වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




පිටකොටුව වැඩ අරඹයි

පිටකොටුව වැඩ අරඹයි

හර්ෂ උඩකන්ද තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන පිටකොටුව ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා බෙල්ලන්විල රජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්විණි. පිටකොටුවෙහි ජීවත්වන සැබෑ චරිත කිහිපයක් වටා නිර්මාණය වන මෙය සඳුන් දොළමුල්ලගේ නිෂ්පාදනයකි.

ශ්‍රියන්ත මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, ගයත්‍රි ඩයස්, දසුන් පතිරණ, සඳනි පතිරණ, ප්‍රේමදාස විතානගේ, කුමාර තිරිමාදුර, නදීශා රංගානි දයාරත්න, කුමාර වඳුරැස්ස, සරත් කොතලාවල නෙතලි නානායක්කාර, කපිල කුමාර සමරකෝන්, සවන් සත්සර, සුගත් ජානක, කුමාර රණපුර, ගයාන් කාන්චන, ජයතිස්ස අතුලසිරි, ජගත් ඇපලදෙණිය, අනිල් ජයසිංහ, සුනෙත් මැල්සිරිපුර, ධනංජනි බණ්ඩාර, ලලිත් නවරත්න, ලලිත් කල්දේරා මෙහි රංගන දායකත්වය සපයති.

මහේෂ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂවරයාය. ඉන්දික ජයසුන්දරගේ රේඛීය නිෂ්පාදනයකි. චන්දන විජේකෝන් සහාය අධ්‍යක්ෂවරයාය. මධුර ප්‍රසාද් සංස්කරණයෙන් ද, ඩොරික් සමරසුන්දර කලා අධ්‍යක්ෂණයෙන් ද, චන්දන වැලිකල සංගීත අධ්‍යක්ෂණයෙන් ද, වික්ටර් කුරේ නිෂ්පාදන කළමනාකරණයෙන් ද, හර්ෂ මංජුල අංග රචනයෙන් ද මෙයට එක් වෙති.

පිටකොටුව හර්ෂගේ පළමු ප්‍රාසාංගික ටෙලි සිතුවම වන අතර ඔහු මීට ප්‍රථම උලත් එකයි පිලත් එකයි සිනමාපටය අධ්‍යක්ෂණය කරන ලදී.