වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




එදා හඳමයි අදත් යෞවනයේ

එදා හඳමයි අදත් යෞවනයේ

බොලිවුඩයේ බිග් බී ට පසුගිය සතිය සුවිශේෂම සතියක් වුණා. පසුගිය සතියේ අමිතාබ් භච්චන් සහ ජයා බහදුරි පසුගියදා 42 වැනි විවාහ සංවත්සරය සැමරුවා. මෙවර සංවත්සරය සිහිපත් කරමින් අමිතාබ් පැවසුවේ ‘අපි අපිටම සුබ පතා ගත්තා’ යනුවෙනි. ඒ ගැන විශාල සතුටකින් හිටියත් මෙවර සංවත්සරය සමරන්න ජායා අමිතාබ් ළඟින් හිටියේ නැහැ. ජයා විදෙස්ගතව සිටියත් දෙන්නම හරිම ළඟයි කියලා තමයි අමිතාබ් කියන්නේ.

බිග් බීට දැන් වයස 72ක්. ජායාට අවුරුදු 67ක්. 1973 වසරේ ජුනි 03 වැනිදා අමිතාබ් – ජයා බොහොම සරළ සාමාන්‍ය උත්වයකින් විවාහ දිවියට එළැඹුනා. සාම්ප්‍රදායික බෙංගාලි ක්‍රමයට පැවැති විවාහ උත්සවයෙන් පසු මධුසමය ගත කළේ එංගලන්තයේ. අම්තාබ් සහ ජයාගේ ආදරණිය දරුවන් ස්වේතා දියණියත් අභිෂේක් පුතුත් මේ දෙන්නාගේම ලෝකය ආලෝකමත් කළා..