වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




සෝනම්ට කුරුළු උණ

සෝනම්ට කුරුළු උණ

කුරුළු උණ පසුගිය කාලයේ රටවල් රැසකට වසංගතයක් බවට පත් වෙලා තිබුණා. මේ වසංගතය මේ වන විට බොලිවුඩයටත් පැතිරෙන්න පටන් අරගෙන. ඒ බව මුලින්ම ඔප්පු වුණේ සෝනම් කපූර්ගෙන්.

ශ්වසන ආබාධයක් නිසා මීට සති කිහිපයකට ඉහත දී රෝහල්ගතව සිට පැමිණි සෝනම් හට පසුගියදා යළිත් රෝහල් ගත වෙන්න සිදු වුණා. එහිදී කළ වෛද්‍ය පරීක්ෂණවලට අනුව ඇයට N 1 H 1  වෛරසය ආසාධනය වී ඇති බව ඔප්පු වෙලා. සුරාජ් භාර්ජ්‍යත්වා අධ්‍යක්ෂණය කරන Prem Ratan Dhan paayo චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර සෝනම් බොම්බායේ රෝහලකට ඇතුළත් කර තියෙනවා. මෙම රූගත කිිරීම් පැවතුණේ ගුජරාට් ප්‍රාන්තය අවට ප්‍රදේශ කිහිපයකයි.

Prem Ratan Dhan Paayo  චිත්‍රපටයේ සෝනම් සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සල්මන් ඛාන්. ඔහුව ද මේ වන විට වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරලා. ඔහුට නම් කුරුළු උණ වෛරසය ආසාධනය වී නොමැති බව ආරංචියි. ඒ වගේම චිත්‍රපට කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් ද වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කර මේ වන විට විවේක ගන්වා ඇති බවත් ආරංචියි.