වර්ෂ 2015 ක්වූ ජූලි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මසාන්ට බුහුමන්

මසාන්ට බුහුමන්

නීරජ් ගවාන් අධ්‍යක්ෂණය කළ මසාන් චිත්‍රපටය මේ වසරේ කාන් සිනමා උළෙල නියෝජනය කළ ඉන්දීය චිත්‍රපටය වුණා. එහිදි විචාරක සම්මානයක් සහ තවත් විශේෂ සම්මානයක් දිනා ගන්න මසාන් සමත් වුණා. කැමරා ඩි’ඹ් අංශයටන් එය නාමයෝජනා වුණා. කාන් සිනමා උළෙලේ මංගල දර්ශනය තැබූ මසාන් ලබන ජූලි 24 වැනිදා සිට ලොවපුරා තිරගත වෙන්න සූදානම්.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ නීරජ් මේ ගැන විශේෂ කතාවක් පසුගියදා පැවසුවා. ඔහු පවසන්නේ විදෙස් චිත්‍රපට උළෙලකදී චිත්‍රපටයක මංගල දර්ශනය පෙන්වීමේ සුබ වගේම අසුබත් තියෙනවාලු. අලුත් ප්‍රේක්ෂකයන් පිරිසක් හමුවිම සුබ විදියට දකින නීරජ් කලාත්මක චිත්‍රපටයක් ලෙසින් ලේබල ගැසීම අසුබ යැයි පවසනවා.

ඒ වගේම මසාන් මෙවර කාන් සිනමා උළෙල නියෝජනය කිරිම සියල්ලන්ටම ගෞරවයක් බවත් ඔහුගේ අදහසයි. අනුරාග් කාශ්‍යප් නිෂ්පාදනය කළ මසාන්හි රීචා චද්ධා, විකී කෞෂාල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.