වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




මෙවර සරසවි අසපුවට වික්ටර්

මෙවර සරසවි අසපුවට වික්ටර්

ස්ටයින් ස්ටුඩියෝ මඟින් සංවිධානය කරන සරසවි අසපුවේ තුන්වැනි පියවර මෙම මස 28 වැනිදා රාත්‍රී 7 ට රත්මලාන ස්ටයින් මැදිරියේදී පැවැත්වෙයි. මේ සඳහා සහභාගි වන්නේ ආචාර්ය වික්ටර් රත්නායක සමඟ ජයන්ත සහ ලෙලුම් රත්නායකයි.

ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය 17 වැනි වරටත්

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් 17 වැනි වරටත් සංවිධානය කෙරෙන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය හෙට (28) පෙරවරු 9.30 ට කොළඹ ජාතික කලා භවනේදී කලාසූරි සතිශ්චන්ද්‍ර එදිරිසිංහ අතින් මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරේ. එහිදී ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමට ද කටයුතු යොදා ඇත.

හෙට මධ්‍යහ්න 12.00 සිට පස්වරු 6.00 දක්වාත් 29 සහ 30 දෙදින පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වාත් ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව තිබේ.

සෞන්දර්ය නිකේතනයෙන් නොමිලයේ පාඨමාලා රැසක්

බස්නාහිර පළාත් සභාවේ සෞන්දර්ය නිකේතනය මගින් බස්නාහිර පළාතේ අවුරුදු 18 – 30ත් අතර තරුණ - තරුණියන් සඳහා සෞන්දර්ය විෂය පාඨමාලා 04ක් පැවැත්වීමට සැලසුම්කර ඇත. සැප්තැම්බර් මසයේ ආරම්භ කිරීමට නියමිත මෙම පාඨමාලාවල කාලය මාස 04කි. මේ පාඨමාලා නොමිලයේ පැවැත්වෙන අතර දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සති අන්තයේ පවත්වනු ලබයි. වෘත්තීය ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ප්‍රවීණ කලා ශිල්පීන් මෙහෙය වන මේ පාඨමාලාවල විශේෂත්වය නම් සිසු සිසුවියන් සම්බන්ධ කර ගනිමින් වේදිකා නාට්‍යයක් හා රූපවාහිනි නිර්මාණයක් එළි දැක්වීමට කටයුතු කිරීමයි. මේ පිළිබද වැඩි විස්තර කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ( කොළඹ විශ්වවිද්‍යාලයට යාබදව) බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙන් හෝ 0112081500 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

යශෝරාවය 28 වැනිදා යූත් හිදී

සිංහ එෆ්. එම්. නාළිකාව විසින් සංවිධානය කෙරෙන 'යශෝරාවය' සංගීත ප්‍රසංගය ලබන 28 වැනිදා මහරගම යුත් හිදී පවැත්වීමට නියමිතය. ආචාර්ය රෝහණ වීරසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, සමිතා එරන්දතී මුදුන්කොටුව මෙම ප්‍රසංගය ගීතවත් කිරීමට දායක වේ.

බෙල්වුඩයට 35 යි

ලේ දන්දීමක් පළමු වැනිදා

බෙල්වුඩ් කලා සෞන්දර්ය නිකේතනය ආරම්භකර වසර 35ක් සපිරෙන සැප්තැම්බර් පළමු වැනිදා ලේ දන්දීමේ කඳවුරක් පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 1980 වසරේ ජාතික තරුණ සේවා සභාව බිහිකළ බෙල්වුඩ් සංස්කෘතික නිකේතනයෙන් මෙරට කලා ක්ෂේත්‍රයට දක්ෂ ශිල්පීන් රැසක් දායක කළේය.

නිර්මලා පෙරේරාගේ ‘සැරදේ මරඳ මඩු දේව මෑණියනි ’

ළමා හා යොවුන් ලේඛිකාවක හා නිදහස් මාධ්‍යවේදිණියක වන නිර්මලා පෙරේරාගේ ‘සැරදේ මරඳ මඩු දේව මෑණියනි ’ කෘතිය පසුගියදා දොරට වැඩිණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ මේ කෘතිය කතුවරිය විසින් ගුවන් විදුලියේ වෙළෙද සේවා අධ්‍යක්ෂිකාවක මෙන්ම නිවේදිකාවක වන චිත්‍රා කුමාරි කළුබෝවිලට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේද පිරි නමන අයුරුයි. -

සෞන්දර්ය නිකේතනයෙන්  නොමිලයේ පාඨමාලා රැසක්

බස්නාහිර පළාත් සභාවේ සෞන්දර්ය නිකේතනය මගින් බස්නාහිර පළාතේ අවුරුදු 18 – 30ත් අතර තරුණ - තරුණියන් සඳහා සෞන්දර්ය විෂය පාඨමාලා 04ක් පැවැත්වීමට සැලසුම්කර ඇත. සැප්තැම්බර් මසයේ ආරම්භ කිරීමට නියමිත මෙම පාඨමාලාවල කාලය මාස 04කි. මේ පාඨමාලා නොමිලයේ පැවැත්වෙන අතර දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සති අන්තයේ පවත්වනු ලබයි. වෘත්තීය ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ප්‍රවීණ කලා ශිල්පීන් මෙහෙය වන මේ පාඨමාලාවල විශේෂත්වය නම් සිසු සිසුවියන් සම්බන්ධ කර ගනිමින් වේදිකා නාට්‍යයක් හා රූපවාහිනි නිර්මාණයක් එළි දැක්වීමට කටයුතු කිරීමයි. මේ පිළිබද වැඩි විස්තර කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ( කොළඹ විශ්වවිද්‍යාලයට යාබදව) බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙන් හෝ 0112081500 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

හඳයා සහ සත් සමුදුර ගෙදරට එයි

සම්මානනීය පැරණි චිත්‍රපට ද්විත්වයක් ටොරානා වීඩියෝ මූවිස් වෙතින් නිකුත්කර ඇත. ලංකාවේ ප්‍රථම ළමා චිත්‍රපටය වන ‘හඳයා’ සහ ධීවර ජන සමාජයේ කතා පුවතක් රිදී තිරයට ගෙන ආ ‘සත් සමුදුර’ චිත්‍රපට මෙලෙස ඩීවීඩි ලෙසින් එළිදක්වා තිබේ.

1979 වසරේ තිරගත වූ ‘හඳයා’ චිත්‍රපටයේ නිෂ්පාදනය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය ටයිටස් තොටවත්ත විසිනි. 1980 වසරේ සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂණය, තිරරචනය, හා සංස්කරණය සම්මාන හතරම හඳයා චිත්‍රපටයට හිමි විය. ඉතාලියේ ගිෆොනි සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය වෙමින් හඳයා ජාත්‍යන්තර කීර්තියට ද පත්විය.

අග්‍රගණ්‍ය කවියෙකු, නවකතාකරුවෙකු වූ මහාචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘සත් සමුදුර’ චිත්‍රපටය 1967 වසරේදී තිරගත විය. එය සිරි ගුණසිංහගේ ප්‍රථම සහ එකම චිත්‍රපට අධ්‍යක්ෂණය ද වේ. 1967 වසරේ සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන රැසක් සත් සමුදුර චිත්‍රපටයට හිමි විය.