වර්ෂ 2016 ක්වූ ජූලි 07 වැනිදා බ්‍රහස්පතින්දා




‘ආදරණීය කතාවක්’ සමඟ ‘ලිඩෝ’ අලුත් වෙයි

‘ආදරණීය කතාවක්’ සමඟ ‘ලිඩෝ’ අලුත් වෙයි

කොළඹ නගරයේ විශාලතම රිදී තිරය සහිත සිනමාහල වන බොරැල්ල 'ලිඩෝ' ලබන 14 වැනිදා සිට වායුසමනය කරමින් සහ 2ම් ඩිජිටල් ප්‍රදර්ශනයට එක් වේ. සියලු නවීන තාක්ෂණික පහසුකම් සහිත එම සිනමාහල යළි ආරම්භ කරනුයේ ප්‍රියන්ත කොළඹගේ ගේ 'ආදරණීය කථාවක්' චිත්‍රපටය සමඟිනි. ලිඩෝ සීමාසහිත සිනමාස් සමාගමට අයත් සිනමා ශාලාවකි.


අයි. ටී. එන් - එච්. ඩී. වෙයි අපේ ටෙලිවිෂනයේ යුග පෙරළිය

මෙරට මුල්ම ටෙලිවිෂන නාළිකාව වූ ස්වාධීන රූපවාහිනී නාළිකාව පසුගියදා ඩ්ච් තාක්ෂණයට අනුගත විය. ඒ අනුව පැහැදිලි රූප රාමු ඔස්සේ එම නළිකාව ඔබට නැරැඹීමට අවස්ථාව උදාවනු ඇත. ඩ්ච් තාක්ෂණයෙහි අසිරිය සත්‍ය වශයෙන්ම විඳින්නට හැකියාව ඇත්තේ ඩ්ච් 1080 රූපවාහිනි යන්ත්‍ර මඟිනි. ස්වාධින රූපවාහිනිය ඩ්ච් තාක්ෂණය යටතේ විකාශය ඇරැඹීමත් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මේ එම අවස්ථාවයි. පසෙකින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ස්වාධීන රූපවාහිනියේ අභිනව නව වැඩ බලන සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා ද සිටියි.


කලං අගයමින් ශ්‍රී අභිමාන පිරිනැමේ

ප්‍රතිභාපුර්ණ රංගනවේදී අමරසිරි කලංසූරිය පනස් වසක් සිනමාවට කළ මෙහෙවර අගයමින් ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් ශ්‍රී අභිමානි නමින් මෙම මස 13 වැනිදා සවස කොළඹ මහජන පුස්ථකාල ග්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. එය පී. ඒ. කරුණාපාල කලා පදනම සහ සුමිතුරෝ සහෘද සංසදයේ එකමුතුවෙන් සංවිධානය කරන ලද්දකි. උළෙලෙහි මුඛ්‍ය දේශනය රවීන්ද්‍ර රන්දෙණිය විසින් පවත්වනු ලැබේ. මෙහිදී කලංසූරිය රඟපෑ සිනමාපට හතරක ගීත හතරකින් උළෙල වර්ණවත් වනු ඇත. යස ඉසුරු සිනමා පටයේ අම්මාවරුනේ, අපේක්ෂා චිත්‍රපටයේ කලක් ඇවෑමෙන්, අනුපමා චිත්‍රපටයේ රාජ කිරුළු පළන්දා වූ රජ්ජුරුවෝ, පුජා චිත්‍රපටයේ දරු දුක උහුලා, එම ගීතයන් වේ. ගීත ගායනයෙන් අමිලා නදීශානි සමඟ නලින්ද රණසිංහ දායක වේ. මෙම උළෙලේ දී තෙල්සායමෙන් නිමවූ කලංසූරියගේ සිතුවමක් සමරු තිළිණයක් වශයෙන් ඔහුට ලබාදෙනු ඇත. අවසනදී කලංසූරිය රංගනයෙන් දායක වූ පුජා චිත්‍රපටය ප්‍රදර්ශනය වනු ඇත. ශ්‍රී අභිමානි උපහාර උළෙලේ සියලු සම්බන්ධිකරණ කටයුතු එම්. සෆ්රාස් සහ පුබුදු රණසිංහගෙනි. මේ සඳහා සහභාගිවීමට කලංසූරියට ළැඳි සිමනා ලෝලීන්ට පී. ඒ . කරුණාතිලක පදනම වෙනුවෙන් එහි සභාපති මනෝජ් ආරච්චිගේ විවෘත ආරාධනාවක් කරයි.


අබ්බාස් කියරොස්තාමි අභාවප්‍රාප්ත වෙයි

විමුක්ති ජයසුන්දර ලියන විශේෂ ලිපියක් ලබන සතියේ

සුප්‍රකට ඉරාන සිනමාව ලොව පුරා ගෙන ගිය විශිෂ්ට සිනමාකරු අබ්බාස් කියරොස්තාමි අභාවප්‍රාප්ත විය. දිගු කලක් රෝගාතුරව සිටි හෙතෙම පසුගිය සඳුදා අභාවප්‍රාප්ත වූයේ ප්‍රංශයේ පැරිස් නුවරදීය. කියරොස්තාමි පිළිබඳ ලාංකේය සිනමාවේදී විමුක්ති ජයසුන්දර විසින් සම්පාදිත විශේෂ ලිපියක් ඉදිරි සරසවිය කලාපයෙන් බලාපොරොත්තු වන්න.


‘සරිගමපා’ හඬ කැවීම් මේ දිනවලදී

ලෝ පූජිත සිනමා කෘතියක් වන සවුන්ඩ් ඔෆ් මියුසික් ඇසුරෙන් ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරිගමපා සිනමාපටයේ හඬ කැවීම් කටයුතු මේ දිනවලදී සිදු වෙයි. ඒකාධිපතියකු ලෙසින් තමන්ගේ දරු දැරියන් සත් දෙනාව පාලනය කරන නාවික කපිතාන්වරයකුගේ නිවසට දොළොස් වැනි මෙහෙකාරිය වශයෙන් සුරූපී යුවතියක් පැමිණීමත් සමඟ සිදුවන හැල හැප්පිම් ඔස්සේ සරිගමපා නිර්මාණය වී ඇත. එම මෙහෙකාරියගේ චරිතය පූජා උමා ශංකර් විසින් රංගනයේ යෙදෙයි. ආචාර්ය මාලිනී ෆොන්සේකා, අශාන් ඩයස්, ගයනි ගිසන්තිකා, රත්න ලාලනී ජයකොඩි, රම්‍යා වනිගසේකර, සෝමසිරි අලකොලංග, බුද්ධි රන්දෙණිය, දසුන් මධුසංක, ලලිත් ජනකාන්ත ආදීහු මෙහි සෙසු චරිත නිරූපණය කරයි.

විශ්ව බාලසූරිය කැමරා අධ්‍යක්ෂවරයාය.රේණුකා බාලසූරියගේ විධායක නිෂ්පාදනයකි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද, විදුර අබේධීර අංග රචනයෙන් ද, සමිර මධු කිඳෙල්පිටිය කොණ්ඩා සැකසුමෙන් ද මේ සඳහා එකතු විය. කසුන් මලින්ද පරිඝණකාශ්‍රිත දෘෂ්‍ය ප්‍රයෝග සැකසීම, මෙත්රුවන් විජේසිංහ ඇඳුම් නිර්මාණකරණයෙන් ද දායක විය.

විශාරද නන්දා මාලිනී, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද උරේෂා රවිහාරි, විශාරද ශෂිකා නිසංසලා, විශාරද හර්ෂන දිසානායක මෙහි ගීත ගයා ඇත. සරිගමපා සඳහා ගීත දහතුනක් අන්තර්ගත වේ.


හේමාල් - උදාරි - බිමල් ආදරණීය කතාවක් සමඟ රට පුරා

ආදරණීය කතාවක් සිනමාපටයේ රඟපාන හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය සහ බිමල් ජයකොඩි සමඟ ආදරණීය කතාවක් නැරැඹීමට අවස්ථාව උදා වී තිබේ. ඔවුන් තිදෙනා ඉදිරි දිනයන්හි ආදරණීය කතාවක් තිරගත වන සිනමා ශාලාවන්ට පැමිණීමට නියමිතය. ඒ අනුව මෙම මස 09 වැනිදා උදෑසන 10.30 කිරිබත්ගොඩ හිමාලි සිනමා ශාලාවටත් සවස 2.30 ට ගම්පහ නයෝමි සිනමා ශාලාවටත්. 6.30 ට අනුරාධපුර විජේන්ද්‍ර සිනමා ශාලාවටත් පැමිණීමට නියමිතය. මෙම මස 10 වැනිදා සවස 2.30 ට නුවර රීගල් සිනමා ශාලාවටත් 7 ට කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවටත් ඔවුන් පැමිණෙනු ඇත.


සමනලුනට එන්න කියන්න පුංචි තිරයේ ආරාධනාවක්

කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ දේශීය ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ඉදිරිපත් කිරීමක් වන "සමනලුන්ට එන්න කියන්න" ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ දී පැවැත්විණි. ඒ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ප්‍රමුඛ කලාකරුවන් සහ විද්වතුන් රැසක් සහභාගීව සිටියහ.

අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක් සහ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් වන මේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එළැඹෙන අගෝස්තුවේ සිට අනුරාධපුරය අවට සිදු කිරීමට නියමිතය.

නයනතාරා වික්‍රමසිංහ, චින්තක කුලතුංග, ගයේෂා පෙරේරා, දයා තෙන්නකෝන්, ග්‍රේස් තෙන්නකෝන්, බුද්ධදාස විතානාරච්චි, භද්‍රා නන්දනී, හංසමාලා ජානකි, නෙතින් ජයසුරිය, සංගීතා තදානි, ජයන්ත මුතුතන්ත්‍රී, අයේෂා දිසානායක, අනුරුද්ධ ජයසිංහ, ඇන්ටන් කුරේ, බුද්ධික ලොකුකැටිය, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, අයෝධ්‍යා දක්ෂිණා, අංජන පේ‍්‍රමරත්න, දයාසිරි හෙට්ටිආරච්චි, අනෝජා වීරසේකර, සුනෙත් පි‍්‍රයශාන්ත, කෞශල්‍යා සමරසිංහ, අනුරුද්ධ ජයසිංහ, රොහාන් රණතුංග, දිලීප් මනෝහර, ලලින්ද්‍රා දිසානායක, විශ්වනාත් විජේසුරිය, කැලුම් විජේසුරිය, පවිත්‍රා වික්‍රමසිංහ, සුජීව ජාගොඩ, සමන්ත කුමාර ගමගේ, තුෂාර ලක්මාලි, ප්‍රභාත් චතුරංග, නිමේශ් වීරංග, රුක්මන් සේනාරත්න, සුජීවා පි‍්‍රයදර්ශනී, රවී ජයවර්ධන, ආර්. ජේ. රණතුංග, රුක්මන් සේනාරත්න ආදිහු මෙහි රඟති.

සසික හේරත් සහාය අධ්‍යක්ෂණයෙන් ද, චින්තක සෝමකීර්ති කැමරාවෙන් ද විශ්වනාත් විජේසුරිය අංග රචනයෙන් ද, සංජීව කරුණාරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද චන්දන ලියනගේ සංස්කරණයෙන් ද සුලෝචන අකලංක නිෂ්පාදන කළමනාකරණයෙන් ද එක්වන සමනලුන්ට එන්න කියන්න ටෙලි නාට්‍යය ආරියවංශ ධම්මගේගේ කතාවක් නිහාල් බණ්ඩාරගේ පිටපත් රචනයක් වශයෙන් එළි දකින්නකි.