වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




එංගලන්තේ පවා අපි මා(ර්)කට්...

එංගලන්තේ පවා අපි මා(ර්)කට්...

සෙනාලි ෆොන්සේකා මේ දිනවල ඉන්නේ විදෙස් ගත වෙලා. එංගලන්තයේ ගෙවන ජීවිතය හරිම සුන්දරයි කියලා ඇය කියනවා. ඒත් ඉක්මනට ලංකාවට එනවා කියලා ඇය කියනවා. සෙනාලි එංගන්තයේ ගෙවෙන සෑම දවසකදීම ඇය පුදුමයට පත් වෙනවලු. ඒ වෙන කාරණයක් හින්දා නෙවෙයි, එහෙ හිටියත් ඇයට නිරන්තරයෙන් චිත්‍රපට සඳහා ඇරැයුම් ලැබෙනවලු.

සාමාන්‍යයෙන් විදෙස් ගතවුණාට පස්සෙ ටික කලකින් ඒකෙනාව යටපත් වෙලා යනවනෙ. සෙනාලිට වෙලා තියෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. ලංකාවේ ඉන්නකොට ලැබෙනවට වඩා ඇරැයුම් ප්‍රමාණයක් එංගලන්තයේ ඉන්න කොට ලැබෙනවලු.