වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ලස්සනට ඉන්න කෑමක් නැද්ද?

ලස්සනට ඉන්න කෑමක් නැද්ද?

බිකිනියකින් සැරසුණු ආලියා භාත්ගේ ඡායාරූප පසුගිය කාලයේ අන්තර්ජාලයේ ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්තා. දැන් ඇය ඒ ගැන කතා කරන්න පටන් අරන්. සුන්දර ලෙසින් සිරුර තබාගන්නා මන්තරය තමයි ඇය හැමෝටම කියන්නේ.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පෝෂණිය ආහාර නිවැරදි රටාවකට ගැනීම ඉතාම වැදගත් කියලා ආලියා කියනවා. ජීවිතයට සතුට දැනෙන විට සිරුර හැඩ වෙනවාලු. පසුගිය කාලයේ ඇයත් ඒ වෙනුවෙන් ගොඩක් වෙහෙසිලා. ඒ ශාන්ධාර් චිත්‍රපටය වෙනුවෙන්. ශාන්ධාර් චිත්‍රපටයට ඇය බිකිනියකින් සැරසි සිටින ජවනිකා ඇතුළත්. හැමදාම සිරුරේ හැඩය පවත්වා ගන්න ඇය ආහාර රටාව වගේම ජීවිතයේ සතුට ගැනත් ගොඩක් හිතනවාලු.

ආලියා මේ ගැන කතා කළේ පසුගියදා Sculpt and Shape : The Pilate Way එචර කෘතිය එළිදැක්වූ අවස්ථාවේදීයි. යස්මින් කරච්වාලා සහ සීනා ධලාල් රචනා කළ මේ කෘතිය සිරුරේ හැඩය හදාගන්න හැටි වගේම සිරුර ලස්සනට තියාගන්නත් උපදේශ සපයනවා.