වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




රාම් ලඛාන් ආයෙමත්

රාම් ලඛාන් ආයෙමත්

පැරණි හින්දි චිත්‍රපට නැවත නිර්මාණය කිරීම දැන් මෝස්තරයක් බවට පත් වෙලා. 1989 වසරේදී සුභාෂ් ගයි විසින් අධ්‍යක්ෂණය කළ රාම් ලඛාන් චිත්‍රපටයත් මේ වනවිට ප්‍රතිනිර්මාණය කිරීමට සූදානම් වන බව බොලිවුඩ් පුරයෙන් දැන ගන්න ලැබෙනවා. මේ ආරංචියත් සමඟ හැමෝගෙම ප්‍රශ්නය වුණේ කවුද මෙහි රංගනයෙන් එක් වෙන්නේ යන්නයි.

මේ කතාව ගැන රාම් ලඛාන් මුල් චිත්‍රපටයේ රංගන තරුවක වූ අනිල් කපූර් සිටින්නේ ලොකු සතුටකින්. ඒ වගේම මූල්‍ය අංශයේත් සාර්ථක වනු ඇති බව ඔහු පවසා සිටියා. අනිල් සමඟින් ජැකී ෂරොෆ්, මධුරි ඩික්සිත්, ඩිම්පල් කපාඩියා ඒ සඳහා රංගනයෙන් දායක වුණා. මේ නව නිර්මාණ කාර්යයේ පෙරමුණ ගෙන සිටින්නේ රෝහිත් ෂෙට්ටි සහ කරන් ජොහාර්.

රෝහිත්ගේ පෙර නිර්මාණයක් වූ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයෙන් ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් වරුන් ධවාන් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා මෙහි රඟපාන්න නියමිත බව ආරංචි වුණා. එහිදී අනිල් නිරූපිත රාම් ප්‍රතාප් සිංගේගේ චරිතය සිද්ධාර්ත් විසින් ද ජැකී විසින් නිරූපිත ලඛාන් ප්‍රතාප් සිංගේ චරිතය වරුන් විසින්ද නිරූපණය කිරීමට නියමිත බවට කටකතා පැතිරුණා. ඒ වගේම පාකිස්තාක නළු ෆාවද් ඛාන්ගේ නමත් මේ සමඟ කියවෙනවා. මධුරිගේ චරිතය නම් ලැබෙන්නේ ආලියා භාත්ටලු. ඒත් ඉතිං අනිල්ගේ කැමැත්ත තියෙන්නේ තම අයියණ්ඩිය වූ බොනීගේ පුතු අර්ජුන් කපූර් රාම් ප්‍රතාප් සිංගේ චරිතය නිරූපණය කරනවා බලන්නලු.