|
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....කූඹියන්ගේ මහ මොළකරු ලක්මාල් ධර්මරත්න කියයි
කූඹියෝ ටෙලි නාට්‍යය ගැන මා ඔබට අමුතුවෙන් මෙහි ලියා තැබිය යුතු නැත. මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ අංක එකේ සති අන්තයේ ටෙලිවිෂන් බලාපොරොත්තුවක් බවට කූඹියෝ ටෙලි නාට්‍ය පත්ව ඇත. ජෙහාන් ප්‍රනාන්දු සහ ප්‍රියන්ත මහඋල්පතගම එක පසෙකනුත් ඔස්ටින් හා ටිරාන් තව පසෙකනුත් හිරුණි තවත් පසෙකනුත් කූඹියෝ දිගට ගෙනයයි. ඊට අමතරව මතුවන සිද්දි හා චරිත රාශියකි. ඒ කෙසේ වුවද කූඹියෝ පසුගිය සති කිහිපය තුළ ප්‍රකට කළ විශේෂිතා රාශියකි. එනම් සාමාන්‍ය ලංකාවේ රූපවාහිණි නාලිකා තුල සතිඅන්ත ටෙලි නාට්‍ය විකාශන කාල සීමාව තුල මින් පෙර නොදක්නා ලද නිරාවරණය වීමක්, කතා බහක් ‘කූඹියෝ’ විසින් සිද්ධ කළේය. නමුත් සුවිශේෂම කාරණය වන්නේ කූඹියෝ විසින් අත් පත් කරගන්නා ලද සමාජ ජාල අවකාශය කිසිසේත්ම සුළුපටු එකක් නොවීමයි. මෑත කාලයේ නාළිකාවන් අතර සම්මාන බෙදා දීමේ උත්සව වලට ජනප්‍රිය නාට්‍යය තෝරාපත් කළද ඒ නිර්ණායක වලට හසුවීම ගැන සිතා ගැනීමටවත් නොහැකි තරමට කූඹියෝ අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්ත වී ඇත. යූ ටියුබ් ජාලයේ සබැඳීයක් මඟින් නාට්‍ය බලද්දී ඒ ගැන කතා බහ නිතරම ඇති වන්නේ ෆේස්බුක් ජාලය හරහාය. නිල වශයෙන් කූඹියෝ වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් පැවතුණද තම තමන්ගේ කතා බහ වෙනුවෙන් අනන්තවත් අනුකාරක පිටු ෆේස්බුක් ජාලයේ බිහි කර ඇත. ඊට බොහෝ අය පුද්ගලික ෆේස්බුක් ගිණුම්ද දායක කරගන්නේ ඉතා කැමැත්තෙනි. ඊට දායක වන්නන් කූඹියෝ නාට්‍යයේ ඇති ගුණ පමණක් විචාරන්නේ නැත. ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන්නක් සිදු නොවන විට ඔවුන් පවසන්නේ නාට්‍යයේ රිද්මය බිඳ වැටී ඇති බවකි. නමුත් එළඹෙන සතියේ වන සිදුවීමකින් මේ පිරිස යළි අමන්දානන්දයට පත්වේ. බොහෝ දෙනාගේ බලාපොරොත්තුව එළඹෙන සතියේ කිනම් සිදුවීමක් කිනම් චරිතයක් මතුවී තමන්ව ත්‍රාසයට ලක් කරාවිද යනුවෙනි. නමුත් මෙහි චරිතවල ඇති ගැඹුර ගැනද විටින් විට මතවාද මතු නොවනවාම නොවෙයි. ඒ කෙසේ වුවද කූඹියෝ නාට්‍ය මෙන්ම මේ සමාජ ජාලා කවය මේ මොහොතේ කරමින් ඉන්නේ ඉතා සාධනීය ක්‍රියාවකි. මන්ද දුර්වල අන්තර්ගතයක් ඇති කිසිවක් මේ අන්තර්ජාල කවය තුළ ජනප්‍රිය කළ නොහැකි නිසාය. එහෙයින් මමද නාට්‍යයේ අන්තර්ගතය ගැන විශේෂ යමක් මෙහි නොලියමි. කූඹියෝ ඇත්තේ ඔබේ ජංගම දුරකතනයේය. ලක්මාල් ධර්මරත්න මෙහි මහා මොළකරුවාය. ඔහුගේ නිර්මාණ සහචරයා දමිත චන්ද්‍රසිරිය. ලක්මාල් වෘත්තියෙන් වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්නෙකි. කූඹියෝ ගැන ඔහුට අදහස එන්නේ මීට වසර ගණනාවකට කලින්ය. නාට්‍යය නිර්මාණය කොට අවසන් කරද්දී ඒ 2014 වසර විය. නමුත් ඔහුට මේ අන්තර්ගතය රූපවාහිනියට ගෙන එන්නට තවත් වසර 3ක් ගත විය. අවසානයේ ස්වාධීන රූපවාහිනියෙන් සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8 වේලාව ඔවුන් සඳහා වෙන් වුණි. අප ලක්මාල් සම්බන්ධ කර ගත්තේ මේ සම්බන්ධයෙන් විමසීමක් කළ යුතුම නිසාය. නාට්‍යයේ අන්තර්ගතය වෙනුවෙන් ඔහුගේ වෙහෙසීම කෙබඳු එකක් දැයි ඇසුවේ මේ පසුපස ඔහුගේ භූමිකාව මතු කරගැනීම කළ යුතු නිසාය. * ඔබට ෆේස්බුක් එකෙන් ගැලවීමක් නැති බවයි පෙනෙන්නේ. ප්‍රතිචාර වැඩිවීමත් පුද්ගලික ගිණුම පවත්වාගෙන යාමට බාධාවක්නේ? ඇත්තෙන්ම එහෙම බාධා ඇතිවෙන වෙලාවල් ඕනෑ තරම් තියෙනවා. හැම සතියක් අවසානයේ ලැබෙන ප්‍රතිචාර වලින් මගේ ෆේස්බුක් ගිණුම පිරෙනවා. එහෙම වෙන වෙලාවල් වලට වෙනත් දෙයක් ගැන මගේ ගිණුමේ නැති තරම්. ඒවා ඔක්කොම යටපත් වෙනවා. හැම තැනින්ම මාව ටැග් වෙලා. මගේ බිරිඳටත් වෙලාවකට කේන්ති යනවා මේ විදිහට ගිණුම තිබීම ගැන. නාට්‍යයේ චරිත වලටත් කට්ටිය ෆේස්බුක් ගිණුම් හදලා. තවත් පිටු ගොඩක් තියෙනවා. ඒත් අපේ ‘කූඹියෝ’ ෆේස්බුක් පිටුව තමයි නිල පිටුව. * ඔබ බොහෝ තැන්වල පැවසූ විදිහට කූඹියෝ පෙන්වගන්න ඔබ ලොකු ගැහැටක් වින්දා? ඔව්. අපි මේ නාට්‍යය ඉවර කළේ 2014 අවුරුද්දේ. ඊට පස්සේ අපිට එන අභියෝගය තමයි මේක පෙන්වගන්නේ කොහෙද කියන එක. අපි මුලින්ම ගියේ ජාතික රූපවාහිණියට. ඒකටත් මට විශේෂ හේතුවක් තිබුණා. මොකද අපි පොඩි කාලේ දැක්ක හොඳම නාට්‍යය විකාශය වුණේ ජාතික රූපවාහිනියේ. ඒ නිසා ඒ කීර්තිනාමය රූපවාහිනියෙන් ගිහින් නැහැ. රූපවාහිනියෙන් මේ නාට්‍ය භාරගත්තා. නමුත් ඊට අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. ඒ නිසා මට සිද්ධ වුණා වෙනත් නාළිකාවන්ට යොමු වෙන්න. ඔවුන් මේක එක එල්ලේම ප්‍රතික්ෂේප කළා. හරයක් නැහැ කියලා. එක නාලිකාවක් මට කිව්වා මේකෙන් මම අපරාද ප්‍රවර්ධනය කරනවා කියලා. ඒ වෙලාවේ මම ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන කියලා එළියට ආවා. * ඊට පස්සේ ඔබට යන්න වෙන්නේ ස්වාධීන රූපවාහිනියට? ස්වාධීන රූපවාහිණිය අපට යන්න වෙන්නේ ඉතාමත් ක්ෂණික පියවරක් විදිහට. මේ වසරේ තමයි විමල් කැටිපෙආරච්චි මහත්මයා ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස වැඩ භාර ගත්තේ. නාට්‍ය ගැන අහල තිබුන නිසා ඔහු ඒ ගැන හොයල බලලා තිබුණා. ඔහු කෙලින්ම කැමති වුණා නාට්‍ය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරන්න. ඒ අනුව තමයි නාට්‍ය ස්වාධීන රූපවාහිනියට එන්නේ. * අද ටෙලි නාට්‍ය කර්මාන්තයේ නාට්‍යකට ගෙවීමට නියමිත මුදල ඉතාම පහළ අගයක තිබෙන්නේ. ඔබේ නාට්‍යයට ඒ තත්වය බලපෑවේ නැතිද? ඒ ගෙවන අගය ගැන අපිට විශාල ප්‍රශ්න තිබුණා මුල සිටම. අපි හිටියේ නාට්‍යය පෙන්වගන්නවත් බැරි වටපිටාවකනේ. අනික අපි සැලකිය යුතු ලොකු මුදලක් මේ වෙනුවෙන් වියදම් කරලා ඉවරයි. අනෙක් නාට්‍යවලට වඩා ලොකු මුදලක් කූඹියෝ වෙනුවෙන් ගෙවනවා. නමුත් කළ වියදමට සාපේක්ෂව පොඩි පාඩුවකුත් තිබෙනවා. * ඔබ මේ නාටකය හදන්නෙම අප බොහෝ විට රූපවාහනියෙන් දකින බටහිර මාලා නාටක ක්‍රමයට. පැයක විකාශන කාලයක් වෙනුවෙන්. ඔව්. මේ අත්දැකීම ලංකාවේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට එතරම් හුරු පුරුදු දෙයක් නෙවෙයි. ඉතින් අපිට හිතුණා මේ දේ කොහොමහරි රූපවාහිනියට ගේන්න. ඒ අනුව අපි මේක පිටපතේ ඉඳන් සැලසුම් කළේ එක කොටසක් පැයක කාලයකට. * නමුත් ඒ දේ සිද්ද වුණේ නැහැ. ඒ නිසාම ඇතැම් කොටස්වල රිද්මය බිඳී ගියා නේද? නාළිකාව කැමති වුණේ නැහැ පැයක කොටසක් වෙනුවෙන්. ඒ වෙනුවට පැය භාගයේ කොටස් දෙකක් සති අන්තයේ ලබා දුන්නා එකම වේලාවක. මේකෙත් පැති දෙකක් තියෙනවා. අපි කැමති වෙන්නේ නැහැ පැයකට හදපු කොටසක් දෙකට කඩන්න. එතැනදී අපිට සිද්ධ වුණා යම් යම් පොඩි සංස්කරණයන් ඒ කොටස්වලට සිද්ධ කරන්න. නාළිකාව පැත්තෙන් බැලුවොත් ඔවුන්ට සිද්ධ වෙනවා අහිමි වන අමතර පැය භාගය වෙනුවෙන් වැඩසටහන් යළි පෙළගස්සන්න. පැය භාගෙක වැඩසටහන් වෙනුවෙන් පුරුදු වෙලා හිටිය ප්‍රේක්ෂකාගාරයක් ඉන්න තැනක එහෙම ලොකු වෙනස්කම් කලොත් එතන නාළිකාවට බලපෑමක් ඇතිවෙනවා වැඩසටහන් පෙලගැස්මත් එක්ක. ඒ නිසා හැම සාධකයක්ම බලන්න වෙනවා විකාශය කරද්දී. * කූඹියෝ කියන්නේ ඉතාම සරළ නමක්. කොහෙන්ද මේ නම ඔබ ගත්තේ? මොකක්ද පසුබිම? පිටපත ලියපු දමිතයි මමයි වතාවක කල්පනා කළා මේ නාට්‍යයේ චරිත වල ප්‍රතිවිරුද්ධ අර්ථ ඉස්මතු කිරීම සඳහා දෙයක් කළ යුතුයි කියලා. අපි ඒ සඳහා ළමා ගීත තෝරාගනිමු කියලා එකඟත්වයකට ආවා. එතැනදී මට මතක් වෙච්ච මුල්ම ළමා ගීතය තමයි ‘පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ’ කියන ගීතය. අන්න එතනින් තමයි මේ කූඹියෝ කියන නම ගත්තේ. * කෙසේ වෙතත් නාට්‍යයට ලැබුණ ශ්‍රේණිගත කිරීම විශිෂ්ට එකක් නේද? ඔව්. ස්වාධීන රූපවාහිනියෙන් නාට්‍යය සලකා බලන කාලයේදී ස්වාධීන, අනන්‍යතාවය හෙළි නොකළ පරීක්ෂක මණ්ඩලයක් හරහා නාට්‍යය පරික්ෂා කළා. මුලදී අපට ඔවුන් දුන්නා ඒ+ අති විශිෂ්ට වර්ගීකරණයක්. පසුව නාට්‍යයේ ඇති යම් සෘණාත්මක පැති සලකලා ඒ වර්ගීකරණයක් නැත්නම් විශිෂ්ට වර්ගීකරණයක් ලබා දුන්නා. * මම හිතන විදිහට මේ දිනවල අන්තර්ජාලයේ ඉන්න ජනප්‍රියම පුද්ගලයා තමයි ‘ජෙහාන් ප්‍රනාන්දු’ කියන්නේ. ඒ තුමිඳු දොඩන්තැන්න. ඔව්. ඒ අපේ ප්‍රධාන චරිතය. තුමිඳු ව මේ චරිතයට ගේනවා කියන්නෙම ලොකු අභියෝගයක්. මොකද තුමිඳු කියන්නේ මෙතුවක් කල් මේ වගේ කළු චරිතයකින් මතු වුණු කෙනෙක් නෙවෙයි. අපි ඔහුව දැක්කේ ශාන්ත දාන්ත හිටි ගමන් හාමුදුරුවෝ කෙනෙක්ගේ චරිතයක් කරන තැන්පත් නළුවෙක් හැටියට. නමුත් ජෙහාන් ප්‍රනාන්දු කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. නළුවෙක් බොහෝ විට මේ වගේ කළු චරිත භාර ගන්නේ නැහැ ප්‍රතිරූපයට අභියෝගයක් නිසා. නමුත් තුමිඳු මේ අභියෝගය භාර ගත්තා. අනික තුමිඳු ලෙහෙසියෙන් විවෘත වන පුද්ගලයෙකුත් නෙවෙයි. එහෙම බලද්දී ඔහු ඉතාම සාර්ථකයි. අනික මේ චරිතය අපි කවුරුවත් පාදක කොට ගෙන ලියපු එකක් නෙවෙයි. අපි ඒක ක්රමක්ක්රමයෙන් ගොඩනගපු චරිතයක්. ඔහු වැඩ කරන්නේ ඉතාම සියුම් විදිහට. ඕනෑම බලවත් යැයි කියන චරිතයක සියුම් දුර්වල තැන් කිහිපයක් තිබෙන්න පුළුවන්. ඒවා තමන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීම තමයි ජෙහාන් කරන්නේ. හොඳම උදාහරණය ධර්මප්‍රිය ඩයස් කරපු පද්මකුමාර කස්තුරි කියන පත්තරකාරයාගේ චරිතයට ජෙහාන් මොකක්ද කළේ කියන එක. * හොඳයි. සුඛෝපොබෝගී මෝටර් රථයක් කොල්ල කෑමට යොදාගත් දර්ශන පෙළ විශාල ලෙස කතා බහ වුණා අන්තර්ජාලයේ... ඇත්තටම මුලදී මම හිතුවේ නැහැ මේ වගේ දර්ශන අපේ ප්‍රේක්ෂකයා කොහොම භාර ගනීද කියලා. අනික අපි පෙන්නුවේ ඒකෙ සම්පූර්ණ දර්ශනය නෙවෙයි. අපි ඒක සංස්කරණය කළා. අපිට එහෙම කරන්න හේතුවක් තිබුණා. මොකද ලංකාවේ ටෙලි නාට්‍ය ඇතුළේ විස්තරයක් කියවීම කියන එක තිබුණේ පහත් අඩියක. එහෙම දේකට ලංකාවේ ප්‍රේක්ෂකයා හුරු වෙලා හිටියේ නැහැ. ඒ නිසා මම ඒ දේවල් බරපතල ලෙස තැකුවේ නැහැ. නමුත් ඒ දර්ශනයෙන් පස්සේ ආපු ප්‍රතිචාරයෙන් මම තේරුම් ගත්තා මම හිතපු දේ වැරදියි කියලා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට පුළුවන් වඩාත් ගැඹුරට දර්ශනයක විස්තරය කියවගන්න. * කෙසේවෙතත් ඔබට හම්බවුණා අපූරූ නිෂ්පාදකයෙක් කූඹියෝ නිෂ්පාදනය කරන්න. ඔව්. අසංක දොඩන්තැන්න කියන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෘත්තිකයෙක්. මීට කලින් ඔහු නිෂ්පාදක කටයුත්තක දී නැති වුනත් ඔහු බය නැතුව මෙයට ආයෝජනය කළා. නාට්‍යය දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙද්දී මම මානසිකව වැටුණා. නමුත් අසංක නෙවෙයි කලබල වුණේ. ඔහු මාව දිරිමත් කළා. සාමාන්‍යයෙන් නිෂ්පාදකවරු බලන් ඉන්නේ සියල්ල අධ්යක්ෂ කරලා දෙනකන්. නමුත් අසංක කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ නිසා ඒක මට සෑහෙන්න පහසුවක් වුණා. දැන් මෙල්බර්න්වල ඔහු ජනප්‍රිය චරිතයක්. * සේනක ටයිටස් මහත්මයා අප අතරින් වෙන් වුණෙත් මේ අතරමයි. ඔස්ටින් අයියා හැටියට ඔහු ලොකු දෙයක් නාට්‍යයේ කරන බව පෙනෙන්නට තිබුණා. අපි හතරේ කණුවේ ඔස්ටින් චරිතයට නළුවෝ හොයද්දි එක පාරටම තමයි සේනක අයියව මතක් වුණේ. මොකද අපිට කිසිසේත්ම අවශ්‍ය වුණේ නැහැ අධි රංගනයක යෙදෙන නළුවෙක්ව. ඔහු අපි හිතුවාටත් වඩා ස්වභාවිකව රඟපෑවා. ඔහුගේ හොඳම රඟපෑම් ටික එන්නේ එළඹෙන සති වල. එතකන් ඔහු නොසිටි එක ගැන මට දුකයි. පුද්ගලිකව ඔහු මට හරි ආදරෙයි. නාට්‍ය ප්‍රතික්ෂේප වෙද්දීත් ඔහු මාව කෝල් කර කර දිරිගන්වුවා. * ජාත්‍යන්තර චිත්‍රපට මුලාශ්‍රයක් වන ධ්ව්ඊඡ්අව්ඡ්ඊ ර්ර්ණඍධ්ඡ් ච්ඒඊඒඕඒඉඡ් (ධ්ර්ච්ඡ) හි කූඹියෝ ඉහළ ස්ථානයකට ආවා. ඔබට මොකක්ද ඒ ගැන කියන්න තිබෙන්නේ? මෙහෙමයි. අපි ප්‍රථම ස්ථානයකට ආව බව ඇත්ත. ඒත් ඒ මනාප වලින් නෙවෙයි. අපට තිබෙන්නේ මනාප පොඩ්ඩයි. නමුත් දෙවෙනි තෙවෙනි ස්ථාන වල තිබෙන ටෙලි සීරිස් වලට මනාප තිබෙන්නේ මිලියන් ගණන්. ඒ නිසා ඒක වැදගත් කරුණක් නෙවෙයි. නමුත් වැදගත්ම දේ තමයි අපෙන් පස්සේ ධෛර්යමත් වන තරුණ කොල්ලන්ට හොඳ වැඩක් කරලා ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් හැදුණා. මොකද ඩයස්පෝරාවේ ඉන්න අපේ අය අතර තවත් ජනප්‍රිය වෙනවා මේ ධ්ර්ච්ඡ රේටින් හරහා.
|