වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 09 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩ් ත්‍රාසයේ ලකුණ The House Next Door

බොලිවුඩ් ත්‍රාසයේ ලකුණ The House Next Door

සිද්ධාර්ත් නළුවකු ලෙසින් දෙමළ, තෙලිඟු සහ හින්දි චිත්‍රපට රැසකට දායක වී ඇති අතර චිත්‍රපට බොහොමයකට පසුබිම් ගායනයෙන්ද දායක වී තිබෙනවා. ඔහුගේ දෙවැනි රංගනය වූ  Boys  (2003) චිත්‍රපටයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලද අතර 2005 වසරේදී Nuvvostanante Nenoddantana තෙලිඟු චිත්‍රපටයේ රංගනයට ෆිලිම්ෆෙයාර් හොඳම නළුවාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.

The House Next Door හින්දි චිත්‍රපටය බොලිවුඩයේ සේම කොලිවුඩය සමඟිත් බැඳුණු චිත්‍රපටයක්. පසුගිය 03 වැනිදා සිට තිරගත කිරීම ඇරඹි එය බියජනක කතා තේමාවක් ගෙන එනවා. පසුගිය කාලයේ මෙවැනි කතා තේමාවන්ගෙන් යුතු චිත්‍රපට නිර්මාණය දකුණු ඉන්දීය සිනමාකරුවන්ගේ අලුත්ම නැඹුරුව විදියටත් ඇතැම් විචාරකයන් පෙන්වා දුන්නා. එම චිත්‍රපට බොහොමයක් වාණිජ අතින් ඉහළ සාර්ථකත්වයක් අත්කර ගැනීමත් විශේෂත්වයක්. The House Next Door හින්දි සිනමාවට සේම දකුණු ඉන්දීය සිනමාවටත් විශේෂ වෙන්නේ එය Aval නමින් දෙමළ බසින් සහ Gruham ලෙසින් තෙලිඟු බසින්ද නිර්මාණය වීම හේතුවෙන්.

The House Next Door අධ්‍යක්ෂණය මිලින්ද් රව් විසින් වන අතර දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සිද්ධාර්ත් සහ ඇන්ඩ්‍රියා ජෙරමියා සමඟින් අතුල් කුල්කර්ණි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. සිද්ධාර්ත් සහ අධ්‍යක්ෂ මිලින්ද්ගේ මිතුරුකමට වසර 17ක් වෙනවා. දෙදෙනාම ඉන්දීය සිනමාවේ අපූරු මැවුම්කරුවෙකු ලෙසින් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම් ගේ සහය අධ්‍යක්ෂවරු ලෙසින් එකම දිනයක සිනමාවට පිවිසීමත් විශේෂයි. මේ හේතුව නිසාම යම් දිනෙක දෙදෙනා එක්ව සිනමා නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවක් ඇති වූ බවත් එලෙස නිර්මාණය වූ චිත්‍රපටය The House Next Door බවත් සිද්ධාර්ත් පවසනවා.

සිද්ධාර්ත් නළුවකු ලෙසින් දෙමළ, තෙළිඟු සහ හින්දි චිත්‍රපට රැසකට දායක වී ඇති අතර චිත්‍රපට බොහොමයකට පසුබිම් ගායනයෙන්ද දායක වී තිබෙනවා. ඔහුගේ දෙවැනි රංගනය වූ Boys  (2003) චිත්‍රපටයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලද අතර 2005 වසරේදී Nuvvostanante Nenoddantana තෙළිඟු චිත්‍රපටයේ රංගනයට ෆිලිම්ෆෙයාර් හොඳම නළුවාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය. සිද්ධාර්ත් නිෂ්පාදයකු ලෙසින් දෙමළ චිත්‍රපට දෙකක් සහ තෙලිඟු චිත්‍රපටයක් නිෂ්පාදනය කළ ඇති අතර The House Next Door ඔහුගේ පළමු හින්දි චිත්‍රපට නිෂ්පාදනය ද වෙනවා. The House Next Door හි නිළි ඇන්ඩ්‍රියා ජෙරමියා ද ඉන්දීය සිනමාවේ නිළියක, පසුබිම් ගායිකාවක සහ නර්තන ශිල්පිනියක ද වෙනවා.

Rang De Basanti චිත්‍රපටයේදී එකට රඟ පෑ අතුල් කුල්කර්ණි ද වසර එකොළහකට පසු මෙහිදි සිද්ධාර්ත් හමු වීමත් විශේෂයි. The House Next Door ඉන්දීය සිනමා ඉතිහාසයේ බියජනක චිත්‍රපටවල මඟ සලකුණක් වනු ඇති බව අතුල් කුල්කර්ණිගේ අදහසයි.

The House Next Door නැතහොත් ඒමචත හෝ ට්පභඩචථ සාපලත් හොල්මන් පිරුණු නිවෙසක් වටා ගෙතුණු කතාවක් ගෙන එනවා. අලුත විවාහපත් වූ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු තම බිරිය සමඟින් වෙනත් පළාතක නිවෙසකට පදිංචියට පැමිණෙනවා. ඔවුන්ගේ නිවෙසට අසල්වැසි නිවැසියන් හොල්මනකගේ විවිධාකාර අසාමාන්‍ය කරදර නිසා අපහසුතාවයට පත් වන බව ආරංචි වුවද මුලදි විශ්වාස නොකළද පසුව ඒ බව තහවුරු වේ. එවිට වෛද්‍යවරයා සහ බිරිය මෙම අසල්වැසියන්හට උපකාර කරන්නේ කෙසේද යන්න මේ ඔස්සේ දිග හැරේ.

ඉන්දීය සිනමා මාධ්‍ය වාර්තා කරන්නේ, මෙහි දෘශ්‍ය ප්‍රයෝග සහ කතා විලාසය ප්‍රේක්ෂකාගාරයේ අවධානය ක්ෂයෙන් අල්ලා ගන්නට සමත් වනු ඇති බවයි. එසේම මෙහි සංගීතය සහ ශබ්ද භයානක බව තීව්‍ර කිරීමට සමත් බවත් එහි කියවෙනවා. The House Next Door චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, යොවුන් සංගීත අධ්‍යක්ෂ ගිරීෂ් විසින්.

The House Next Door චිත්‍රපටය තිරගත කිරීමට ප්‍රථම අහඹු ලෙස තෝරා ගත් පිරිසක් වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශය වාරයක් පැවැත් වූ බවත් වාර්තා වෙනවා. ඉන්දීය සිනමා වාර්තා කරන්නේ, එය බොලිවුඩ් නළු අමීර් ඛාන් සිය චිත්‍රපට වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙතක් බවයි. එහිදී නරඹන්නන්ගේ අදහස් අනුව ඔහු චිත්‍රපටයේ යම් යම් වෙනස්කම් සිදු කරන බවත් ප්‍රසිද්ධයි. The House Next Door චිත්‍රපටය වෙනුවෙන් සිද්ධාර්ත් ද මෙම අදහස අමීර්ගෙන් ලද බවත් එම පුවත් ගෙන එනවා.