වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මිලියන 10ක්

මිලියන 10ක්

යහළුවන්ට අකමැති කවුද? බොහෝ දෙනක් කැමැති තමන්ට ගොඩක් යහළුවන් ඉන්නවට. ඒ වගේම නළු නිළියන් ගොඩක් කැමැති තමන් වටා රසික රසිකාවන් ගොඩක් ඉන්නවා දකින්නයි. දැන් ඒ සතුට විඳින තවත් කෙනෙක් ගැන ආරංචි වෙනවා. මිලියන 10ක රසික රසිකාවන් පිරිසක් වටකරගෙන ඔහු දැන් සිටින්නේ ගොඩක් සතුුටින්.

රිතික් රෝෂන්ගේ ට්විටර් ගිණුමේ සාමාජිකයන් සංඛ්‍යාව පසුගියදා මිලියන 10 සනිටුහන් කළා. මේ වන විට බොලිවුඩයේ ට්විටර් මිතුරන් වැඩිම ගණනත් සිටින්නේ අමිතාබ් බච්චන්ට. ඔහුගේ මිතුරන් සංඛ්‍යාව මිලියන 15ක්. දෙවැන්නා ෂාරුක්. තෙවැන්නා අමීර්. ඊළඟට සල්මන්. ඇත්තටම ඒ සතුට කෙතෙරම්ද කියන්න නම් ඒක විඳින්නම ඕනි කියලයි රිතික් කියන්නේ. මේ නිසාම රිතික්ට රංගන ක්ෂේත්‍රයේ වැඩ කරන්නත් අමුතුම ශක්තියක් ලැබිලා. රිතික් ඒ සතුට සිය ට්විටර් පිටුවේ සටහන් කළේ මේ අයුරින්.

“ඇත්තටම මිලියන 10ක්. දැන් තමයි තේරුණේ. ඒක කෙතරම් නම් අපූරුද? ස්තූතියි මිතුරනි, මිතුරියනි. මම පොරොන්දු වෙනවා මගේ උපරිමයෙන් සේවය කරන්න”. රිතික් මේ දවස්වල මොහෙන්ජෝ දාරෝ චිත්‍රපටයේ රූගත කිරිම් සහා කාලය වෙන් කරලා තියෙන්නේ.