වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




හඳගම සමඟ ඇහැරෙන්න සංවාද සම්මන්ත්‍රණය

හඳගම සමඟ ඇහැරෙන්න සංවාද සම්මන්ත්‍රණය

අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය 'ඇගේ ඇස අග' චිත්‍රපට තේමා ගීතයේ පෙරඹර දැක්ම සහ උදිත ගයාෂාන් ගුණසේකර සංස්කරණය කළ 'හඳගම සොයා යෑම' කෘතියේ දොරට වැඩුම නිමිති කරගත් 'හඳගම සමඟ ඇහැරෙන්න' සංවාද සම්මන්ත්‍රණය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී පැවැත්විණ.

මෙහිදී 'හඳගම සොයා යෑම' සංකථන කෘතිය පිළිබඳ ප්‍රවීණ ලේඛක හා විචාරක සමන් වික්‍රමාරච්චිද, 'ඇගේ ඇස අග' චිත්‍රපට තේමා ගීතය පිළිබඳ ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න ද දෙසුම් පැවැත් වූ අතර මෙම උත්සවය සම්බන්ධීකරණය කොට ඉදිරිපත් කරනු ලැබුවේ රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සේන නානායක්කාර විසිනි.

ජාතික චිත්‍රපට සංස්ථාව, ෆාස්ට් පබ්ලිෂින්, අසූවේ අපි, හොරණ වාසනා බේකර්ස් සහ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ වෘත්තීය කණ්ඩායම එක්ව මෙම සංවාද සම්මන්ත්‍රණය සංවිධානය කළහ.

මෙම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති සුනන්ද මද්දුම බණ්ඩාර සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියන් රැසක් සහභාගි වූහ.

* * * * * * * * * * * * *

කලා අධ්‍යක්ෂවරුන් ලෙස්ටර් හමු වී

එරල් කෙලී, ලාල් හවීන්ද්‍රනාත් ඇතුළු ශ්‍රී ලාංකේය කලා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සාමාජිකයන් පසුගිය දිනෙක අපූරු ගමනක් ගියා. ඒ සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ගේ දුක සැප සොයා බැලීමට. එහිදී ඔවුන් ආචාර්ය ලෙස්ටර්ට සමරු ත්‍යාගයක් ද පිරිනමනු ලැබුවා. එහි අවස්ථාවක් සේයාරූගත වූ අයුරුයි.

* * * * * * * * * * * * *

සුමති නාම යෝජනා එළි දුටු දා

* * * * * * * * * * * * *

මේ මමයි මුහුරත්  උළෙල දා