වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




කියඹුලතා

කියඹුලතා

සංගීතයට ළැදි ඔබ ඩිමංක වෙල්ලාලගේ කියන නාමය මේ වන විට හොඳින් හඳුනනවා. නිදුකින් ඉනු මැන ගීතය ගයමින් ඉතාමත් ජනප්‍රිය වූ ඔහු අවසාන ප්‍රේමය හරහා තව තවත් රසික රසිකාවන්ට ළෙංගතු වුණා. රැල්ලට ගීත ගැයූ ඩිමංක ඒ රැල්ලෙන් මිදෙන්නට අලුත් ගීතයක් නිර්මාණය කරලා. ඒකේ නම කියඹුලතාවේ. නළඟනක් කුලඟනක් වීම තමයි මෙහි අන්තර්ගතය. කියඹුලතාවේ ලියලා තියෙන්නේ කැලුම් ශ්‍රීමාල්. සංගීතය සදීප්ත ගුණවර්ධනගෙන්. ගීතයේ තාල වාද්‍ය භාණ්ඩ වාදනය ජනනාත් ගුණවර්ධනගෙනි. ළඟදීම මෙහි වීඩියෝව නිර්මාණය කරන්නටත් ඩිමංක බලාපොරොත්තු වෙනවා.