වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




නිදහස් දිනයට ඓශ්වර්යා එයි

නිදහස් දිනයට ඓශ්වර්යා එයි

චිත්‍රපට අධ්‍යක්ෂ සන්ජේ ගුප්තා කාලයකට පසු කා අතරත් කතාබහට ලක් වෙන නිර්මාණයක් කළා. වසර කිහිපයක විවේකයකින් පසු සුරූපි ඓශ්වර්යා නැවතත් රිදී තිරයට කැඳවමින් අධ්‍යක්ෂණය කළ ජෙස්බා නොබෝ දිනකින් තිරගත කරන්න නියමිතයි.

ත්‍රාස ජනක කතා පුවතක් ගෙන එන ජෙස්බාහි ඓශ් සමඟින් ඉර්ෆාන් ඛාන් රංගනයෙන් දායක වෙනවා. කාලයක් පුරා ඔබ බලා සිටි ඓශ්ගේ වෙනස්ම රංගනයක් සමඟින් ඉන්දීය නිදහස් දිනය සැමරෙන අගෝස්තු 15 වැනිදා ජෙස්බා රිදී තිරයට පැමිණෙනවා.

එයින් පසුව තවත් චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කරන්නත් සන්ජේ දැනටමත් සූදානමින් සිටින බවත් බොලිවුඩයේ ප්‍රසිද්ධයි.