වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




EARS & EYES නිර්මාණ එළිදැක්වීම

EARS & EYES නිර්මාණ එළිදැක්වීම

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය සංගීත පීඨයේ ව්‍යවහාරික සංගීත හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ 2016 - අවසන් වසර විද්‍යාර්ථීන්ගේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ සමුච්චයක්, 2016 ජූනි මස 16 අද සවස 3 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය පණීභාරත රංග ශාලාවේදී එළි දැක්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා සහ ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිනමා, රූපවාහිනී, සංගීත සහ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම නිර්මාණ එළිදැක්වීම සිදු කෙරෙනු ඇත.

ව්‍යවහාරික සංගීත හා ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරූ 2016 අවසන් වසරේ විද්‍යාර්ථීන්ගේ නිර්මාණ 18 ක් මෙහිදී එළිදැක්වීමට නියමිත අතර පිළිවෙළින් ගීත රූප රචනා (ඍඪඤඥධ ඉධදඨඵ) නවයක් සහ කෙටි චිත්‍රපට (ඉඩධපබ ජ්ඪතථඵ) නවයක් එහි අන්තර්ගත වේ.

ආදරය, යෞවන ප්‍රේමය, විරහව, මව්පිය සෙනෙහස, දේශාභිමානය, කාන්තා හිංසනය, සමාජ සදාචාරය, දේශපාලනය, අනුකරණය, පරම්පරා ගැටුම වැනි මාතෘකා මෙම ගීත රූප රචනා සහ කෙටි චිත්‍රපට සඳහා තෝරා ගෙන ඇත.

ඩබ්. ඩී. ඩබ්. සම්පත් මධුසංඛ වේගිරිය

ප්‍රසාංගික කලාවේදී (විශේෂ) උපාධිය

බ්‍රිතාන්‍ය රාජකීය සංගීත පාසලේ බටහිර වයලින් වාදනය පිළිබඳ පස්වන ශ්‍රේණියේ උසස් සාමාර්ථ්‍යය.

රූපවාහිනී ක්ෂේත්‍රයේ නිවේදකවරයකු සහ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කිරීම.

වාර්තා චිත්‍රපට, කෙටි චිත්‍රපට, ගීත රූප රචනාවන් ආදී නිර්මාණයන්හි නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරීම.

ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණය, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කිරීම සහ සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ යෙදීම.

‘ඉඟි වැස්සක්’ (ගීත රූප රචනය)

ඇඳුම් සහ පසුතල නිර්මාණය, කලා අධ්‍යක්ෂණය, සංගීතය, වර්ණ සංයෝජනය, සංස්කරණය, සංකල්පය, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය

බුද්ධිකා රත්නායක

ප්‍රසාංගික කාලවේදී (විශේෂ) උපාධිය

භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේ නෘත්‍ය විශාරද සහ වාද්‍යා විශාරද ප්‍රථම පෙළ සාමර්ථ්‍යය.

දක්ෂිණ් භාරත් හින්දි ප්‍රචාර් සහ හින්දි භාෂාව පිළිබඳ රාෂ්ඨභාෂා (තෙවන ස්ථරය) ප්‍රථම පෙළ සාමර්ථ්‍යය.

2015 වර්ෂයේ පැවැති හතර වන සිනමා අස්වැන්න කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට තරඟාවලියේ වාර්තා අංශයේ කුසලතා සම්මානය.

ශී‍්‍ර ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය මෙහෙය වූ රූපවාහිනී වැඩසටහන් පාඨමාලාව 2015

සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍රයන්හි වූ රූපවාහිනී වැඩසටහන් පාඨමාලාව 2015.

සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍රයන් හි ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

‘සිහිනේ සිතුවම්’ (ගීත රූප රචනය)

ඇඳුම් සහ පසුතල නිර්මාණය කලා අධ්‍යක්ෂණය, වර්ණ සංයෝජනය, සංස්කරණය, සංකල්පය, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය.

නීහාරා පෙරේරා

ප්‍රසාංගික කලාවේදී (විශේෂ) උපාධිය, භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ නෘත්‍ය විශාරද සහ වාද්‍ය විශාරද ප්‍රථම පෙළ සාමර්ථ්‍යය, දක්ෂිණ් භාරත් හින්දි ප්‍රචාර් සහ හින්දි භාෂාව පිළිබඳ ප්‍රවේෂිකා (සිව්වන ස්ථරය) ප්‍රථම පෙළ සාමර්ථ්‍යය

Diector-Cine Danza Entertainments
Neehara Music & Dance Academy
Owner & Dance Choteographer-
Neehara Dance Truope
ටවර්හෝල් රඟහල පදනම සමස්ත ලංකා ශෛලිගත නාට්‍ය තරඟය 2006 හොඳම නළුවා.

සිනමානුරූපී නර්තන නිර්මාණ ශීල්පිනියක ලෙස සහ සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍රයන්හි ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කිරීම.

‘ආයෙත් ළංවී’ (ගීත රූප රචනය)

ඇඳුම් නිර්මාණය, පසුතල නිර්මාණය, කලා අධ්‍යක්ෂණය, නර්තන නිර්මාණය, ගී පද රචනය, ගායනය, සංස්කරණය, සංකල්පය, තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය

සචින්ත මදුරංග කළුදේව

ප්‍රාසංගික කලාවේදී (විශේෂ) උපාධිය

ආචාර්ය දුලිප් ගබඩා මුදලිගේ මහතා යටතේ නාද තක්ෂණය පිළිබඳ සහතිකපත් පාඨමාලාව හදාරා ඇත.

බ්‍රිතාන්‍ය රාජකීය සංගීත පාසලේ බටහිර වයලීන් වාදනය පිළිබඳ පස්වන ශ්‍රේණියේ උසස් සාමර්ථ්‍යය.

සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යාංශය ප්‍රතිභා සංගීත තරඟාවලිය 2013/2014/2015 නූර්ති, නාඩගම්, නව නාට්‍ය ගායනය ප්‍රථම ස්ථානය.

සංගීත අධ්‍යක්ෂවරයෙක්, සිනමා අධ්‍යක්ෂවරයෙක් සහ රූපවාහිනී නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කිරීමට බලාපාරොත්තු වේ.

‘ශ්‍රී ලංකා’ (ගීත රූප රචනය)

ඇඳුම් නිර්මාණය, පසුතල නිර්මාණය, කලා අධ්‍යක්ෂණය, සංගීතය, සංස්කරණය, සංකල්පය, තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය.

ඉසංකා උදේශිනී

ප්‍රාසංගික කලාවේදී (විශේෂ) උපාධිය

සංගීත අධ්‍යක්ෂිකාවක් සහ රූපවාහිනී නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

‘තරු නෙතු’ (ගීත රූප රචනය)

ඇඳුම් නිිර්මාණය, පසුතල නිර්මාණය, කලා අධ්‍යක්ෂණය, ගායනය, සංකල්පය, තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය

ගංගානි මුණවීර

ප්‍රාසංගික කලාවේදී (විශේෂ) උපාධිය

සිනමා අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කිරීම.

2015 වර්ෂයේ පැවති හතර වන සිනමා අස්වැන්න කෙටි චිත්‍රපට සහ වාර්තා චිත‍්‍රපට තරඟාවලිය් වාර්තා අංශයේ කුසලතා සම්මානය

‘පා සළඹ’ (කෙටි චිත්‍රපටය)

ඇඳුම් නිර්මාණය, පසුතල නිර්මාණය, කලා අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය, සංගීතය, කැමරාකරණය, සංස්කරණය, සංකල්පය, තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය

හර්ෂණ දිසානායක

ප්‍රාසංගික කලාවේදී (විශේෂ) උපාධිය

භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේ විශාරද ප්‍රථම පෙළ සාමර්ථ්‍යය, 2004 ජනාධිපති සම්මාන, හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා, 2004 / 2005 ජනබල සම්මානය, ජනප්‍රියතම ගායකයා, 2009 සිග්නීස් සම්මානය නිර්මාණශීලී ගායකයා, 2015 රාජ්‍ය සංගීත සම්මාන උලෙළ හොඳම ගායකයා නවක. සංගීත අධ්‍යක්ෂවරයෙක්, සිනමා අධ්‍යක්ෂවරයෙක් සහ සංස්කරණ ශිල්පියෙක් ලෙස කටයුතු කිරීමට බලාපොරාතතු වේ.

‘වසන්තය’ (ගීත රූප රචනය)

ඇඳුම් නිර්මාණය, පසුතල නිර්මාණය, කලා අධ්‍යක්ෂණය, සංගීතය, සංකල්පය, තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය

දිලීමා හසන්ති

ප්‍රාසංගික කලාවේදී විශේෂ උපාධිය

භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේ විශාරද විභාගය

සංගීත ගුරුවරියක ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

‘සන්තාපය’ (ගීත රූප රචනය)

කලා අධ්‍යක්ෂණය, සංගීතය, සංස්කරණය, සංකල්පය, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය.

දිලිනි තාරුකා

ප්‍රාසංගික කාලවේදී (විශේෂ) උපාධිය, භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ වාද්‍ය විශාරද, ජනමාධ්‍යවේදිනියක සහ සිනමා අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කිරිමට බලාපොරොත්තු වේ.

‘කතිරය’ (කෙටි චිත්‍රපටය)

ඇඳුම් නිර්මාණය, පසුතල නිර්මාණය, කලා අධ්‍යක්ෂණය, සංස්කරණය, සංකල්පය, තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය.

ශශිකලා වීරක්කොඩි

ප්‍රාසංගික කලාවේදී (විශේෂ) උපාධිය, භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යාපීඨයේ විශාරද විභාගය සංස්කරණ ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

‘සහස් රහස්’ (කෙටි චිත්‍රපටය)

ඇඳුම් නිර්මාණය, කලා අධ්‍යක්ෂණය, සංස්කරණය, සංකල්පය, තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය

2005 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයීය අනුබද්ධ සෞන්දර්ය අධ්‍යන ආයතනය පූර්ණකාලීන විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තය වීමෙන් අනතුරුව ව්‍යවහාරික සංගීත අධ්‍යනාංශය නමින් හැඳින් වූ අප අධ්‍යනාංශය වසර පහක් ඇවෑමෙන් 2010 දෙසැම්බර් මස 29 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අති විශේෂ ගැසට් පත්‍රය 16/86/22 ට අනුව එදින පටන් ව්‍යවහාරික සංගීත සහ ජන සන්නිවේදන අධ්‍යනාංශය නමින් සංශෝධනය කරන ලදී. එතැන් සිට අප අධ්‍යනාංශයේ අධ්‍යන කටයුතුවල ස්වභාවය සහ ඉලක්කය පුළුල් ක්ෂේත්‍රයකට අවතීර්ණ විය. එමඟින් ප්‍රධාන සංගීත සම්ප්‍රදායන් (පෙරදිග හා අපරදිග) සහ ලෝකයේ භාවිත විවිධ සංගීත ශෛලීන්ගේ ආභාසය ප්‍රයෝගික පසුබිම සහ සම්බන්ධ ව්‍යවහාරික ක්ෂේත්‍රය ද ඊට අදාල ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණික මෙවලම් භාවිතය මත අපගේ පාඨමාලාව පදනම් වී ඇත. මෙම පාඨමාලාව හැදෑරීම මඟින් සිද්ධාන්තමය සහ ප්‍රයෝගික වශයෙන් නිර්මාණ කාර්යයෙහි ඇවැසි විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුමක් ලබා ගැනීමට විද්‍යාර්ථින්ට හැකි වන අතර වර්තමාන ව්‍යවහාරික සංගීත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින විවිධ වෘත්තීන් සඳහා යොමුවීමට අවස්ථාව උදාවේ.

එමෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ කාර්යයෙහි අත්‍යාවශ්‍ය වන තාක්ෂණික මෙවලම් භාවිතය, පරිගණක භාවිතය, චිත්‍රපට රූපවාහිනි නාට්‍ය රස වින්දනය සහ විචාරය යන විෂයන් ද වීඩියෝ තාක්ෂණය පිළිබඳ වූ පුහුණුව ද ලබා දෙන පාඨමාලාවකි. වෘත්තීයමය සංගීතවේදියෙකු බිහි කිරීම කේන්ද්‍ර කොටගත් මෙම පාඨමාලාව හැදෑරීමේදී වෘත්තීමය සංගීත අධ්‍යක්ෂවරයෙකු, වෘත්තීය ගායකයෙකු, වෘත්තීයමය වාදකයෙකු, වෘත්තීයමය මාධ්‍යවේදියෙකු සහ වෘත්තීමය ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණවේදියෙකු වීමේ හැකියාව ඇත.

මෙම පාඨමාලාවේ හර විෂයක් වන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අධ්‍යන විෂය ව්‍යවහාරික සංගීත හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන්ට දෙවන වසර් සිට හැදෑරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. එතැන් සිට සම්භාර 4, 6 සහ 6 ලෙස පිළිවලින් දෙවන තෙවන සහ අවසන් වසරවලදී මෙම විෂය අධ්‍යනය කිරීමට අපට හැකියාව ඇත. මෙම විෂය ප්‍රයෝගික සහ සෛදාන්තික වශයෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර චිත්‍රපට රස වින්දනය, තිර රචනය, කැමරාකරණය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය යන විෂයන් හැදෑරීමට අවස්ථාව ඇත.

අද වන විට අප අධ්‍යනාංශයෙන් ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය ලබාගත් විද්‍යාර්ථීන් කණ්ඩායම් තුනක් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන්වල නියැලී සිටින බව සඳහන් කෙරෙනුයේ සතුටිනි. වර්තමානයේ අධ්‍යන කටයුතුවල නිරත වී සිටින අප ශිෂ්‍ය කණ්ඩායම්වලට තාක්ෂණික උපකරණවල හිඟතාවය අධ්‍යන කටයුතුවලට තරමක බාධාවක් වුව ද ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ඇති දිවයිනේ ප්‍රවීණතම ආචාර්ය මණ්ඩලයකින් මෙම විෂය හැදෑරීමට අවකාශය ලැබීම පිළිබඳ අපි සතුටට පත් වන්නෙමු. අනාගතයේදී මෙම විෂය හැදෑරීමට බලාපොරොත්තු වන සහෝදර විද්‍යර්ථීන් වෙනුවෙන් තාක්ෂණික උපකරණ සහ මූල්‍ය ප්‍රතිපාදනවල තිබෙන හිඟකම සපුරාදීමට බලධාරින්ට හැකි වේ නම් අනාගතයේදී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ සෛද්ධාන්තික හා ප්‍රායෝගික දැනුම ඇති දක්ෂයින් බිහිවනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

අප නිර්මාණ සමුච්චය රස විඳීමට ගුණ දොස් විචාරයට සහ එම නිර්මාණ දිරි ගැන්වීම සඳහා පැමිණෙන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

අපගේ අධ්‍යනාංශය සහ පාඨමාලාව දියුණු කිරීම සඳහා උපකාර කළ හිටපු උපකුලපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ, හිටපු පීඨාධිපති මහාචාර්ය කෝලිත භානු දිසානායක,

හිටපු අධ්‍යනාංශ ප්‍රධානවරුන් වන

ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය මහින්ද සෙනෙවිරත්න, මහාචාර්ය රංජිත් ප්‍රනාන්දු, වර්තමාන අංශාධිපති ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය සරත් ප්‍රනාන්දු සහ

ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය අධ්‍යනය

විෂයභාර ආචාර්ය කථිකාචාර්ය ධම්මික දිසානාක ඇතුළු බාහිර කථිකාචාර්ය දීප්ති ද සිල්වා, බාහිර කථිකාචාර්ය රංග දසනායක,

බාහිර කථිකාචාර්ය දර්ශන මාපා පතිරගේ සහ අනෙකුත් ආචාර්ය බවතුන් ද

විශේෂයෙන්ම වර්තමාන උපකුලපති

මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා ද අප ගෞරවයෙන් සිහිපත් කර සිටිමු.

සංවිධායක කමිටුව වෙනුවෙන්

සම්පත් මධුසංක වේගිරිය,

සචින්ත මදුරංග කළුදේව,

බුද්ධිකා රත්නායක, නීහාරා පෙරේරා,

හර්ෂණ දිසානායක,

ව්‍යවහාරික සංගීත සහ ජනසන්නිවේදන අධ්‍යනාංශය, සංගීත පීඨය