වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

සුබපැතුම්!

සමාජයේ විෂම සිදුවීම් ගීතය හරහා ගායනා කළ බයිලා ගායක ධනපාල උඩවත්ත ගායනවේදියාගේ පනස් වසරක සංගීත දිවියට සුබපැතුම්.
 

අතුල රම්‍යසිරි

පානදුර

ශ්‍රී අකුරේ කලාකරුවන්

ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍රීමත් ඉන්ද්‍රජිත්, ශ්‍රීමාල් වෙඩිසිංහ, ශ්‍රීලාල් අබේකෝන්, ශ්‍රියානි අමරසේන, ශ්‍රීමතී තිලකරත්න, ශ්‍රීනාත් මල්දෙනිය, ශ්‍රියානි මහවත්ත, ශ්‍රියානි ෆොන්සේකා, ධර්ම ශ්‍රී මුණසිංහ, රත්න ශ්‍රී විජේසිංහ, සම්පත් ශ්‍රී නන්දලෝචන, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, ජූඩ් ශ්‍රීමාල්, විමල් ජේ. ශ්‍රියාරත්න, රුවන් ශ්‍රීලාල්, ධර්ම ශ්‍රී කල්දේරා, ධර්ම ශ්‍රී රණතුංග


ඊ. දයානන්ද ද සිල්වා

සීනිගම, හික්කඩුව

ආරෝග්‍යා පරමාලාභා යළි විකාශය කරන්න

විවිධ ආරෝග්‍ය ශාලාවලත්, නිවෙස්වලත් පෞද්ගලික ආරෝග්‍ය ශාලාවල සහ නේවාසිකාගාරවලත්, රෝගීව සිට ප්‍රතිකාර ලබන බාල, මහලු සෑම දෙනාටම ඔවුන්ගේ මානසික සුවය ලැබීම සඳහා ශ්‍රී ලංකා වෙළෙඳ ගුවන් විදුලි සේවය මඟින් කාලයක සිට විකාශය කළ 'ආරෝග්‍යා පරමාලාභා' නම් වැඩ සටහන දැන් නවතා ඇති හෙයින් යළිත් වරක් එම වැඩසටහන විකාශය කිරීමට කටයුතු සලසා දෙන්නේ නම් අපගේ සිතට මහත් සතුටකි.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

අපි දෙන්නා හරි ආසයි

නීල පළිඟු දිය ටෙලි නාට්‍යයේ අමල් පෙරේරා ගායනා කරන යස ඉසුරු පතා ගීතයට අපි දෙන්නා හරිම ආසයි.
 

අක්ෂි රාජපක්ෂ, නන්දා ලියනගේ

මහවැව

අති විශිෂ්ටයි

හිරු රූපවාහිනියේ රාත්‍රී 9 ට විකාශනය වන දේවී ටෙලි නාට්‍යයේ දර්ශන් ධර්මරාජ් කලුවේගේ චරිතයට අති දුෂ්කර අන්දමින් පණ පෙවීම අති විශිෂ්ටයි. දර්ශන් ඔබට සුබ අනාගතයක්!
 

ඇම්. ඩී. විල්ෆ්‍රඩ්

කට්ටුව, මීගමුව

ජේ. එච්. ජයවර්ධනයන්ට

කැලණි පාලමෙහි මැම්බර් ලෙසින් ද, අධිෂ්ඨාන චිත්‍රපටයේ ලොකු හාමුදුරුවෝ චරිතය තුළින් ද නොමැකෙන සටහන් තැබූ ජේ. එච්. ජයවර්ධන ප්‍රවීණ නළුවා අප හැර ගියේය. තම ගැඹුරු කට හඬින් ගුවන් විදුලියේ හඬ කැවීම් මැදිරිය තුළ ද තම ආධිපත්‍යය පතුරුවාලීය. එතුමාට නිවන් සුවය පතමි.
 

රෝෂිණී ගෝමස්

කටුබැද්ද, මොරටුව

විශිෂ්ටයි

එදා එකමත් එක රටක සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ සනත් ගුණතිලක මෙදා තිරයට ගෙන ආ සිනහව අතරින් විශිෂ්ට චිත්‍රපටයක් ලෙස හඳුන්වා දිය හැකිය.

සිනහව අතරින් චිත්‍රපටයේ විශිෂ්ට රඟපෑම ඉදිරිපත් කරන්නේ සේමිණි ඉද්දමල්ගොඩයි. නිරෝෂා විරාජිනීගේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය තුළින් සිනහව අතරින් චිත්‍රපටයට ජීවයක් ලැබීම ප්‍රශංසනීයයි. විවාහ වී ඇති අයට හා විවාහ වීමට බලාපොරොත්තු වන අයට ආදර්ශවත් කතාවක් රැගත් සිනහව අතරින් කලකට පසු රිදී තිරයට ආ හොඳ චිත්‍රපටයකි.
 

මහනුවර උපනන්ද

අඟුලාන දුම්රිය ස්ථානය

නිපුනි ටානියාට

තිරගත වූ 'රන්ජා' චිත්‍රපටයෙන් සිනමාවට සම්ප්‍රාප්ත වූ නිපුනි ටානියා ඉදිරියට ද තව තවත් නව චරිත සමඟින් ඉදිරියටම පිය නඟන්න. ඒ වගේම සුරූපී නෙත් සිත් පැහැර ගන්නා මනා රූ සපුවකින් සපිරි ටානියා සිංහල සිනමාවේ දිලි දිලී බබළන තාරකාවක් වේවායි කියා ඉතාම සෙනෙහසින් පවසා සිටින්නම්. සුපිරි නළු රන්ජන් ඔබව සිනමාවට රැගෙන එමින් ඉටු කළ යුතුකම සැමදා රැකගෙන සිනමාව බබළවන්න.
 

මිල්ටන් ප්‍රනාන්දු

උතුරු මූදුකටුව

සිංහල සිනමාවේ ප්‍රථම චිත්‍රපටය යළි ප්‍රදර්ශනය කරන්න

ප්‍රථම සිංහල චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව කුමන රූපවාහිනී නාළිකාවක් ඔස්සේ හෝ ප්‍රදර්ශනය කරන්න. ඊට හේතුව තරුණ පරපුර දැනුවත් කිරීමයි.
 

වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

හර්ෂණ

සඳ දියවර සහ කුටු කුටු මාමා යන නාට්‍ය දෙකෙහිම එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන හර්ෂණ බෙත්මගේ ඉතා හොඳින් එම චරිතවලට සාධාරණයක් ඉෂ්ට කර ඇති බව සතුටින් කිව යුතුය. ඒ වාගේම අනෙකුත් ශිල්පීන් ද මනාව තම චරිතවල නියැළී ඇත. හර්ෂණ ඇතුළු ඒ සැමටම මම ජය පතමි.
 

ඉන්ද්‍රානි ආරියවංශ

ගල්කිස්ස

S.M.S.

සුළඟ වගේ ඇවිදින් ටෙලිය ගොඩාක් ලස්සනයි. කොහොමත් ඉන්දියානු ටෙලි නාට්‍ය ගොඩක් ලස්සනයි.
 

පී. එන්. ඒ. නිලූකා

අවිස්සාවේල්ල

ජීවන් කුමාරතුංගයන්ට මා යවපු ලිපිවලට කොතරම් කාර්යබහුල වුණත් පිළිතුරු ලිපි එවීම පිළිබඳව ඔබට මගේ හද පිරි ස්තූතිය.
 

පී. වයි. අනුලාවතී

කුඩගම, අවිස්සාවේල්ල

සියලු කලාකරුවන්ගේ උපන් දින තීරුව සකසන සිරි කහවල මහතාට හා සරසවියට මගේ තුති.
 

නදීක රණසිංහ

ගම්පහ

'ගින්දරී' ගින්දර වගේ නියමයි. එහි රඟපාන පබෝධා නියමයි.
 

ශාන්ත

පිටිගල

ජේ. එච්. ජයවර්ධනයන්ට. හාමුදුරුන්ගේ චරිතයට තාත්ත්විකව පණ පෙවූ ඔබ දක්ෂ නළුවෙකි. ඔබ නැති කළ කලා ලොව පාළුයි.
 

සෝමා එච්. පතිරණ

කහවත්ත

සන්ධ්‍යා කුමාරි හැටේ දශකයේ සිනමා අම්බරේ පෑයූ රුවන් තාරකාවිය ඔබයි. ඔබේ රුවින් ගිය සතියේ සරසවිය පසු කවරය සරසා තිබීමත් රසික අපට රසඳුනකි.
 

ආර්. එම්. එච්. රත්නායක

කිරිඳිවැල

අපේ ආදර රංගන ශිල්පිනී ආශා එදිරිසිංහ, ඔබේ ආදරණීය පියාණන්ගේ වියෝවට අපේ ශෝකය හා කනගාටුව. ආශා ඔබ නැවතත් පුංචි තිරයට එන්න කියා මම ආදරෙන් ඉල්ලා සිටිනවා.
 

එස්. වීරසිංහ

අනුරාධපුරය

සනත් ගුණතිලකගේ දක්ෂ රංගනයක් සිනහව අතරින් සිනමාපටයෙන් දකිමි.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

සදා සොඳුරු මතකයන් රැසක් සිංහල කලා ලොවේ සනිටුහන් කරමින් අපෙන් සදහටම සමුගත් ප්‍රතිභා පූර්ණ රංගනවේදී නාට්‍ය උපදේශක ජේ. එච්. ජයවර්ධනයාණෙනි, ඔබේ චරිතාංග රංගනය යළි කවදාවත් අපට දකින්න නොලැබේවි. අධිෂ්ඨාන චිත්‍රපටයේ නායක හිමියන් හා කැලණි පාලමේ මැම්බර් මහත්තයා ලෙසින් කළ විශිෂ්ඨ රංගනයෙන්ම ඔබේ දක්ෂතාවයන්ට කදිම නිදසුන් වේ. රසිකයින් තුළ නොමැකෙන ලෙස සටහන් කළ ඔබගේ අඩුව කිසිදා පිරවිය නොහැක. ඔබට අපේ ගෞරව ආදරය පුදමි.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

ශෂිකා අක්කගේ දඟකාර හීනෙ සිංදුව ගොඩක් ලස්සනයි. ඒකෙ අමුතුම ආර්ට් එකක් තියෙනවා. සුභානි හර්ෂණී අක්කගේ සිංදු ගොඩක් හැඟීම්බරයි. මේ දෙන්නගෙම සංගීත ජීවිතයට මගේ හද පිරි සුභපැතුම්.
 

ගයාන් මධුසංඛ

කනන්කෙ

සඳ දියවර ටෙලි නාට්‍යයේ පාලිත සිල්වා සංවේදී පියෙකුගේ චරිතයත්, තාරකා වන්නිආරච්චි සජානා නම් යුවතියගේ චරිතයත් කැපී පෙපෙනන සේ විශිෂ්ට අන්දමින් රඟපායි.
 

එච්. ඉන්ද්‍රපාල, එම්. තිලිනි මධාරා, ටී. එම්. මුතු මැණිකේ

සංඝමිත්තා මාවත

මුංහේන

විවාහක රූ රැජන තරගයට සහභාගි වෙන්නට වරම් ලැබු රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරියට සුභ පතමි.
 

අතුල රම්‍යසිරි

පානදුර

මේ ආදරයයි තමා මේ දවස්වල විකාශය වන ලස්සනම ටෙලිඩ්‍රාම එක. ඒකේ රුහි, ඉසිත හරිම ලස්සනයි.
 

මදුෂි

කිරිඳිවැල

0773042834 ඔබේ ප්‍රතිචාර sms මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්

ප්‍රතිචාර, සරසවිය,

ලේක්හවුස්, කොළඹ 10

යන ලිපිනය විවෘතය.