වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජැකලින්ගේ ලංකා චිත්‍රපටය

ජැකලින්ගේ ලංකා චිත්‍රපටය

බොලිවුඩයේ දිදුලන ලාංකේය සුරූපිනිය ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් මේ වන විට හින්දි සිනමාපට රැසකටම සිය දායකත්වය ලබාදී අවසන්. ජැකලින්ට ආදරය කරන අපේ රටේ රසික රසිකාකවන් හැමදාම විමසුවේ ජැකලින් අපේ රටේ චිත්‍රපටයකට දායක වෙන්නේ නැත්තේ ඇයි කියලා. ජැකලින් පසුගියදා එයට පිළිතුරක් ලබා දුන්නා. ජැකලින් දායක වන මෙරට ප්‍රථම චිත්‍රපටය According to Mathew චිත්‍රපටයයි. චන්ද්‍රන් රත්නම් විසින් එය අධ්‍යක්ෂණය කරනවා. 1979 වසරේදී මැතිව් පීරිස් පියතුමා විසින් සිදු කරන ලද ද්විත්ව ඝාතන සම්බන්ධ කතාව මෙම චිත්‍රපටයට පාදක වී තිබෙනවා.

එම චිත්‍රපටයේ රූගත කිරීමක ඡායාරූපයක් ජැකලින් පසුගිය දා අන්තර් ජාලයට මුදාහැරියා. ඇය එහි මැතිව් පීරිස් පියතුමාගේ අත වෙළුම් පටියකින් ඔතන දර්ශනයක් ඇතුළත්. ජැකලින් මෙම චිත්‍රපටයේ ඩැෆ්නි රෙනෝල්ඩ්ස් නම් චරිතයට පණ පොවනවා. මීට අමතරව ඇය Definition of Fear  නම් හොලිවුඩ් චිත්‍රපටයටත් දායක වෙන්න නියමිතයි.