වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලිනිස දුහුනන්ට දැනුම දෙයි

ටෙලිනිස දුහුනන්ට දැනුම දෙයි

ටෙලිනිස අලුත් වැඩකට අත ගසා ඇති බව දැනගන්නට ලැබුණා. ඒ පිළිබඳ සොයා බැලූ අපට දැනගන්න හැකි වූයේ සැබෑ නිර්මාණකරුවෙක් බිහි කිරීම් අරමුණ ඇතිව පාඨමාලාවක් ආරම්භ කිරීමට යන බවයි.

මේ පිළිබඳ සැබෑ තතු දැනගැනීම සඳහා අප ඔවුන් ඇමතූ විට අපව යොමු කළේ සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණයන් වෙතයි.

සුදත් අපේ කතාබහ ආරම්භයක් දෙමින් කෙටියෙන් පැහැදිලි කරමු මේ පාඨමාලාවේ අරමුණ?

රුව ගුණ තේජසින් සපිරි පරිපූර්ණ ටෙලි නාට්‍ය කලාවක් ගොඩ නැගීම.

පාඨමාලාවට ගැබ්ව ඇති විෂය පථය?

යම් නිර්මාණයක් සැකසීම සඳහා යොදා ගන්නා මුල් පිටපතක් බවට පත් වන මොහොතේ සිට එය නිර්මාණයක් බවට පත්ව ප්‍රදර්ශනය කරන ක්‍රියාවලිය දක්වා කිරීමට ඇති සියලු කාරණා පිළිබඳව මේ පාඨමාලාව ඔස්සේ උගත හැකියි.

ඒ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළොත්?

අධ්‍යක්ෂවරයකු දැනගත යුතු සියලු කරුණු මේ පාඨමාලාවට අඩංගුයි. මෙහිදී ප්‍රායෝගික හා න්‍යයාත්මකව දේශන පවත්වනවා. උදාහරණයක් ලෙස කිව්වොත් පිටපතක් සැකසීම, සහාය අධ්‍යක්ෂවරයකු, කලා අධ්‍යක්ෂවරයකු, කැමරා අධ්‍යක්ෂවරයකුගේ වගකීම, අධ්‍යක්ෂවරයා අතර ගොඩ නඟා ගත යුතු සහ සම්බන්ධය. මේ අයගේ වෙන් වෙන්ව කෙරෙන කාර්යභාරය පිළිබඳ මනා පුහුණුවක් ලබා දෙනවා.

මේ පාඨමාලාව පැවැත්වෙන ආකාරය?

සැප්තැම්බර් මාසයේ ආරම්භ කරනවා. සහභාගි විය හැක්කේ 75 දෙනෙකුට පමණි. දැනට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මෙය මාස 6 ක පාඨමාලාවක්. සෑම ඉරු දිනකම මෙය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සියලුම උපකරණ අප ලබා දෙනවා. ටෙලිනිස සාමාජිකයන්ට යම් සහනයක් ලබා දෙනවා.

මේ සඳහා දේශන පවත්වන්නේ?

ක්ෂේත්‍රයේ ඉන්න සුදුසුකම් ලත් ප්‍රවීණයන්.

මේ පාඨමාලාව සම්පූර්ණ කරන අයට ලැබෙන ප්‍රතිලාභ?

පරිපූර්ණ කලා නිර්මාණකරුවෙක් බිහි වෙනවා. ඒ වගේම තමන් කැමැති විෂය ඔස්සේ ඉදිරියේ කෙරෙන බොහෝ නිර්මාණ සඳහා දායක වෙන්න පුලුවන්. කාගෙවත් අතකොලුවක් නොවී තමන් උගත දේ අනුව නිවැරැදි නිර්මාණයක් කිරීම සඳහා පිරිස මෙහෙයවීමේ හැකියාව ලැබෙනවා.

වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම්?

ලිපිනය - අංක 131/ඒ, පාගොඩ පාර, පිටකෝට්ටේ.

දුරකථන - 0714754486, 0777425078 ඔස්සේ හෝ ටෙලිනිස වෙබ් අඩවිය ඔස්සේ තොරතුරු විමසිය හැකියි.