වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිකියුරිටි සින්නතම්බි සමඟ දීපාල් යළිත්...

සිකියුරිටි සින්නතම්බි සමඟ දීපාල් යළිත්...

මෙන්න වැඩක්. දීපාල් සිල්වා වේදිකා නාට්‍ය සංවිධානය කරන්න පටන් අරන්ලු. ඔහුව අප වඩාත් දකින්නේ ප්‍රසංග වේදිකාවෙන්නෙ. නමුත් දැන් එය වෙනස් වෙලා. මේ දිනවල වේදිකා ගතවන අශෝක සෙනරත් මුදලිගේ ගේ සිකියුරිටි සින්නතම්බි නාට්‍යහි දීපාල් රඟපාන්නේ එහි ප්‍රධාන චරිතය හින්දා. ඔහු දැන් අපිට නිතරම නාට්‍ය වේදිකාව ඔස්සේ හමු වෙනවා.

ඒ විතරක් නම් මදැයි. දීපාල් වේදිකා නාට්‍ය සංවිධානය කරන්න බාර අරගෙන. සිකියුරිටි සින්නතම්බිි නාට්‍යයෙන් තමයි වැඩේ ආරම්භ කරලා තියෙන්නේ. වසර පහළොවකට පසුවයි දීපාල් මෙහෙම වේදිකා නාට්‍යකට එකතු වුණේ. කෙසේ වෙතත් දීපාල් සංවිධානය කරන පළමු දර්ශනය පැවැත් වෙන්නේ කොළඹ නම් නොවෙයි. හම්බන්තොට. එතැන් පටන් ආරම්භ කරන ඒ සංවිධාන මාලාව රට වටාම තියෙනවා. දීපාල්ගේ ඒ වැඩේ නැගලම යනවා වගෙයි. එක අතකින් දීපාල් කරන්නේ තමන්නේ නාට්‍යම ප්‍රමෝට් කර ගැනීමක්. ඒකනේ ඉතින් වෙන්න ඕන. දීපාල් හින්දා අශෝක තමයි ඉතින් ගොඩ යන්නේ.