වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

සරසවිය මොඩ්ල් බෑන්ක් ආරම්භක වැඩසටහනට වැලිගම චාන්දනී සිනමාහලේ දී ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. එහි දෙවැනි වැඩසටහන සඳහා අප පිවිසියේ ගම්පහ පුරවරයට ය.

ගම්පහ නයෝමි සිනමා ශාලාවේ දී සියනෑවේ නවක තරු සොයා ගිය සරසවිය මොඩ්ල් බෑන්ක් දෙවැනි අදියර මුල් අදියරට වඩා සාර්ථක ය. බොහෝදෙනෙකු එදින පැමිණ සිටියේ කලා ලෝකයට පිවිස තම රංගන ගමනට මඟක් පාදා ගැනීමේ අභිලාශයෙනි.

ඒ වග ඔවුන්ගේ මුහුණුවලින් මොනවාට පැහැදිලි විය. කලා ලොවේ දිගු ගමනක් යෑමට අවස්ථාව උදා කරන මේ ඉඩහසර වෙන්වන්නේ ඔවුන් වෙනුවෙනි.

 

SMBGP 42

ජීව සුසන්ත ජයකොඩි

ජීව සුසන්ත ජයකොඩි එදා මොඩ්ල් බෑන්ක් එකට ආවේ පස්යාල ඉඳලයි. ඔහුගේ වයස අවුරුදු තිහක්. සුසන්තට සෑහෙන්න රංගන අත්දැකිම් තියෙනවා. හංස පිහාටු, දඩකෙළි අරණ, බොහිමියානුවා වැනි නාට්‍යවල සුසන්ත චරිත නිරූපණය කළා. කෙටි චිත්‍රපට වගේම වේදිකාවටත් ඔහු එකතු වුණා. සුසන්තගේ කැමැතිම අධ්‍යක්ෂවරයා හැටියට ඔහු සඳහන් කළේ ඩොනල්ඩ් ජයන්තව.


SMBGP 41

සුභාෂිණී වැලිකල

පිටගම්කාරයෝ, අමුතු මිනිස්සු ආදී ටෙලි සිතුවම් රැසක කලාන්තරයක් තිස්සේ විවිධ චරිත මැවූ සුභාෂිණී වැලිකල වේදිකාවට ද සම්බන්ධ වු අයකි. එමෙන්ම චිත්‍රපට කිහිපයකට ද සිය රංගන කුසලතාවය ඇය විසින් ලබාදීලා තියෙනවා. තවත් නිර්මාණවලට ආරාධනා ලබා ගැනීමේ අරමුණින් තමයි ඇය ගම්පහ මොඩ්ල් බෑන්ක් එකට ආවේ. සුභාෂිණීගේ ගම හෝමාගම. වයස අවුරුදු 51 යි. කැමැතිම අධ්‍යක්ෂවරයා තමයි සුදත් රෝහණ.


SMBGP 43

රෝෂන් මිල්රෝයි

කෙටි කලකින් නිර්මාණ ගණනාවකටම එකතු වූ අයකු ලෙස රෝෂන් මිල්රෝයිව හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු වෙළෙඳ දැන්වීම් ගණනාවකටම එකතු වුණා. මුතුපලස, අත්තම්මා වැනි නාට්‍යවලත් විවිධ චරිත මැව්වා. මෝස්තර නිරූපණ ශිල්පියකු ලෙස ද කටයුතු කරන රෝෂන්ගේ වයස අවුරුදු 25 යි. ඔහුගේ පදිංචිය දළුඟම. ජැක්සන් ඇන්තනීගේ චිත්‍රපටයකට එකතු වන්නට රෝෂන් අපේක්ෂාවෙන් ඉන්නවා.


SMBGP 44

ඇන්තනි පියුමාල්

ඇන්තනි පියුමාල් විජය කුවේණි, ඇහැළේපොල කුමාරිහාමි, පරපුර වැනි සිනමාපට හරහා ඔබට හමු වුණා. ඔහුගේ අදහස තව තවත් චිත්‍රපට හා එකතු වන්නයි. හලාවත සිට පැමිණි ඇන්තනිගේ වයස අවුරුදු තිස්තුනයි. ඔහු කැමැතිම අධ්‍යක්ෂවරයා වන්නේ සුගත් සමරකෝන්.