වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




Boliwood

17 වසරකට පසු විකට චරිතයකින්

බොලිවුඩයේ ජනප්‍රිය හාස්‍යමය චිත්‍රපට මාලා‍වක් වූ  Golmaalහි නවතම චිත්‍රපටයක් නිර්මාණය කරන්න වැඩ පටන් අරන්. රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කළ  Golmaal ප්‍රථම චිත්‍රපටය තිරගත වුණේ, 2006 වසරේදීයි. දෙවැන්න 2008 වසරේදීත් තෙවැන්න 2010 වසරේදීත් තිරගත වුණා.

මිතුරන් සිව්දෙනෙකුගේ ජීවිත හරහා මෙහි කතාව ගොඩනැංවී තියෙනවා. අජේ දේව්ගන්, තුෂාර් කපූර්, අර්ෂාද් වර්සි, ෂර්මන් ජෝෂි ඒ ප්‍රධාන චරිත නිරූපණය කළා. දෙවැන්නේදි කරීනා කපූර් සහ අම්රිතා අරෝරා ඇතුළු පිරිසකගේ දායකත්වය එයට ලැබුණා. ඒ විතරක් නෙවෙයි  Golmaal චිත්‍රපට මාලාව වාණිජ අතින් ඉහළ ළඟාකර ගත් චිත්‍රපට මාලාවක් බවට පත් වුණා.

දැන් එහි සිව්වැන්නට තවත් ජනප්‍රිය බොලිවුඩ් තරුවක් එක් වෙන්න නියමිතයි. ඇය තාබු.  Golmaal ඒඨචඪද නම් මෙම චිත්‍රපටයේ හාස්‍යමය ස්වරූපයට තාබු වැඩි කැමැත්තක් දක්වනවා කියලත් බොලිවුඩයෙන් ආරංචි වෙනවා.  Golmaal ඒඨචඪදහි තාබු සමඟින් අජේ දේව්ගන්, පරිනීති චොප්රා සහ අර්ෂාද් වර්සි රංගනයෙන් දායක වෙනවා.

තාබු හාස්‍යමය චිත්‍රපටයකට දායක වෙන්නේ වසර 17කට පසුව වීමත් විශේෂත්වයක්. 2000 වසරේදී ඩ්ඥපච ර්‍ථඩඥපඪ චිත්‍රපටයෙන් පසුව ඇය හාස්‍යමය චිත්‍රපට වෙනුවෙන් දායක වුණේ නැහැ. නමුත් මේ ආරාධනාව ලැබුණාම ඇය පුදුමයට පත් වෙලා.  Golmaal චිත්‍රපට මාලාවට මම ගොඩක් කැමැතියි. අජේ සහ මම හොඳ යහළුවන්. ඔහු වගේම මේ වෙනුවෙන් දායක වෙන අනෙක් අයත් මට හිතවත්. ඔවුන් සමඟත් වැඩ කරන්න ලැබීම සතුටක්" තාබු පවසනවා.

සුෂ්මිතා යළිත් මිස් යුනිවර්ස්

සුෂ්මිතා සෙන් කියන්නේ ඉන්දියාවෙන් මිස් යුනිවර්ස් කිරුළ දිනූ පළමු වාසනාවන්තිය යි. මේ වසරේ පිලිපීනයේදී පැවැත්වෙන 65 වැනි මිස් යුනිවර්ස් තෝරා ගැනීම වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයට එක් වෙන ලෙස සුෂ්මිතාට ආරාධනායක් ලැබිලා.

ඒක ඇයගේ ජීවිතයේ සුවිශේෂිම අවස්ථාවක් කියලයි සුෂ්මිතා පවසන්නේ. ඒ නිසාම හැඟිම්බරව සහ බොහොම බලාපොරොත්තු සහගතව ඇය නිවෙසට වෙලා ඉන්නවා කියලත් ආරංචියි. ඇය පිලපීනයට යන්නේ අවුරුදු 23ට පසුවයි. මීට විසිතුන් වසරකට පෙර ඇය මිස් යුනිවර්ස් කිරුළ පැළඳුවෙත් පිලිපීනයේදීයි.

"ඒක දෛවෝපගත සිදුවීමක්. ජීවිතයේ එක රවුමක් ගිහින් ආයෙමත් පටන් ගත්ත තැනට ඇවිත්. එදා මම ඉන්දියාව වෙනුවෙන් මිස් යුනිවර්ස් කිරුළ ගෙනාවා. අද මම ඉන්දියාව වෙනුවෙන් මිස් යුනිවර්ස් කිරුළේ විනිශ්චය වෙනුවෙන් දායක වෙනවා" සුෂ්මිතා පවසන්නේ ගොඩක් සතුටෙන්.

ඛාන් සහ චෑන් හමුව

සුප්‍රකට හොංකොං නළු ජැකී චෑන් පසුගිය දවසක ඉන්දියාවට පැමිණියා. ඒ ම්භදඨ ජ්භ කධඨච චිත්‍රපටය තිරගත කිරීම නිසා. ම්භදඨ ජ්භ කධඨච චිත්‍රපටය චීන ඉන්දියානු සම නිෂ්පාදනයක්. ස්ටැන්ලි ටොන්ග් අධ්‍යක්ෂණය කළ එය ජනවාරි 28 වැනිදා සිට චීනයේ තිරගත වුණත් ඉන්දියාවේ තිරගත වීම ආරම්භ කළේ පෙබරවාරි 03 වැනිදා. ඇරිෆ් රහ්මන්, සෑන්ග් යික්සින්ග්, සෝනූ සූද් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

සෝනූ සූද් ඇතුළුව ජැකී චෑන්ගේ රසික රසිකාවන් ඉන්දියාවට පැමිණි ජැකී චෑන් මහත් හරසරින් පිළි ගත්තා. ඉතිං මේ ගමනේදී ජැකී චෑන් සුපිරි බොලිවුඩ් නළුවෙක් හමු වෙන්නත් අමතක කළේ නැහැ. ඒ පසුගිය කාලයේ මල්ලවපොර සූරයෙක් විදියටත් ජනප්‍රිය වෙලා හිටිය සල්මන් ඛාන්. මේ හමුව හැමදාම සිහි වෙන්න කියලා සුරතල් පැන්ඩා සුරතලුන් දෙදෙනෙකුගේ අනුරූ දෙකක් කරමත තියා ඛාන් සහ චෑන් ඡායාරූපයකට පෙනී සිටියා. මේ මිතුරන් දෙදෙනාගේ ඡායාරූපය ගත්තේ සෝනූ සූද්.

ජැකී ශ්රොෆ් ගෙන් පෙම්වතියට රන් මුදුවක්

ජැකී ශ්රොෆ් පසුගිය දවසක තම පෙම්වතිය වෙනුවෙන් රන් මුදුවක් මිලට අරගෙන. ඒ ඩුබායි දෙයිරාහි සුප්‍රසිද්ධ ගෝල්ඩ් සූක් නම් රන් ආභරණ සාප්පු සංකීර්ණයෙන්. බොලිවුඩයම දැන් මේ ගැන කතා කරන්න පටන් අරන්. ජැකී මේ විදියට රන් මුදුවක් අරගෙන තියෙන්නේ රූගත කිරීමකදීයි.

ඒ රාම් ගෝපාල් වර්මා අධ්‍යක්ෂණය කරන ඉචපඬචප 3 චිත්‍රපටය වෙනුවෙන්. එහි ජැකී ශ්රොෆ් මයිකල් නම් දුෂ්ට චරිතයට පණ පොවනවා. මීට පෙර ජෝන් ඒබ්‍රහම් ද මේ සාප්පු සංකීරණයෙන් රූගත කිරීමකට සහභාගි වෙලා තියෙනවා. ඒ එඥතජධථඥ ඕචජඬ චිත්‍රපටය වෙනුවෙන්. ඉචපඬචප 3 ලබන මාර්තු මාසයේදී තිරගත කරන්නත් නිර්මාණ කණ්ඩායම බලාපොරොත්තු වෙනවා.

අමිතාබ් බච්චන්, මනෝජ් බජ්පායි, රෝනිත් රෝයි, යමී ගෞතම් මේ වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා. දේශපාලන කතා තේමාවක් ඔස්සේ ගොඩනැඟෙන ඉචපඬචප චිත්‍රපට වාලාවේ පළමු වැන්න 2005 වසරේදීත්, දෙවැන්න ඉචපඬචප අචණ 2008 වසරේදීත් තිරගත වුණා.

පරම්පරාගත මිතුදම

සෝනම් කපූර් සහ කරීනා කපූර් කියන්නේ සෑහෙන කාලයක පටන් මිතුරියන් දෙදෙනෙක්. ප්‍රිය සම්භාෂණ ආදියෙහි මේ දෙන්නා නිතරම එකට දකින්න ලැබෙනවා. එක වගේ ජනප්‍රිය දෙන්නෙක් මේ විදියට එකට දකින එකත් පුදුමයක් කියලා ඇතැමුන් කියනවා. ඒ වගේම මේ දෙන්නා එකිනෙකා වර්ණනා කර ගැනීමෙත් ඉවරයක් නැහැ. මෑතකදී ‍සෝනම් සහ කරීනා කොෆි විත් කරන් වැඩසටහනටත් සහභාගි වුණා.

මේ මිතුරුකම කපූර් පවුල් දෙකේ පරම්පරාගත මිත්‍රත්වයක් කියලයි සෝනම් කියන්නේ. තමන්ගේ මිතුදම කිසිම හේතුවකට පළුදු නොවී පවතින්න ඒකම ඇති කියලත් ඇය පවසනවා. ඒ වගේම මිතුරුකම ප්‍රසිද්ධියට පත්වීම ගැනත් සෝනම් ඉන්නේ සතුටින්.

"අපි දෙන්නාගේම තාත්තලා හොඳම යාළුවෝ. මගේ සීයා, කරීනාගේ සීයා රාජ් කපූර් එක්ක එකට වැඩ කළා. අපේ පවුල් දෙකත් ළඟින්ම ඉන්න නිසා ‍මගෙයි කරීනාගෙයි මිත්‍රත්වය තවත් ශක්තිමත්. ඒ විතරක් නෙවෙයි අපි දෙන්නත් එක වගේ. බෙබෝයි මමයි හිතන විදියෙත් කිසි වෙනසක් නැහැ. අපි ජීවත් වෙන හැටි, ජිවිතය ගැන තියෙන ආකල්පයත් එක වගේ. ඒ විතරක් නෙවෙයි අපි දෙන්නම විනෝදශීලිව ඉන්න හරිම කැමැතියි" සෝනම් පවසනවා. මේ වසරේ තිරගත වෙන්න නියමිත ඍඥඥප ච්ඪ එඥඤඤඪදඨ චිත්‍රපටයේදීත් කරිනා - සෝනම් මිතුරියන් එකට දැකගන්න ලැබේවි.