වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




නෝ කෝල්

නෝ කෝල්

නව පරපුරේ රංගන ශිල්පිනී මල්කි නාටාෂිට නොසිතූ විරූ අකරතැබ්බයක් වෙලා. ඒ හේතුවෙන් දවස් තුනක් තිස්සේ ඇයට කිසි කෙනෙකුට සම්බන්ධ කරගන්න බැරි වුණාලු. මල්කි ළඟදී ගත්තා අලුත් ෆෝන් එකක්. ඒක හරිම ලස්සනයි කියලා ඇයගේ යාළුවෝ කියනවලු. ඒක නිසා ඇස්වහ වදීවි කියලා ඇය ෆෝන් එක ආරක්ෂා වෙන්න ලස්සන කවරෙකුත් දැම්මලු. ඔන්න දිනෙක ඇයට නාට්‍යයක මුහුරත් උලෙළකට ආරාධනා ලැබිලා. ටිකක් පාන්දර තමයි වැඩේ තිබිලා තියෙන්නේ. ඇය කලබලේ එදා පාන්දරම නැගිටගෙන මූණ හෝදන්න යද්දී ජබොක් ගාලා සද්දයක් ඇහුනලු. ෆෝන් එක වැටිලා වතුර බේසමට. මල්කිට අනේ අපොයි කියලා කියවුණාලු. වතුරෙන් ඒක අතට අරගෙන කොච්චර එබුවත් එය වැඩ කළේ නැතිලු. මේ හේතුවෙන් මුහුරත් උලෙළේ කාවවත් කන්ටෑක් කරගන්න ඇයට බැරි වුණාලු. අන්තිමේ ඇයට නාට්‍යයත් නැතිලු. ෆෝන් එකත් නැතිලු. දවස් තුනකට පස්සේ ෆෝන් එක හදාගෙන ඒ නිර්මාණයේ නිෂ්පාදන කණ්ඩායමට කතා කරද්දී මල්කිගේ චරිතයට වෙන කෙනෙකු අරන්ලු.