වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි වඳුරෙක් කළ හදියක්

ටෙලි වඳුරෙක් කළ හදියක්

බල්ලෙක්, පූසෙක්, ගවයෙක් පැනලා පාරෙ ගිය මෝටර් බයිසිකල් පෙරලිච්ච අවස්ථා ගැන අපිට ඕන තරම් අහන්න ලැබිලා තියෙනවා. ඒ වගේ සිදුවීම් නම් බොහොම සමාන්‍යයි. නමුත් වඳුරෙකු විසින් මොටර් බයිසිකලයක් පෙරලූ පුවතක් ඔබ මීට කලින් අහලා තියෙනවද? ඒ මොහොතේ එහි ගමන් කළ තැනැත්තාට මොනවා හිතෙන්නට ඇතිද? අවාසනාවට එවන් වූ අකරතැබ්බයකට මුහුණ දුන්නෙ අපි හොඳටම දන්න කියන කෙනෙක්.

ඔහු තමයි මල් කැකුළක් ඉකිබින්ඳා, සිත්තරාවි, සුලෝචනා ඇතුළු නාට්‍ය ගණනාවක් අධ්‍යක්‍ෂණය කළ චන්දන සමරසේකර. චන්දන තමන්ගේ රාජකාරි කටයුත්තක් සඳහා මොරොන්තුඩුව හන්දියට ගියේ ඉකුත් සිකුරාදා දින. එහි සිට එන ගමන් චන්දන සිටි බයිසිකලයට මේ වඳුරා පැනලා. ඌ එල්ලිලා තියෙන්නෙ චන්දනගෙ කරේ. චන්දනට ඉදිරියේ කිසිත් පෙනෙන්නෙ නැතිව ගියාලු වඳුරගෙ දැඟලිල්ල අස්සෙ මෝටර් සයිකලයෙත් පාලනය ගිලිහුණු චන්දනව බිමට වැටිලා.

චන්දනගෙ දකුණු අත බිඳී ගිහින්. කකුල් දෙකම දැඩි ලෙස තුවාලවෙලා. ඔහු මේ වන විට කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ සිදුවීම ගැන තවමත් චන්දනට සිතාගන්න බැරිලු. ඒක හරියට චිත්‍රපට ජවනිකාවක් වගේ කියලා ඔහු කිව්වා. ඒ වගේම මෙවන් වූ කරදරයක් සිදුවෙලා මේ අන්දමින් හරි බේරුණු එක ගැන චන්දන තමන් අදහන සියලුම දෙවියන්ට පින් දෙන බව අවසන්කොට පැවැසුවා.