වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




පවුඩර් මනමාලයා

පවුඩර් මනමාලයා

ඩී. බී. ගංොඩතැන්න ගැන නොදන්නේ කවුද. ටෙලි නාට්‍ය, චිත්‍රපට යන කලා මාධ්‍යයන් දෙක ඔස්සේ නිරන්තරයෙන් අප හමුවන ඔහුව දැන් දැන් චිත‍්‍රපටවලට නැතුවම බැරි චරිතයක්දෝ කියලත් වෙලාවකට හිතෙනවා. ඇයි ඉතින් පහුගිය කාලේ තිරගත වෙච්ච චිත්‍රපට බොහොමයක ගංගොඩතැන්න හිටියනෙ. මෙන්න මෙයා දවසක් බණ්ඩාරගම පැත්තේ කරපු රූගත කිරීමකදී පවුඩර් නෑවා. හරියට පියරු බබෙක් වගේ. සිද්ධ වුණේ මේකයි.

ගංගොඩතැන්න ඒ නාට්‍යයට අනුව කඩේක මුදලාලි කෙනෙක්. ඔහු ගමේ ගැහැනු ළමයකුට ඇල්ම බැල්ම දානවා. ඉතින් මේ කෙල්ල එනකොට මුදලාලි කරන්නේ සෙන්ට් පවුඩර් හලාගන්න එක. ඔහොම වැඩේ කරද්දී අර පවුඩර් ටින් එකේ මූඩිය ඇරිලා ගංගොඩතැන්නගේ අතට පවුඩර් ගොඩක් වැටුණා. මෙයා කළේ ඒ සේරම මූණෙ ගා ගත්තු එක. මූණපුරාම පවුඩර්. හඳමාමා වගේ. අන්තිමේ මේකප් ආර්ටිස්ට සිදු වුණා ඒ පවුඩර් ටික අයින් කරලා දාන්න.