වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




එක වගේ ඩබලක්

එක වගේ ඩබලක්

හොඳ සහාය අධ්‍යක්ෂවරයකු සහ හොඳ නිෂ්පාදන කළමනාකරුවකු සිටීම නිර්මාණයකට මහත් වු ශක්තියක්. ඒ වගේම එය සාර්ථක කර ගැනීමට මහඟු රුකුලක් ලැබෙනවා ඒ වගකීම් හරි හැටි ඉටු කළාම. එහෙම තකට තක ගැලපෙන දෙදනෙක් එකම නිර්මාණයක සිටීම සැබවින්ම ඒ නිර්මාණයට අපරිමිත ආලෝකයක්. එලෙස දෙන්නෙක් පළමු වතාවට එක නිර්මාණයකට සෙට් වෙලා. ඒ අයගෙන් සහාය අධ්‍යක්ෂවරයා තමයි ඩොනල්ඩ් ජයන්ත. නිෂ්පාදන කලමනාකරු දමින්ද ඩී. මඩවල. දමින්දත් සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට දැවැන්ත නිර්මාණ රැසකටම එකතු වුණා. ඩොනල්ඩ් ජයන්ත කියන්නේ අපට සිටින පැරැණිතම සහාය අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම ප්‍රවේගය සහ මායා යන සිනමාපටයන් හි අධ්‍යක්ෂවරයා. මේ ඩබල එකට එකතු වී වැඩ කරන්නේ සඳරුවන් ජයවික්‍රමගේ පළමු චිත්‍රපටයේ. එහි නම සිහිනාභිෂේක. ඩොනල්ඩ් සහ දමින්ද කාලයක් තිස්සේ නිර්මාණ ගණනාවකට එකතු වෙලා හිටියත් දෙන්නා පළමුවරට එකට ගැටෙන්නේ මෙම චිත්‍රපටයේ. එළඹෙන මාර්තුවේ සිහිනාභිෂේක හි රූගත කිරීම් ඇරැඹීමට නියමිතයි. එහි ප්‍රධාන චරිත රඟන්නේ හේමාල්, ආශා සහ යුරේනි.