වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඛාන් ත්‍රිත්වයට චරිත සහතිකයක්

ඛාන් ත්‍රිත්වයට චරිත සහතිකයක්

බොලිවුඩයේ ඛාන්ලා තුන්දෙනාට හොඳ චරිත සහතික ලැබීලා. ක්ෂේත්‍රයට දක්වන සහයෝගය වෙනුවෙන් මේ විදියට ඛාන් තුන්කට්ටුව ප්‍රශංසාවට ලක් කළේ චිත්‍රපට අධ්‍යක්ෂ විකාශ් භාල්. ෂාරුක්, අමීර් වගේම සල්මන් උත්සව සමයත් චිත්‍රපට වෙනුවෙන් යොදා ගැනීම නිසා කුඩා චිත්‍රපට නිර්මාණකරුවන්ට සිදුවන්නේ යහපතක්ලු.

බොලිවුඩයේ ඉහළින්ම සිටින මේ තිදෙනා බොහොම අපූරුවට කාලය වෙන්කරගෙන නිර්මාණ සඳහා දායක වීම ගැන ක්ෂේත්‍රයේ කවුරුත් කතා කරන්නේ ප්‍රශංසාවෙන්.

“අපි හැමදේම අතහැරලා චිත්‍රපට නිර්මාණයට කටයුතු කරනවා. ඇත්තටම අපි අලුත් දේ නිර්මාණය කරන්න කැමැතියි. එය අභියෝගාත්මකයි. නමුත් අපේ අරමුණ එය ජය ගැනීමයි” විකාශ් පවසනවා. විකාශ් කියන්නේ ෆිල්ම් ෆෙයාර් සම්මාන වගේම ජාතික සම්මාන පවා දිනූ නිර්මාණකරුවෙක්.

පසුගිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වුණේ ඔහු අධ්‍යක්ෂණය කළ ක්වීන් චිත්‍රපටය. අග්ලි, NH 10, බොම්බේ වෙල්වට් නිෂ්පාදනය කළ ඔහුගේ අලුත්ම නිර්මාණය ෂාන්ධාර්. ෂහිඩ් කපූර් සහ ආලියා භාත් එහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. යුරෝපයේ වෙසෙන ඉන්දීය පවුලක් වටා ෂාන්ධාර් කතාව ගෙතී තිබෙනවා.