වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මහාචාර්යතුමාගේ පුදුම කතාව

මහාචාර්යතුමාගේ පුදුම කතාව

ප්‍රියන්ත කොළඹගේ ගේ ආදරණීය කතාවක් සිනමාපටය මේ දිනවලදී සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වෙනවා. එයට සමගාමීව තිරගත වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පත්තිනි සිනමාපටයයි. මේ දෙක හරි හරියට ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ප්‍රදර්ශනය වන බවක් පේනවා. ඔය අතරෙදි අහම්බෙන් අමුතු දෙයක් නෙත ගැටුණා. ඒ ආදරණීය කතාවක් සිනමාපටයේ ප්‍රචාරක දැන්වීමක්.

මෙන්න බොලේ මහාචාර්යතුමා වොයිස් කට් එකක් දෙනවා 'ආදරණීය කතාවක් සිනමාපටය හොඳයි. ඒක නරඹන්න' කියලා. පුදුමෙනුත් පුදුමයි. ඔහු මේ කළේ අනුන්ගේ චිත්‍රපටයක් නරඹන්න අනුබලදීමක්. ඒ තමන්ගේ චිත්‍රපටයක් තිරගත වන අතරතුරදී. කෙනෙක් එහෙම කරන අවස්ථා නැත්තටම නැති තරම්නෙ. ඒ අතින් බලන කොට මහාචාර්යවරයාගේ නිහතමානීකම අගය කරන්නට ඕනෑ.