වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




දම්මිගෙ යාළුවා නැති වූ හැටි

දම්මිගෙ යාළුවා නැති වූ හැටි

ඔබ දන්නවාද ගොලු හදවත චිත්‍රපටයේ දම්මිගේ යාළුවට රඟපාන්න හිටියේ කවුද කියලා. ඒ වෙන කවුරුවත් නොව සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ ආදරණීය බිරිය මල්කාන්ති නන්දසිරි. ඇයට මේ රහස හෙළි කළේ පුංචි කතාබහක යෙදී සිටින අතරතුරයි. ආචාර්ය ලෙස්ටර් මල්කාන්තිගේ පියාගේ දැඩි මිත්‍රයෙක්ලු. ඒ හිතවත්කමට තමයි මල්කාන්තිට ඒ ආරාධනාව කරලා තියෙන්නේ.

නමුත් ඇයගේ පියා ඊට දැඩිව විරුද්ධ වුණාලු. මේ හේතුවෙන් මල්කාන්ති දැඩිසේ දුකට පත් වෙලා. මොන දේ වුණත් ඇය රඟපාන්න හරිම කැමැත්තකින් ඉඳලා තියෙන්නේ. වැඩිහිටියන්ගේ කීමට ඉහළින් යන්න බැහැනේ. බැරි වෙලාවත් එදා රඟපෑවා නම් අද මල්කාන්තිව ඔබ හදුනාගන්නේ ජනකාන්ත නිළියක් හැටියටයි.