වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගිනස් පොතට යන සුගත්ගේ චිත්‍රපට වැඩ ඇරඹේ

ගිනස් පොතට යන සුගත්ගේ චිත්‍රපට වැඩ ඇරඹේ

සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන සිනමාපට හයක මුහුරත් උළෙල පසුගිය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. කුවේණිගේ දරුවෝ, අන්ධ සුන්දරී, සුපර් ස්ටාර්ස්, තෛ‍්‍රයිලෝක පත්‍රම්, මහා වංශයෙන් එහා වංශයේ, මහාරාවණා, ජුදාස්ට එරෙහිව ජුදාස්, බාලදක්ෂයෝ එම සිනමාපට වේ. මෙම සිනමාපට සියල්ලම නිෂ්පාදනය කෙරෙනුයේ හෙලවුඩ් ෆිල්ම්ස් වෙනුවෙන් ජගත් විශ්ව කුමාර වේ. චිත්‍රපට හයක් එකවර නිෂ්පාදනයවීමේ මේ කර්තව්‍ය දැකගැනීමට මැතිඇමතිවරුන් මෙන්ම ගිනස් වාර්තා පොතේ බලධාරීහු ද එහි පැමිණි සිටියහ.