වර්ෂ 2015 ක්වූ ජූනි 11 වැනිදා බ්‍රහස්පතින්දා




තහංචි බිඳ ගත් ප්‍රියංකා

තහංචි බිඳ ගත් ප්‍රියංකා

ලෝක රූ රැජනක් ලෙසින් අභිෂේක ලබා පසුව සිනමාවට පිවිසි ප්‍රියංකා චොප්රා බොලිවුඩ් සිනමාවේ රංගනයෙන් ඉහළ සාර්ථකත්වයක් ළඟාකර ගත් නිළියක්. මේ වන විට ඇයගේ රංගනය කා අතරත් කතාබහට ලක් වෙලා. පසුගිය දවසක ප්‍රියංකා තම අතීතයේ ලද අත්දැකීමක් යළිත් සිහිපත් කළේ එය හිතවත් රසික රසිකාවන් සමඟින් බෙදා ගනිමින්.

මේ වන විට තිස් දෙවැනි විය ගත කරන ප්‍රියංකා ලෝක රූ රැජන ලෙසින් කිරුළු පැළඳුයේ 2000 වසරේදී. ඒ සමඟින් සිනමාවට ආරාධනා රාශියක් ලැබුණත් පවුලෙන් ඇයට දැඩි විරුද්ධත්වයක් එල්ල වුණු බව ඇය පවසනවා. ඒ ඇය සාම්ප්‍රදායික පන්ජාබ් පවුලක සාමාජිකාවක් වු නිසා. දැඩි විරුද්ධත්වයක් පැමිණියද ආදරණිය මව සහ පියා තමන්ට සිනමා ලෝකයේ රිසි සේ සරන්න අත්තටු ලබා දුන් බව ප්‍රියංකා පසුගිය විශේෂ දවසක ප්‍රකාශ කලා.

සෝයා අක්තාර් අධ්‍යක්ෂණය කළ Dil Dhakne Do (දිල් ධක්නේ ඩූ) චිත්‍රපටය ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ප්‍රියංකා එය සිහිපත් කළේ මේ චිත්‍රපටය නිසා තම අතීතය සිහිපත් වීමෙන්. එහි ප්‍රියංකා අයේෂා නම් චරිතයට පණ පොවනවා.

නීති රීති, සම්ප්‍රදායන් මඟින් ඉන්දියාවේ කාන්තාවන් බොහොමයක් පෙට්ටියක දමා සේ සීමා කර ඇති බව ප්‍රියංකා පවසනවා. ප්‍රියංකාත් මෙහි අයේෂා ලෙසින් එවැනි චරිතයක් නිරූපණය කරනවා. අයේෂාගේ චරිතය එතරම් කතා කරන චරිතයක් නෙවෙයිලු.

Dil Dhakne Do චිත්‍රපටයේ ප්‍රියංකා සමඟින් අනිල් කපූර්, රන්වීර් සිං, ෆර්හාන් අක්තාර් සහ අනුෂ්කා ෂර්මා රංගනයෙන් දායක වෙනවා. මෙහිදී අනුෂ්කා පණ පොවන්නේ පවුලේ දැඩි විරෝධය හේතුවෙන් නිවෙසෙන් පැන ගොස් තම සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරනා චරිතයක්. Dil Dhakne Do සාර්ථක වූ චිත්‍රපටයක් බවට පත් වෙලා. පළමු දින දෙකේදී එය ඉන්දීය රුපියල් කෝටි 22ක් උපයාගෙන. පළමු දිනයේ ආදායම ඉන්දිය රුපියල් කෝටි දහයක්.