වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තා වෙනුවෙන්

තාත්තා වෙනුවෙන්

පසුගිය සතිය ප්‍රියංකාට නම් බොහොම සංවේගජනක සතියක් වුණා. බොහොම ප්‍රීතිදායක අවස්ථාවක් යෙදිලා තිබුණත් එය ඇයට ඉතාම දුක්බර අවස්ථාවක් වුණා. ඇයගේ පියාගේ උපන්දිනය යෙදී තිබුණේ අගෝස්තු 22 වැනිදා. “තාත්තේ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා ! රෑ දොළහට ඇඳට පැනලා ඔයා බය කරලා කේක් කෑල්ලක් කවන්න තිබුණා නම්. . . මොන තරම් නම් සතුටක්ද” ප්‍රියංකා තම ට්විටර් පිටුවේ සටහන් කරලා තිබුණා.

ප්‍රියංකාගේ පියා ඉන්දීය හමුදාවේ වෛද්‍යවරයෙක්. 1997 වසරේදී විශ්‍රාම යනවිට ඔහු ලුතිනන් කර්නල්වරයෙක්. පසුගිය 2013 වසරේදී ඔහු ජීවිතයෙන් සමුගත්තේ පිළිකාවක් හේතුවෙන්. ප්‍රියංකා පවසන්නේ මේරිකොම් චිත්‍රපටයේ සාර්ථකත්වය තාත්තා වෙනුවෙන් කියලයි. ඇය මේ දිනවල බජිරාවෝ මස්තානි චිත්‍රපටයේ කටයුතු සමඟින් කාර්යබහුල වෙලා.