වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳ ප්‍රතිචාර

හොඳ ප්‍රතිචාර

විචාරකයකු, සම්මාන උලෙළ ජූරි සභිකයකු, නාට්‍යවේදියකු මෙන්ම පරිණත මාධ්‍යවේදියකු ද වන ගුණසිරි සිල්වා වසර තිස් පහකට පසු නවකතාවක් ලියලා. ඒකේ නම කෑම්ප් එක වත්ත. කොළඹ නගරයේ එක්තරා ජන කොට්ඨාශයක විසූ චරිත කිහිපයක් වටා තමයි එහි කතාව ගලා යන්නේ. ගුණසිරි අන්තිමයට ලියපු නවකතාව සමීප ආගන්තුකයා. එයින් පසුව දශඛ ගණනාකට පසු එළි දුටු කෑම්ප් එක වත්ත පිළිබඳ විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවලු. ඒත් සමඟම අඩු වැඩි වශයෙන් ඉල්ලීම් එහෙමත් එනවලු විචාර ලියන්න එපා, නවකතා ලියන්න කියලා.