වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




සයිෆ්ගේ දියණිය සාරාත් සිනමාවට

සයිෆ්ගේ දියණිය සාරාත් සිනමාවට

මේ සතියේ අලුත්ම තරුවත් ගැන අලුත් ආරංචියක් ඇවිත්. හැබැයි තරුවක් කිව්වට තරු දරුවෙක් ගැන තමයි මේ කතාව. පසුගිය කාලයේ අනිල් කපූර්ගේ දියණිය සෝනම්, සුනිල් ෂෙට්ටිගේ දියණිය අත්‍යා වගේම පසුගියදා ගෝවින්දාගේ දියණිය ටීනා අහුජාත් බොලිවුඩ් සිනමාවට පැමිණියා. මව්පිය උරුමයෙන් සිනමාවට පය තැබීම දැන් බොලිවුඩයේ මෝස්තරයක් බවට පත් වෙලා කියලත් ඇතැමුන් කියනවා.

කොහොම කොහොම හරි ඔන්න දැන් සයිෆ් අලි ඛාන් සහ අම්රිතා සිංගේ දියණිය සාරා අලි ඛාන් හින්දි සිනමාවට එන්න සූදානමින් සිටින පුවත හැමතැනම පැතිරිලා. ඒ වුණත් මීට වසර කිහිපයකට පෙරත් මේ ආරංචිය පාතිරුණත් සයිෆ් එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ.

ඔහු කිව්වේ ඇය තවම අධ්‍යාපන කටයුතු වල නිරත වන බවයි. කරීනාත් කිව්වේ ඇය දැන්ම සිනමාවට පැමිණෙන එකක් නැහැ කියලයි. මේ වන විට විසිතුන් හැවිරිදි වියේ පසුවන සාරා කොලොම්බියා සරසවියේ අධ්‍යාපන කටයුතු නිමකරලා අවසන්. තමන්ගේ දියණිය සිනමාවට පිවිසෙනවාට සයිෆ්ගේ අකමැත්තත් දැන් නැහැ වගේයි.

සාරා මේ වනවිට ජේ ශිවක්‍රාමනීගේ නිෂ්පාදනයකට දායකවෙමින් සිටිනවා. ඒවගේම ඇයට ඉතාම සුන්දර රූ සපුවක් හිමියි. තාත්තාගේ වගේම අම්මා අම්රිතාගේ රංගන හැකියාවත් ඇයට උරුම වෙලා. ඒ වතරක් නොවෙයි ඉන්දීය සිනමාවේ විශිෂ්ටතම නිළියක් ලෙසින් ගැනෙන ශර්මිලා තාගෝර් නැතහොත් සායිෆ්ගේ අම්මාගේ දක්ෂතාවයක් සාරාට ලැබිලා ඇති. බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ සාරාගේ රඟපෑමේ දක්ෂතාවය වර්තමාන තරුවලටත් අභියෝගයක් වේවි කියලයි.