වර්ෂ 2015 ක්වූ අගෝස්තු 27 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

කිණිහිරියා මල් චිත්‍රපටය පසුගිය සතියේ පළවීමට නියමිතව තිබුණ ද ප්‍රමාද දෝෂයකින් මඟහැරී තිබිණ. එය තිර ගත වූයේ පිස්සු පූසෝ මෙන්ම එකම දිනකය. මෙම වරද පෙන්වාදීම සම්බන්ධව අපේ පාඨක නාලක වීරමන් මහතාට ස්තූතිවන්ත වෙමු.

කිණිහිරියා මල්

තිරගත වූ දිනය - 2001 මැයි 02
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
අදහස සහ අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න
තිර රචනය - එච්. ඩී. ප්‍රේමරත්න, සරත්චන්ද්‍ර ගම්ලත්
සහාය අධ්‍යක්ෂණය - අනුරුද්ධ ජයසිංහ
සහාය අධ්‍යක්ෂණ සහාය - සංජය විතානගේ, චමින්ද අබේගෙදර, රේඛා දිලාන ප්‍රේමරත්න
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
කැමරා සහාය - සුනිල් ජයවීර, බී. එම්. ආරියරත්න
සංස්කරණය - එල්මෝ හැලිඩේ
සංස්කරණ සහාය - ප්‍රියන්ත ගුණවර්ධන, එච්. ඩී. රත්නපාල, එස්. රංගන ප්‍රසාද්
අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - ප්‍රියන්ත එස්. වන්නිආරච්චි
කලා අධ්‍යක්ෂණය - ලාල් හරේන්ද්‍රනාත් සහාය - අනුරාධ රංජිත්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චමින්ද, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර
ශබ්දාගාර පහසුකම් - සරසවි චිත්‍රාගාරය, දළුගම
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් රසායනාගාරය, ඉන්දියාව
නිෂ්පාදන කළමනාකරණය - නිහාල් සංජය
නිෂ්පාදන අංශයේ සහාය - ලසන්ත අබේගුණවර්ධන, සුසන්ත කුමාර
නිශ්චල ඡායාරූප - ලීනස් කල්දේරා
නාමාවලිය - ප්‍රේම් දිසානායක
කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන සහාය - පාලිත කුමාර, කේ. බී. ආරියපාල
කාර්මික ශිල්පීන් - වසන්ත ප්‍රදීප්, ෂෙල්ටන් සේනානායක, අනුරාධ ජයසූරිය, ලක්ෂ්මන් ප්‍රියදර්ශන, මහේෂ් රූපසිංහ
කැමරා සහ ආලෝක උපකරණ - සුමිත්ත අමරසිංහ එන්ටර්ප්‍රයිසස් කැමරා දොඹකර (ක්‍රේන්) - සම්පන් ෆිල්ම්ස්
සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා - ඊස්ටන් රෙකෝඩින් (ඔගී ශබ්දාගාරය)
ප්‍රවාහන පහසුකම් - කේ. එම්. ගුණරත්න, පී වස්තුහේවා
විදුලි උත්පාදක යන්ත්‍ර සැපයීම - නිමල් සුපර් ලයිට්ස්
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත හා ගායන ශිල්පීන් - සඳ මිරිඟු දියේ - නිරෝෂා විරාජිනී - පද - වසන්ත කුමාර කොබවක
නිදි මත නෑ එන්නේ - රොනී ලීච්, කොරින් අල්මේදා - පද - දිලීප අබේසේකර
මට වැවක් වෙන්න (කවි) නෙළු අධිකාරී - පද - රත්න ශ්‍රී විජේසිංහ
අඳුරේ රිදී රේඛාවක් (කවි) නෙළු අධිකාරි - පද - පල්ලේගම හේමරතන
නා හිමි සිතුවිලි වලාකුළේ (කවි) නෙළු අධිකාරි - පද - ප්‍රීති රන්දෙනිය

නළු නිළියන් - සංගීතා වීරරත්න, වසන්ති චතුරානි, කමල් අද්දරආරච්චි, රොජර් සෙනෙවිරත්න, ප්‍රදීප් සේනානායක, ටෝනි රණසිංහ, අශෝක පීරිස්, අයිරාංගනී සේරසිංහ, වීණා ජයකොඩි, සනෝජා බිබිලේ, ග්‍රේස් තෙන්නකෝන්, දයා තෙන්නකෝන්, විමල් වික්‍රමආරච්චි, එලන් සිල්වෙස්ටර්, රමණී ෆොන්සේකා, රොනී ලීච්, ඥානාංග ගුණවර්ධන, ගුණදාස මදුරසිංහ, නිලන්ති විජේසිංහ, ප්‍රමිලා කුරුප්පු, රේඛා දිලානි ප්‍රේමරත්න, ලාල් කුලරත්න, සුසිලා කෝට්ටගේ, බන්දුලසූරිය බණ්ඩාර, සෝමසිරි කොළඹගේ, සමන් මුණසිංහ, නිමල් ඇන්තනි, දමිතා සළුවඩන, සයිමන් නවගත්තේගම, සුමුදු ගුණසේකර, සමන් අල්මේදා, කුමුදු නිලවීර, චමිල කොඩිකාර, කොරින් අල්මේදා, දයාරත්න සිරිවර්ධන, සමන් වීරසිරි, ශාන්ති භානුෂා, රංජිත් පෙරේරා, හිමාලි සිරිවර්ධන, රිචාඩ් අබේවර්ධන, ප්‍රැන්සිස් දියලගොඩ, තිස්ස කාරියවසම්

බලකාමය

තිරගත වූ දිනය- 2001 ජූලි 23
ඉදිරිපත් කිරීම - මැන්ඩර් ස්ටාර් සිනේ ආට්ස්
කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
සහය අධ්‍යක්ෂණය - සමන් සිල්වා
කැමරාකරණය - දිනේෂ් කුමාර් සංස්කරණය - එල්මෝ හැලිඩේ
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ජගත් චාමින්ද, කුමාරසිරි සිල්වා, ආර්. ඒ. රණසිංහ
දෙබස් පටිගත කිරීම සහ සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම
වර්ණ රසායනාගාර කටයුතු - තිලක් අබේසිංහ
රසායනාගාර නිලධාරීන් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත දිසානායක, එම්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් - බත්තරමුල්ල
සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස්
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
ධාවන කාලය - පැය 2 යි දිග අඩි 11,6000
නළු නිළියන් - තිලක් ජයවීර, අනූෂා දමයන්ති, විමල් කුමාර් ද කොස්තා, නිමල් සුමනසේකර, සනත් විජේසිංහ, ගාමිණී කුමාර, ජෙහාරා හසන්, සුදත් කුමාර, මිල්ටන් කුමාරප්පෙරුම, නදීෂ කරුණාරත්න, හේමන්ත රත්නකුමාර, කැළුම් පොන්වීර, චමින්ද පර්ලිං

ජොන්සන් ඇන්ඩ් ගොන්සන්

තිරගත වූ දිනය - 2001 ජූලි 26
ඉදිරිපත් කිරීම - ජය ලක්ෂ්මි ෆිල්ම්ස්
රේඛීය නිෂ්පාදනය - සුමනා අමරසිංහ
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි, සමන් ද සිල්වා
කැමරාකරණය - ජී. නන්දසේන සහාය - අනුර කොඩිකුවක්කු, දිනේෂ් කුමාර
ආලෝකකරණය - කරණාදාස පතිරණ, තිලක් පුෂ්ප කුමාර, වී. කේ. එල්. ප්‍රේමලාල්, සුරේන්ද්‍ර කුමාර
සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
අංග රචනය - ඉමල් ශානක පීරිස් සහ ප්‍රියන්ත එස්. වන්නිආරච්චි
නැටුම් - වාසනා තල්ගහගොඩ, ප්‍රදීපා ආරියවංශ
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ආනන්ද වික්‍රමරත්න, කේ. වී. නන්ද කුමාර
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, මදුරාසිය
සැකසුම - සරසවි චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම - මර්වින් බෙනිෂ් (නෙකෝ ශබ්දාගාරය) කටහඬ - අසංක පෙරේරා, රෝයි ද සිල්වා
කැමරා උපකරණ - ත්‍රැපෝබේන් ෆිල්ම්ස්
පසුතල නිර්මාණය - සුනෙත් නන්දලාල්, සහාය - සහන් ජනක හේරත්, අසේල සල්ගාදු
නිෂ්පාදන කළමනාකරණය - වසන්ත සේනානන්ද
නිෂ්පාදන කෘත්‍යාධිකාරී - සුමනා අමරසිංහ
නිශ්චල ඡායාරූප - ජගත් මායාදුන්න, ජගත් අමරසිංහ
නාමාවලිය - සාලිය ඩයස්
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන් - මුසු මුසු වේවි - නුවන් ගුණවර්ධන, සංගීත් වික්‍රමසිංහ
සඳ රැයේ නැගේවි කියා - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි
සරිගම පධනි - සංගීත් වික්‍රමසිංහ, චම්පා කල්හාරි
ඇහැව්වේ කිව්වේ - චම්පා කල්හාරි, නුවන් ගුණවර්ධන
ඇයි මිස්ටර් මේ වාගේ - චම්පා කල්හාරි, නුවන් ගුණවර්ධන

නළු නිළියන් - රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න, සුමනා අමරසිංහ, ටෙනිසන් කුරේ, රුවන්ති මංගලා, සුනිල් හෙට්ටිආරච්චි, ගැමුණු විජේසූරිය, රොනී ලීච්, මංගල ප්‍රේමරත්න, ජයන්ත බෝපේ ආරච්චි, රෝයි ද සිල්වා, මහින්ද සිල්වා, උපාලි කීර්තිසේන, නෝමන් පලිහවඩන, ශිරෝමි ප්‍රියදර්ශනී, සංදීපනී සෙව්වන්දි

ජොලි හලෝ

තිරගත වූ දිනය - 2001 සැප්තැම්බර් 06
ඉදිරිපත් කිරීම - නිමලවීර චිත්‍රපට
නිෂ්පාදනය සහ විධායක අධ්‍යක්ෂණය - නිමල් වීරක්කොඩි
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය, සංස්කරණය - ශ්‍රීලාල් ප්‍රියදේව
සහාය අධ්‍යක්ෂණය - කැළුම්
සංජීව, චමින්ද පතිරත්න කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
කැමරා සහය - ලලිත් තෝමස්, ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රැන්ක්ලින් රූප්, ජයසේන පෙරේරා, හේමන්ත පෙරේරා
සංස්කරණ සහය - සුනෙත් මැල්සිරිපුර
අංග රචනය - මනෝ සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය හා පසුතල නිර්මාණය - රංජිත් රණසිංහ
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, කුමාරසිරි ද සිල්වා, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි
සැකසුම, දෙබස් පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - ටිරෝන් මයිකල්, අනිල් ජයසිංහ, සුජිත් මහේන්ද්‍ර, නෙලූ ඩයස්
නාමාවලිය - රමේෂ් ඉන්දික
කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - නිමලවීර ෆිල්ම්ස් එක්කියුමන්ට්
ප්‍රවාහන සේවා - තුසිත වේවැල්ල, රත්න කුමාර ඩයස්, ලලිත් ගුණවර්ධන, සිරිපාල සේනානායක
නිෂ්පාදන සහාය - උදය ශාන්ත මනතුංග, මයිකල් සිල්වා, කමල් රසාංග
දෙබස් කැවීම - ඉනෝකා බොතේජු, සේනානි වික්‍රමසිංහ, කේ. එච්. සුමංගලිකා, සුජානි මේනකා, දයාක්ෂි උදාරිකා, අසංග පෙරේරා, ජෛනුද්දීන්, රොෂේන් රක්ෂිත, අචිනි නිෂාදිකා, මදුවන්ති වික්‍රමනායක
කොණ්ඩා සැකසුම - වික්ටර් ලොයිඩ්
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
ධාවන කාලය - පැය 2 - දිග අඩි 116000 - පිටපත් ප්‍රමාණය - 15
පසුබිම් සංගීතය - මර්වින් ප්‍රියන්ත
ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු
ගීත හා ගායන ශිල්පීන් - දුන්නා වැඩයි කිඩයි වෙඩි වගේ - ප්‍රතාප් රාජිත, සුසිල් ප්‍රනාන්දු, මැණික් චන්ද්‍රිකා
දෙවියනේ ඇයි අනේ - නුවන් ගුණවර්ධන

නළු නිළියන් - බන්දු සමරසිංහ, නිලන්ති ඩයස් කරුණාරත්න, අර්ජුන කමලනාත්, අර්ඩ්ලි වෙදමුණි, සංදීපා සෙව්මිණි, ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, ෆ්‍රෙඩී සිල්වා, ශ්‍රීනාත් මදුද්මගේ, හිරන්‍යා චන්ද්‍රගුප්ත (ළමා), කවිඳු සසංක (ළමා), ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, දොන් ගයි, ශිරෝමිකා ප්‍රනාන්දු, ලතා ලුම්බිණි, නිෂාකා මධුමාලා, අචලා රෝෂිනි, නෂාතා මේධාවි, අප්සරා රත්නායක, නිලන්ති මධුමාලා, නිලුකා දිල්රුක්ෂි, නිරෝෂනි එරංදි, නිශාන්ති ගුණවර්ධන, සුනිල් බමුණුආරච්චි, සිසිර කුමාරතුංග, රාජු ගමගේ, ගයාන් වීරසිංහ, කෙවින් ඩිලාන්, හේමන්ත ඊරියගම, සිරිමන් එදිරිවීර, පාලිත ප්‍රේ්මසිරි, චමින්ද ඇල්පිටිය, සුභාෂ් පෙරේරා, ආනන්ද විරසිංහ, සාලිය නුවන්ප්‍රිය, කුමාර තිලකරත්න, ධනුක අසේල, චමින්ද, ලහිරු සොයිසා, විරාජ් අසංක, රංජිත් රණසිංහ, චමින්ද පතිරත්න, ආශා ආරියරත්න, ඉරෝෂා ප්‍රියංගනී, ඩබ්ලිව්. ඒ. නිමාලි, පී. ඩී. ධම්මි, කුසංගා ද සිල්වා, මධු ජයවීර, තුෂාණි ලක්මිණි, කුසුම් පෙරේරා, මහතුං උදේ ශාන්ත, ශර්ලි ගම්ලත්, මාලින්ද ප්‍රනාන්දු, උපාලි, සමුද්‍ර රංගන, අනිල් ජයසිංහ, චමරි මේනකා, මනෝ සෙල්වරාජ්, වයි. ඊ. එම්. ජයරත්න

කුමරි බඹසර හැඬූදා

තිරගත වූ දිනය - 2001 සැප්තැම්බර් 18
ඉදිරිපත් කිරීම - ශක්තිධර චිත්‍රපට
කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ
සහය අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ, පාලිත ඒකනායක
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් සහාය මාෂල් ස්ටැන්ලි
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය, කොණ්ඩා සැකසුම - ඉන්දික උදාර ලංකා
කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
සටන් අධ්‍යක්ෂණය - සේනක විජේසිංහ
නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර
විශේෂ නැටුම් දර්ශනය - ත්‍රිෂූලා මකාරියොස්
ඇඳුම් නිර්මාණය - ලේඩීලයින්, මහරගම
ආලෝකකරණය - චමින්ද පතිරත්න, රොහාන් කරුණාරත්න, සමන් කුමාර, රුවන් චමින්ද
දෙබස් පටිගත කිරීම - ජගත් චාමින්ද
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය -සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, සිරිසේන
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදක විධායක - චන්ද්‍ර වික්‍රමසිංහ
නිශ්චල ඡායාරූප- එම්. ඒ. ගෆූර් නාමාවලිය - නවෝද් ධනුෂ්ක වික්‍රමසිංහ
සංගීත අධ්‍යක්ෂණය - නාත් බණ්ඩාර
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන් - එන්න පියඹා ඉතිං - විල්බට් ඇන්තනි, උරේෂා රවිහාරි
දිලිසෙයි ඇස් ඔබේ - උරේෂා රවිහාරි දඟකාර මේ රුල්ල - දයාරත්න පෙරේරා, උරේෂා රවිහාරි
රත්තරන් මගේ පැතුම් - උරේෂා රවිහාරි

නළු නිළියන් - සේනක විජේසිංහ, ජානකී විජේරත්න, තනුජා වීරසූරිය, ලාල් වීරසිංහ (ගරු), රත්නා ලංකා අබේවික්‍රම, සුමිත් මුදන්නායක, තිලක් රණතුංග, දයාරත්න සිරිවර්ධන,රේණුකා මායාදුන්න, ප්‍රියංකා හේමමාලි, චන්න ගලප්පත්ති, චමින්ද ජයසිරි, චතුර වීරවර්ධන, සිසිර කුමාර රාජපක්ෂ, රුවන් පී. වසන්ත, ඩබ්. ඩී. සජිත්, උදිත් අහුන්ගල්ල, සමන් ප්‍රනාන්දු, ෂෙල්ටන් ප්‍රනාන්දු, වන්ශ්‍රී ලියනගේ, පද්මිණී පෙරේරා

දිනුම කාගෙද

තිරගත වූ දිනය - 2001 සැප්තැම්බර් 20
ඉදිරිපත් කිරීම - ගයා ෆිල්ම්ස්
නිෂ්පාදනය - ශ්‍යාමලී වික්‍රමසිංහ, ගයා වික්‍රමසිංහ
තිර රචනය සහ අධ්‍යක්ෂණය - ආනන්ද වික්‍රමසිංහ
කතාව - හර්ෂණ නානායක්කාර, ගයා වික්‍රමසිංහ
දෙබස් - රොඩ්නි විදානපතිරණ
සහාය අධ්‍යක්ෂණය - කිර්ති රත්නායක
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්
අංග රචනය - රොහාන් මුදන්නායක
කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණරත්න
රසායනාගාර කටයුතු - තිලක් අබේසිංහ (ඩිල් ෆිල්ම්ස්)
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, එච්. ඒ. ඇල්බට්, එස්. මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, සුමිත් දිසානායක, නිමල් පෙරේරා, තිලකසිරි ද සිල්වා
සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය, ඩිල් ප්‍රොසෙල්
ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා, ජනකලා ශබ්දාගාරය
ධාවන කාලය - පැය 2, දිග අඩි 12000, පිටපත් ප්‍රමාණය - 10
සංගීත අධ්‍යක්ෂණය - රංග දසනායක, සරත් දසනායක
ගීත ගායනය - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල
ගීත ප්‍රමාණය - 05
අපි දෙන්නා යාළු ජීවිතේ සැමදා ළඳකගේ හද විලේ රන් රසු දැල් සැළුනාදෝ (යුග),
ආරාධනා ආයාචනා (යුග)

නළු නිළියන් - හර්ෂණ නානායක්කාර, උශානි ධීරසිංහ, මර්වින් ජයතුංග, ක්ලීටස් මෙන්ඩිස්, චිරංජය නානායක්කාර, සමන්ති ලැනරෝල්, සුනිල් හෙට්ටිආරච්චි, සඳුන් විජේසිරි, සරත් ද සිල්වා, ලාල් පීරිස්