වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

ජෝන් ඒබ්‍රහම් බොලිවුඩයේ ආකර්ශනීය තරුවක්. ආර්ථික විද්‍යා අංශයෙන් ඉහළට ගිය ඔහු නළුවෙක් වගේම දක්ෂ ව්‍යවසායකයෙක්. බොලිවුඩ් නිළි බිපාෂා බාසු සමඟින් වසර ගණනාවක් පැවැති සබඳතාවය නතර වුණත් 2011 වසරේ සිට ඔහුගේ ජීවිතයේ නතියට හිටියේ ප්‍රියා රන්චාල්. ඇය ආයෝජන බැංකුකාරිණියක්.

තනිකඩ ජීවිතයට තිත තබමින් 2013 වසරේදී ජෝන් සහ ප්‍රියා විවාහ වුණේ අමෙරිකාවේදි. ඒකත් වැඩි ප්‍රසිද්ධියක් නැතුව කෙරුණු විවාහයක්.

දැන් ඒ විවාහ ජීවිතයටත් නරක කාලයක් උදාවෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. කසාද බැන්දත් දෙන්නාම ජීවත් වුණේ රටවල් දෙකක. ප්‍රියාට අමෙරිකාවේ ජීවත් වෙන්න සිදු වුණේ වැඩිදුර අධ්‍යාපන කටයුතු නිසා. ජෝන්ගේ වෘත්තිය ජීවිතයේ බැඳීලා තියෙන්නේ බොලිවුඩයේ. මේ දුර තමයි විවාහයට බලපෑම් කරලා තියෙන්නේ. කොහොම වුණත් මීට පෙරත් දෙන්නාගේ විවාහයට තිත තබන බවට ආරංචි පැතිරුණා.