වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘ආදිත්‍යා’ මුහුරත් උළෙල

‘ආදිත්‍යා’ මුහුරත් උළෙල

ආදිත්‍යා නම් වූ නවතම සිනමා සිතුවමක මුහුරත් උළෙල පසුගියදා මොරටුව රන්මල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. පුනරුත්පත්තියක් සිහිපත් කරන ගැහැනු ළමයකු වටා ගෙතුණ කතා පුවතක් වන මෙහි සියලු රූගත කිරීම් සිදු වන්නේ ඕස්ට්‍රේලියාවේ වීම විශේෂත්වයකි. ආදිත්‍යා අධ්‍යක්ෂණය කරනුයේ චාලක ජයසිංහයි. මේ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වේ.

රොෂාන් රණවන, සුරේෂ් ගමගේ, විනු උදානි සිරිවර්ධන, රිතු ආකර්ෂා, අනු මධුමාලි සමඟ ජීවන් හඳුන්නෙත්ති ආදිත්‍යා රංගනයෙන් හැඩ කරයි. සමන් ජයසිංහ මෙහි නිෂ්පාදකවරයාය. චන්දන ජයසිංහ කැමරාව මෙහෙයවයි. ලස්සන ජයසේකරගේ කැමරා අධ්‍යක්ෂණයකි. ජීවන් හඳුන්නත්ති අංග රචනා ශිල්පියාය. ආදිත්‍යා ලක්මාල් ප්‍රනාන්දුගේ තිර පිටපතකට අනුව සැකසෙයි. ගැයුම් සුරේෂ් ගමගේ, උරේෂා රවිහාරි සහ ශානිකා මධුමාලිගෙනි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙදින උපුල් ශාන්ත සන්නස්ගල චාරිතානුකූලව පොල්තෙල් පහන දැල්වූ අයුරුයි