|
පුණ්‍ය කටයුත්තට පෝන් නම්බර්....
මොරීන් චාරුනී මේ දිනවල ගත කරන්නෙ හරිම බිසී ලයිෆ් එකක්. හැබැයි ටෙලි නාට්‍ය රංගන කටයුතු නිසා නෙවෙයි මොරීන් මෙහෙම කාර්යබහුල වෙලා තියෙන්නේ.
මෙහෙම නිළියන්ගෙ අංක හොයන්නේ ටෙලියක්වත් පටන් ගන්නදැයි ක්‍ෂේත්‍රය පුරා හාවක් හූවක් යනවා. මේ බව එහෙන් මෙහෙන් ආරංචිය දැනගත් සමහර නළු නිළියො මොරීන්ට කතා කර කර දුක සැප අහනවලු. ඒ අය නාට්‍යයක් කරන්නට යනවයි කියලා හිතාගෙන තමන්වත් ඒකට ගන්න කියලා නොකියා කියන්නට වෙන්න ඇති. කොහොම හරි මොරීන් ලාහෙට ගෙම්බො එකතු කරනවා වගේ තම හිතමිත්‍රයින්ව එක්කාසු කරගන්නෙ වෙන මොකවත් හින්දා නොවෙයි. එක්තරා ස්වේච්ඡා පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන්. ඒ මොකක්ද කියලා මොරීන් රහසක් හැටියට තියාගෙනලු ඉන්නෙ. කොහොම හරි ඉතාම සුබදායී සිතින් මොරීන් කරගෙන යන මේ කටයුත්තට අප සෙත් පතනවා. හැබැයි ඉතින් මේ පුවත දැකලා ඊළඟට මොරීන්ගෙන් එන දුරකථන ඇමතුම් අපේ අය ආන්සර් නොකර ඉඳියිද දන්නෙ නැහැ. මොරීන් ආධාර ඉල්ලන්න කතාකරනවා කියලා. අපෝ නැහැ. මේ එහෙම පුණ්‍ය කටයුත්තක් නෙවෙයි. |