වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




රෝයිගේ අලුත් චිත්‍රපටයට සුමනාගෙන් වරමක්

රෝයිගේ අලුත් චිත්‍රපටයට සුමනාගෙන් වරමක්

සොයන අලුත් තරුව ඔබද?

රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ නිර්මාණය කරන නවතම චිත්‍රපටය හරහා තවත් නවක නිළියක් සිනමාවට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ඔවුන් සරසවියට දැන්වීය. වයස අවුරුදු 20ත් 25 ත් අතර රුවැති, රංගන හැකියාව ඇති, ඉංග්‍රීසි බස හැසිරවිය හැකි කෙනෙකු මේ සඳහා වඩාත් සුදුසු බව සුමනා අමරසිංහ වැඩිදුරටත් සඳහන් කරලීය. මේ සිනමාපටය සමඟ එකතුවීමට කැමැති අයකු වෙතොත්, රෝයි - සුමනා රංගන වරම, සරසවිය බාරේ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ළඟදී ගත් සේයාරුවක් සමඟ අයැදුම්පතක් එවා මෙහි මූලික සම්මුඛ පරීක්ෂණයට මුහුණ දිය හැකිය.