වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

ඔස්කාර් සම්මාන චිත්‍රපට අපේ වෙළෙඳපොළට

අපේ ජීවිතවල කතාව

බෝයි හුඩ් (Boy Hood)

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සහාය නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවේ පැට්‍රිෂියා ආක්‍යුට්ය. ඒ බෝයි හුඩ් චිත්‍රපටයෙනි. ඇය සමඟ එලාර් සෙල්ට්‍රේන්, එලිජාස් ස්මිත්, ලොරේලි ලිනක්ලේටර්, ස්ටීවන් චෙස්රේ ප්‍රින්ස්, සිඩ්නි ඩර්මා, ලිචි විලාරි, ඒතන් හෝක්, මාර්සේ පෙරේලා, ජෙනී හොවාර්ඩ් රංගනයෙන් දායක වන බෝයි හුඩ් නිෂ්පාදනය සැන්ඩ්‍රා අඩේර් ගෙනි.

බෝයි හුඩ් චිත්‍රපටය රිචඩ් ලින්ක්ලේටර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ අතර මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය සඳහා ද බෝයි හුඩ් චිත්‍රපටය නාම යෝජනා විය. මේ චිත්‍රපටයේ විශේෂත්වය වනුයේ මෙහි ළමා චරිතය වසර දොළහක් පුරාම රූ ගන්වීමයි.

එක සිහිනයක් මුළු ලොවම වෙනස් කරයි

සෙල්මා (Selma)

අමෙරිකාවේ කළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මාටින් ලූතර් කිං විසින් ක්‍රියාත්මක කරන ලද සාමකාමී විරෝධය පදනම් කරගත් සෙල්මා අවා ඩුවර්නිගේ අධ්‍යක්ෂණයක්. මාටින් ලූතර් කිංගේ ජීවිත කතාව මේ චිත්‍රපටයට පාදක වී ඇත.

ඩේවිඩ් ඔයෙලෝවෝ, කාර්මන් එජෝගෝ, ටිම් රූත්, ලොරේන් ටච්යේන්ට්, ගියෝවාන් රිඩිජි, ඕමාර් ඩොර්යේ, ඇන්ඩ්‍රි හොලන්ඩ් රංගනයෙන් දායක වූ සෙල්මා නිෂ්පාදනය ඩේඩ් ගාඩ්නර් විසිනි’.

සෙල්මා චිත්‍රපටයේ එන ග්ලෝරි නම් වූ ගීතය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම ගීතය වශයෙන් සම්මානයට පාත්‍ර විය.

ද තියරි ඔෆ් එව්රිතින්ග් (The Theory of Every Thing)

මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී වඩාත් කතාබහට ලක් වූ චිත්‍රපටයකි තියරි ඔෆ් එව්රිතින්ග් චිත්‍රපටය.

ඒ කුතුහලය වඩාත් ඵලදායි ගන්වමින් පසුගියදා නිමා වූ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට තියරි ඔෆ් එව්රිතින්ග් චිත්‍රපටයේ රඟපෑ එඩී රෙඩ්මයන් සමත් විය.

එඩි රෙඩ්මයන් සමඟ ෆෙලිසිටි ජෝන්ස්, චාර්ලි කොක්ස්, එමලි වොට්සන්, සයිමන් මැක්බර්නි සමඟ ඩේවිඩ් තෙව්ලිස් රංගනයෙන් දායක වූ තියරි ඔෆ් එවරි තින්ග් චිත්‍රපටය ජේම්ස් මාෂ් ගේ අධ්‍යක්ෂණයකි.

මේ චිත්‍රපටය මෙවර ඔස්කාර් සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය වශයෙන් ද නාම යෝජනා වූ අතර තියරි ඔෆ් එව්රිතින්ග් නිෂ්පාදනය ටිම් බෙවන්, එරික් ෆෙල්නර්, ලිසා බෲස් සහ ඇන්තනි මැක්කාර්ටන් ගෙනි.

නිෂ්පාදක ටිම් බෙවන් මීට පෙර 2012 දී ලේ මිසරබල් 2007 දි ඇටෝන්මන්ට් 1998 දී එෂියාබෙන් යන චිත්‍රපට සඳහා ඔස්කාර් නාමයෝජනා ලැබීය. එරික් ෆෙල්නර් මීට පෙර එළිසබෙත්, ලේ මිසරාබල්ස්, ඇටෝන්මන්ට් සහ 2008 දී ස්රස්ට් නික්සන් චිත්‍රපට සඳහා නාම යෝජනා ලැබූ අතර ඇන්තනි මැක්කාර්ටන් මීට පෙර දෙවරක් ඔස්කාර් නාම යෝජනා ලබා ඇත. ලියා බෲස් ඔස්කාර් සඳහා නාම යෝජනා වූයේ ප්‍රථම වතාවටය.

ආදරයේ සුන්දරත්වය

අම්බාලා (Aambala)

නව පරපුරේ නළු විසල් රඟන නවතම චිත්‍රපටයයි අම්බාලා. ඔහු සමඟ හන්සිකා, මොට්වානි, පුභූ විහවස් රෙඩ්ඩි, සන්තනාම් සිටිප්, මධුරිමා මාධවි, ලතා, රම්‍ය, ක්‍රිෂ්ණන්, කිරන් රනෝඩ්, ආශ්වර්යා ශ්‍රිමාස්, තුල්සි ප්‍රදීප් රඟන අම්බාලා සුන්දර් සී ගේ නිර්මාණයකි.

තරුණයන් නීතිය අතට ගැනීම

උන්ග්ලි (Ungli)

මේ දිනවල ඉන්දියාවේ අති සාර්ථකව තිරගතවන උන්ග්ලි සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක චිත්‍රපටයකි.

රෙන්සිල් ඩි සිල්වා නිර්මාණය කළ නවතම චිත්‍රපටය වන උන්ග්ලි හොඳ රසාස්වාදයක් ලැබිය හැකි චිත්‍රපටයකි.

ඉම්රාන් භස්මි, රන්දීප් හුඩා, කන්ගනා රනවුට්, නෙහා ඩුපියා, අන්ගාඩ් බේඩි, නීල් බුපලාම් සමඟ සන්ජේ දත් රඟන උන්ග්ලි චිත්‍රපටයේ ආගන්තුක චරිත රංගනයෙන් ශාරදා කපූර් සමඟ අරුනොදේ සින් එක් වී ඇත.

හීරෝ යාශ් ජොහාර් සමඟ කරන් ජොහාර් උන්ග්ලි‘ නිෂ්පාදනය කර ඇත.

ඔහුට පාලනය කළ නොහැකි

ද බෝයි නෙක්ස්ට් ඩෝර්

සුප්‍රකට නිළි ජෙනිෆර් ලෝපේස් සමඟ රයන් ගුස්මන්, ක්‍රිස්ටින් චෙකොවෙන්, ජෝස් කෝර්ඩෙට්, ඉයන් නෙල්සන්, ලෙක්සි එට්කින්ස් රඟන ද බෝයි නෙක්ස්ට් ඩෝර් චිත්‍රපටය මේ දිනවල අප රටේ ද තිරගත වන ජනප්‍රිය චිත්‍රපටයකි.

ජෙනිෆර් මෙන් ක්ලෙයාර් නම් දික්කසාද කාන්තාවකගේ චරිතය නිරූපණය කරයි.

මෙය ජනප්‍රිය සිනමාකරු රොබ් කෙහේන් ටිසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය සරාගි ජවනිකා රැසකින් යුක්තය.
 

ලිව්වේ – කල්‍යාණ චන්ද්‍රසේකර

ඩී. වී. ඩී. අනුග්‍රහය - නීරෝ සී. ඩී. හවුස්

මල්වත්ත පාර