වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




රොනී ගැන නොදත් දේ

රොනී ගැන නොදත් දේ

රෙනී ලීච් යන නම ඇසුණ සැනින් අපට මතක් වෙන්නේ තට්ටෙ. ඊට පසුව ඔහු හොඳ විකට නළුවෙක්ය කියන කාරණය සිහි ගැන්වෙනවා. ඇරත් රොනී ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක්. ඔය නිසා රොනී ලීච් කියන චරිතය අප අතරේ ප්‍රසිද්ධයි. එහෙත් අප නොදන්නා රොනී ලීච් කෙනෙකුත් ඔහු තුළ සිටිනවා. ඒ බව අතළොස්සක් හැර වැඩි දෙනෙකු දන්නේවත් නැහැ. ඔහු ගැන මේ කියන්න හදන කතාව ඉකුත් සතියේ සරසවිය හා සම්බන්ධ වන්නක්. එම කළාපයේ ලිපියක් පළ වුණා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී උදුලා දාබරේ ගැන. එහි ඇය රඟපෑ චිත්‍රපට කිහිපයකත් පින්තූර සනිටුහන් වෙලා තිබුණා. එහි එක්තරා පින්තූරයක යටින් එම චිත්‍රපටයෙහි නම කුමක්දැයි යන වගට සටහනකුත් තිබුණා. ඒ අතරින් සිරිමලී ලෙසට පළ වූ පින්තූරයේ ඉන්නේ උදුලා නෙවෙයිලු. රීටා තම්පෝ සහ ක්‍රිෂ්ටි ලෙනාඩ් පෙරේරා තමයි එම පින්තූරයේ සිටින්නේ.

උදුලා රඟපෑ දර්ශනයක් නෙවෙයි ඒක. පොඩි අත්වැරදීමකින් එම පින්තූරය පළ වෙලා. මෙහි වැරැද්ද අපට කිව්වේ රොනී. ඔහු බ්‍රහස්පතින්දා උදේ පාන්දරම අපට අමතලා ඒ දේ නිවැරැදි කළා. ඔහුගේ කතාව හරි. රොනීට පැරැණි චිත්‍රපට ගැන ඇත්තේ පුදුමාකර දැනුමක්. පැරැණි හින්දි ගීත ගැන වුණත් එහෙමයි. අපට රොනී ලීච් කිව්වාම මැවෙන්නේ වෙනමම චරිතයක්. නමුත් ඒ චරිතයට මුවා වෙලා වෙනමම දැනුමක් ඇති චරිතයක් රොනී තුළ සිටින වගට මේ කතාවෙන්ම පැහැදිලි වෙනවා ඇතිනෙ.