වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




ස්පන්දන 18දා

ස්පන්දන 18දා

සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ස්පන්දන සිනමාපටය මෙම මස 18 වැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය. මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි අශෝකමාලා, රොෂාන් රණවන, ශලනි තාරකා, දර්ශන් ධර්මරාජ්, ගිවන්ත අර්ථසාත්, තිසුරි යුවනිකා, ගිහාන් ප්‍රනාන්දු, නිමන්ති පෝරගේ, සඳුන් ලක්ෂිත ස්පන්දන හැඩකරන නළු නිළි පිරිවරයි.

මෙහි අධ්‍යක්ෂවරයා මෙන්ම තිර රචකයා සහ විධායක නිෂ්පාදකවරයා ද වන්නේ සුනෙත්ය. ස්පන්දන ජගත් එම්. යාපාගේ නිෂ්පාදනයකි. කැමරාකරණය සහ සහාය නිෂ්පාදනය ප්‍රභාත් රෝෂන්ගෙනි. අජිත් හත්වැල්ල කලා අධ්‍යක්ෂවරයාය. ධනුෂ්ක ජයවර්ධනගේ සහාය අධ්‍යක්ෂණයකි. උහන්ඕවිට අංග රචනා ශිල්පියාය. තාරක අධිකාරි නිෂ්පාදන කළමනාකරු වේ. උදය ශ්‍රී වික්‍රමසිංහගේ පසුබිම් සංගීතයෙන්ද නන්දන වික්‍රමගේ ගී පද රචනායෙන්ද උදය ශ්‍රී සහ උමාරියා ගීත ගායනයෙන්ද දායක විය.