වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




කික් දෙවැන්නෙන් ජැක්ලීන් එළියට

කික් දෙවැන්නෙන් ජැක්ලීන් එළියට

පසුගිය කාලය පුරාවටම අනුෂ්කා, විරාත්, රන්බීර්, කත්‍රිනා බොලිවුඩයේ පුවත් මවන්නන් බවට පත් වෙලා හිටියා. මේ දිනවල අලුත්ම කතාව පැතිරෙන්නේ සල්මාන් ඛාන් සහ ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ගැනයි. පසුගිය කාලයේ මේ දෙදෙනො අතරේ බොහොම සමීප මිත්‍රත්වයක් දකින්න තිබුණා.

පසුගිය වසරේ සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ සජින් නදියද්වාලා අධ්‍යක්ෂණය කළ Kick (කික්) චිත්‍රපටයේ වීර කාන්තා චරිතයක් ජැක්ලීන් නිරූපණය කළා. චිත්‍රපටය නිර්මාණය කරන කාලයේ යාළුකමට වඩා දුරගිය සබඳකමක් තිබෙන බවයි බොලිවුඩයෙන් ආරංචි වුණේ. ඒ වුණත් දැන් අහන්න ලැබෙන්නේ වෙනස් කතාවක්. දැන් මේ දෙදෙනා ටික ටික දුරස් වෙනවා කියලා ආරංචියි.

සල්මන් සහ සජිද් නදියද්වාලා මීළඟට Kick 2 චිත්‍රපටය හදන්න සූදානම් වෙනවාලු. ඒ වුණත් එහි ජැකලින්ට චරිතයක් නැතිලු. සල්මන් අලුත් Kick චිත්‍රපටය වෙනුවෙන් අලුත් කෙනෙක් හොයනවලු. සල්මන්ට පසුගියදා ලැබුණු නඩු තීන්දුවෙන් ඔහුගේ ජීවිතය උඩුයටිකුරු වුණා. ඒ වෙලාවේ හිතමිතුරු බොලිවුඩ් තරු රැසක් සල්මන් බලන්න ඇවිත් තිබුණා. ඒ වුණත් ඒ අතරේ ජැකලීන් නම් හිටියේ නැහැ.

සල්මන් නිෂ්පාදනය කරන Hero චිත්‍රපටය වෙනුවෙන් ජැකලීන් තෝරා ගෙන සිටියත් පසුව ඇය එයින් අයින් කරන්න තීරණය කරලා. ඇය එහි ගීතයක පෙර පුහුණුවීම් පවා කළ පසුයි මේ විදියට අයින් කරලා තියෙන්නේ.