වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

හෙළ සිනමාවට නව ජීවය දුන් සිරිසේන විමලවීර

එදා තිබුණු දකුණු ඉන්දීයානු චිත්‍රපට මුහුණුවරින් මිදී දේශියත්වය රැක ගන්නට චිත්‍රපට නිර්මාණය කරමින් නව ජීවන චිත්‍රාගාරය ස්ථාපිත කර පිටිසර කෙල්ල චිත්‍රපටය නිර්මාණය කළා සේම එදා ඩී. ආර්. නානායක්කාර, එඩී ජූනියර්, පර්ල් වාසුදේවි, හියුගෝ ප්‍රනාන්දු ආදි තවත් නළු නිළියන් ජනාදරයට පත් කරවමින් සිංහල සිනමාවට නව ජීවයක් දුන් සිරිසේන විමලවීරයන් අප කෙසේ අමතක කරන්න ද?

ඉඹුල්ගොඩ අබේසිංහ
ශ්‍රියාණි ජයසිංහ
අලව්ව


එදා අද විකට රජුන්

එදා චිත්‍රපට විකට රජා ලෙස විරුදාවලි ලත් එඩී ජයමාන්න. අද ටෙලියේ විකට රජා ලෙසින් විරුදාවලි ලබන්නේ ප්‍රියන්ත සෙනෙවිරත්න යි.

ආරියදාස පිංදෙණිය
බටවල
පාදුක්ක


සිංහල සිනමාවේ විජිත මල්ලිකා

සිංහල සිනමාවේ සිටි සුරූපි රංගන ශිල්පිනී විජිත මල්ලිකා, සිනමාවත් රසික රසිකාවනුත් හැරගොස් වසර විසිපහකි. 'හඳපාන', 'සූරයා', 'සුදු දුව', 'ස්වීප් ටිකට්' වැනි චිත්‍රපට සිය රංගයෙන් ඔබ කළ ඇය සැමදා අප සිත් තුළ මතකයේ රැඳේ.

අතුල රම්‍යසිරි
පානදුර


දයාරත්න - අමරා ගී රාවය

"මහ රෑ යාමේ - මේ ඇල් හේනේ", "සමකෝණි ත්‍රිකෝණයකි", "උදුම්බරා" ආදි ජනප්‍රිය ගී ගායනා කළ දයාරත්න - අමරා රණතුංග ගී හඬ ඉඳහිට හෝ ඇසෙන විට එයින් ලැබෙන ආස්වාදය, මිහිරියාව කෙතරම් දැයි කිව නොහැකිය. අද එවැනි හරවත් ගී නිර්මාණය නොවීම කනගාටුවකි. තවත් දිගු කලක් ඔබ දෙපොලට කලා ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට වරම් ලැබේවායි පතමි.

කල්‍යාණ ජයනෙත්ති
මැටරඹ
උණවටුන


මතකයේ රැඳී නළුවන්

එදා රිදී තිරයේ ඉතා සාර්ථක ලෙස දුෂ්ට චරිතවලට පණ පෙවූ ලැඩී රණසිංහ සහ මාර්ක් සමරනායක වැනි නළුවන් මතකයෙන් බැහැර නොවේ.

සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල
කොටුගොඩ


සියත සමඟ ක්‍රිකට් අපූරුයි

ඉරිදා පෙරවරුවේ විකාශය කළ 'සියත සමඟ ක්‍රිකට්' වැඩසටහන අපූරුයි. ජනප්‍රිය ගායකයකු වූ සුනිල් පෙරේරා සමඟ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු තෙරතුරු සාකච්ඡා කිරීම සහ ගීත ගායනා කිරීමෙන් අප කුල්මත් වුණෙමු. පැරණි ජිප්සීස් කණ්ඩායමේ ගීත යළි ආවර්ජනා කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගි කරවීම පිළිබඳ සියතට තුති.

දිනේෂ් ගුණසේකර
නූපේ
මාතර


ලටපට නැති කතාව

දිනපතා ස්වාධීන රූපවාහිනියෙන් විකශෙය කෙරෙන 'මිල්ලෑව වලව්ව' ටෙලි නිර්මාණයේ කතාව පැහැදිලියි. එහි පිටස්තර ලටපට දේ ඇතුළත් නොකර කතාව පමණක් දිග හැරීම අපගේ සිතට සතුටකි. අධ්‍යක්ෂවරයාය අපගේ ප්‍රණාමය.

තිලකරත්න විල්වල
මැණිකේ විල්වල
තටාකය පාර
කෑගල්ල


සිනමාවේ උසම නළුවා

බැසිල් ද සේරම් අප හැර ගියත් රසික අපට ඔබ අමතක නැත. සිංහල සිනමාවේ උසම නළුවා ලෙසින් විරුදාවලි ලත් ඔබ 'වන රජා', 'චණ්ඩි ශ්‍යාමා', 'අබිරහස' වැනි සිනමා නිර්මාණවල කළ රංගනයන් අගනේය. එදා ඔබ පිළියන්දල සීදේවි සිනමා ශාලාවේ කළමනාකරු වී සිටින විට මා එහි බැනර් සිතුවම් ඇන්ඳා අමතක නොවේ.

ඊ. දයානන්ද ද සිල්වා
සීනිගම
හික්කඩුව


ආශාට සහ සාරංගට

'අළු බඳුන' ටෙලි සිතුවම නැවත විකාශය කිරීම ගැන අපගේ සතුට. එහි සෑම රූප රාමුවක්ම තාත්වික බව කිව යුතුයි. ආශා සහ සාරංග එහි කළ රංගනයන් සේම ගොඩනඟා ගත් ප්‍රතිරූපයන් උසස්. ඔබ දෙදෙනා ගොඩනඟාගත් එම ප්‍රතිරූප ඉදිරියටත් ආරක්ෂාකර ගන්නා ලෙසි ආදරයෙන් ඉල්ලා සිටිමි.

එස්. ඒ. ප්‍රේමලතා
රුක්ගහතොටුපල
බණ්ඩාරගම


මීනා ප්‍රසාදිනිට සුබ පැතුම්

ජනප්‍රිය ගායිකා මීනා ප්‍රසාදිනි ඔබඇරඹූ යුග දිවිය සදාකාලික ආදරණීය යුග දිවියක්ම වේවා. ජේසු පිහිටින් ඔබේ යුග දිවිය සේම අනාගත කලා දිවියද සාර්ථක වේවා යි පතමි.

සුසිලා පතිරාජ
පුබුදුගම
උස්වැටකෙයියාව


අනුෂ්කා මැදිවකට ආරාධනා

අම්මේ මට සමාවෙන්න, සංඛපාලි වැනි 80 දශකයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ රූමත් නිළියක වූ අනුෂ්කා මැදිවක එකල රසික ප්‍රසාදයට පත් වූ දක්ෂ කලාකාරිනියකි. වසර ගණනාවකින් ඇයගේ රංගනයක් රිදී තිරයෙන් හෝ පුංචි තිරයේ දකින්නට නොලැබීම දුකකි. නිහඬ බව බිඳ නැවතත් රංගනයෙන් අප අතරට එන්න ඔබට ආරාධනා.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර
පස්යාල


වෙළෙඳ සේවයේ සොඳුරු මතකය ආරියසිරි විතානගේ

වසර ගණනාවක් ස්වාධීන රූපවාහිනියේ මධුරසාංග තුළින් අපගේ ආලින්දයට පැමිණි ඔබ වෙළෙඳ සේවයේ වෙළෙඳ වැඩසටහන් තුළින් රස මිහිර බෙදු අයුරු සුන්දර මතකයකි. එදා ගුවන්විදුලියෙන් සිංහල අවුරුද්දට මුළු රටටම නිවැරදි නැකැත් වෙලාව පැවසුවේ ඔබයි. නමුත් දැන් ඔබ නිහඬ වී ඇත. නැවතත් සුපුරුදු හඬින් අප අතරට එන්න.

එස්. ජේ ලයනල්
වරකාගොඩ
මොදරවාන


නව පරපුරේ දර්ශන ප්‍රමෝද්

නව පුරපුරෙන් මතුව ආ දක්ෂ ගායන ශිල්පීන් අතළොස්ස අතර දර්ශන ප්‍රමෝද් දක්ෂ ගායන ශිල්පියෙකි. සංගීත විෂය පිළිබඳ නිවැරදි දැනුමකින් යුතුව ක්ෂේත්‍රයට පිවිස දිගු ගමනක් යා හැකි ශිල්පියකු බව ඔබ ප්‍රකට කර ඇත. අනාගතයේදී සිංහල සංගීත ක්ෂේත්‍රයට උසස් මෙහෙවරක් ඔබ විසින් කරනු ඇතැයි අපේක්ෂා කරමි.

අනුර කුලවර්ධන
රදාවාන


පුෂ්පරාණි ආරියරත්න මතකය

"පෙම් හදවත පාරවා", "බැඳීලා ප්‍රේම බැම්මේ", "අක්කේ ටිකක් ඉන්න කෝ", "කැලණි ගඟෙන් නාලා" වැනි ගීත ගායනා කළ අපෙන් සමුගෙන දහසය වසරක් සපිරෙන මෙම මෙහොතේ ඔබ ගැයු ගීත සේම ඔබ රුව ද මතකයට නැගේ.

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොළොන්නරුව


වසන්ති ඔබට ප්‍රණාමය

ස්වාධීන රූපවාහිනි සේවයේ ඔබේ නිෂ්පාදනයෙන් එළිදකින 'සොඳුරු දඩයක්කාරයා' ටෙලි නාට්‍යය අපගේ සිත් ගත් ටෙලි නාට්‍යයකි. වසන්ති චතුරාණි ඔබට අපේ ප්‍රණාමය.

ඩබ්ලිව්. කේ. මොහාන්
මහවැලි සී කලාපය


ඇගයිය යුතු ගායකයා

දශක ගණනාවක් මුළුල්ලේ එක සේ ජනප්‍රියත්වය රඳවා ගෙන වෙනස් මාදිලියේ රස විඳීය හැකි ගීත ගණනාවක් ගැයූ ගායන ශිල්පියකු ලෙස ක්‍රිස්ටෝපර් පෝල් විශේෂ වේ. සැබැවින්ම ඔහු ඇගයීමට ලක් විය යුතු ගායකයෙකි. ඔහුට ඉදිරියටත් ගායන ලොව වැජඹෙන්න වරම් ලැබේවා.

නිමල් කුලසේකර
අඟුලාන පාර
මොරටුව


රසාස්වාදය ගෙන එන ගී එකතුව

වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වූ මතකයේ රැඳුන ගී වෙනුවට දැන් ප්‍රචාරය කෙරෙන ඩ්ඪඵ ථචඵබඥප'ඵ මධඪජඥ ජඩචපබ ඵඩධඹ වැඩසටහනෙන් අප මහත් රසාස්වාදයක් ලබන බව පවසමු. මන්ද අප බොහෝ කලකින් නොඇසූ ගීත එයින් ප්‍රචාරය කිරීම එයට හේතුවයි. ඉතාම ගැඹුරු හඬින් එය මෙහෙය වන නිවේදක සල්පිටිකෝරාල ගෙන් වැඩසටහනට ලැබෙන ආලෝකය ඉහළයි.

අජිත් ජෝතිය කරසිංහ
මත්තේගොඩ


වටිනා සිනමාහල් නැවතත්

ජූලි කලබලයේදී විනාශ කළ කොළඹ නගරයේ පැවති වටිනාම සිනමාහල් සහ අනෙකුත් ප්‍රදේශවල තිබූ ජනප්‍රිය සිනමාශාලා නැවත ඉදිකිරීම අගනේය. සිනමාස් සමාගමේ සෑම නිර්මාණයක්ම මංගල දර්ශනය පැවැත් වූ වැල්ලවත්ත සෆායර් සිනමාහල නැවත ඉදිකිරීම රසික අපට කරන සහනයකි.

කේ. ඩී. කරුණාරත්න
නැදිමාල
දෙහිවල


ගී අඹරට පෑයු තාරකාවිය ඔබයි අමිලා

සිරස සුපර් ස්ටාර්හි ගැයූ ගීත අසාලා
ගමින් ආපු ඔබ හඬ දෙසවන් පිනාලා
ගැයූ ගීත අප හදවත් මතකයේ තබාලා
ගී අඹරට පෑයු තාරකාවිය ඔබයි අමිලා

පුරා සඳක් වගේ දිළෙන මුහුණ ඔපය වීලා
රඟන්නටද හරි දක්ෂයි ටෙලි නාට්‍ය මාලා
කිරිල්ලියක් වගේ ඇවිත් දස්කම් පාලා
හිතුවක්කාර මනමාලිට ගැයුවා රස කරලා

මහජන සම්මානය ඔබහට නිරතුරු ලැබිලා
ඉදිරියටම ආවා ගීතයේ රසය සොයලා
රටින් එතෙර ගයන්නටත් වාසනාව ලැබිලා
අපේ රටට ආඩම්බරයකි ඔබ නම තබලා

සුනිල් බී. වේහැල්ල
ගෝනපොල