවය පැවැත්වූයේ තවත් ගායිකාවක වන මිලී සයිරස් සමඟයි. මිලීගේ පැරණි පෙම්වතා ලියම් හෙම්ස්වර්ත්. ජස්ටින්ගේ පැරණි පෙම්වතිය සෙලීනා. මිලී සහ ලියම් ගේ වෙන්වීම බොහොම වේදනාකාරී එකක් වූ බව සැලයි.

එනමුත් පසුගියදා මොවුන් නැවත සම්බන්ධතාවය ආරම්භ කළා. මිලී සහ ලියම් ජස්ටින්ට සෙලීනා ගැන නව බලාපොරොත්තු දී තිබෙන බව කියවෙන්නේ. ඒ අනුව දැන් ජස්ටින් නැවතත් සෙලීනා සමගින් කියලායි වාර්තා වෙන්නේ. පසුගිය කාලයේ සෙලීනාට සිදු කළ වකගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට පසු ජස්ටින් ඇයට ළං වූ බව හොලිවුඩයෙන් වාර්තා වෙනවා.

පසුගිය දිනෙක දෙදෙනා ව්‍යායාම පිණිස බයිසිකල් පදින අයුරුද ඡායාරූප මාධ්‍ය ඔස්සේ පළ කෙරුණා. ඉතින් ඔවුන් දෙදෙනාගේ මිත්‍රයින් මොවුන් දෙදෙනා ගැන යහපත් බලාපොරොත්තු නැවතත් දල්වාගෙන තිබෙන බවයි කියවෙන්නේ.

ලේඩි ගාගා විවාහ ගිවිස ගනියි

ඔබ ලේඩි ගාගාගේ රසිකයකු නම් මෙය සුභාරංචියක් වේවි. මේ වන විට 31 වන වියෙහි පසුවන ලේඩි ගාගා ක්‍රිස්ටියන් කරිනෝ නම් මාධ්‍ය ක්ෂේත්‍රයට අයත් පුද්ගලයෙක් සමඟ විවාහ ගිවිස ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මාස 10 ක සම්බන්ධතාවයකින් පසු ඔවුන් මෙය ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කිරීමට නියමිතයි.

මෙය එක්තරා අන්දමකට අයගේ රසිකයන්ට දුකක්ද උපදවන පුවතක් වනවා. ඒ ඇය මීට කෙටි කලකට ඉහතදී ටේලර් කිනී නම් රංගන ශිල්පියා ද විවාහ කරගැනීමට සිටි නිසයි. ටේලර් මෙම අලුත් පුවතට කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න ගැන ලේඩි ගාගා ගේ රසිකයින් බලා සිටිනවා.

කෙවින් ස්පෙසි හවුස් ඔෆ් කාඩ්ස් වෙතින් ඉවතට !

ඔස්කා සම්මාන ලාභි නළුවකු වන කෙවින් ස්පෙසි ජනප්‍රිය වෘත්තාන්තයක් වන 'හවුස් ඔෆ් කාඩ්ස් සඳහා යොදා ගැනීම 2013 වැනි කාලයක නෙට්ෆ්ලික්ස් වැනි අන්තර්ජාල මාධ්‍ය සිය රූපවාහිනී කතා මාලා සිය ව්‍යාපාරය ගැන කැපවීම පෙන්වන කැපවීම විදහා දක්වන්නක් වූවා. නමුත් මේ වනවිට තත්ත්වය ඉතාම වෙනස් වී ඇති බව සැලයි.

නෙට්ෆ්ලික්ස් පසුගියදා ප්‍රකාශයක් කර තිබුණේ හවුස් ඔෆ් කාඩ්ස් මාලාවේ ප්‍රධාන චරිතය රඟ දක්වන කෙවින් ස්පෙසි සමඟ කතාව ඉදිරියට නොයන බවයි. කතා මාලාව අවසන් නොවන නමුත් ස්පෙසි ඉන් ඉවත් කරන බව පැවසීම හවුස් ඔෆ් කාඩ්ස් හි රසිකයින් ට කම්පනය දන්වන පුවතක් වනු නොඅනුමානයි.